නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පළමු වරට සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යම් සංවිධානයකින් යැයි පවසා වඩු කාර්මික ශිල්පියා ඝාතනය වූ ස්ථානයේ පිහිටි එළවළු වෙළඳසැලෙහි සේවකයින්හට (පෙබරවාරි 01 වැනිදා) පවසා ඇත්තේ මෙම සිද්ධියෙහි වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ හෙළි කරන්නේ නම් මුදල් ත්‍යාගයක් දෙන බවය.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම දෙවැනි දිනටත් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දෙමින් එළවළු වෙළෙඳසැලේ සේවකයින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.
ඔහු නැවත පැමිණෙන බව ප්‍රකාශ කර පිටව ගිය බව ද සාක්ෂි කරුවෙකු සඳහන් කළේය.
ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයක් කරන බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය. -BBC සිංහල










