මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි.
එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි.
අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම මේ වන විටත් සිදු කරමින් සිටියි.










