• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලියාපදිංචි සැපයුම්කරුවන් ඉවත් කරලා! ටෙන්ඩර් පටිපාටිය වෙනස් කරලා! බෙහෙත් හිඟයි සෞඛ්‍යය කඩා වැටෙයි කියලා කැබිනට් පේපර් දාලා! මම දන්නේ නෑ කිව්වට අත්සන් කරලා තියෙන්නෙත් ඇමැති! වැඩිපුර මිලියන 144ක් වියදම් කරමින් ගේම් එක ප්ලේ කරන්න කෙහෙළිය පාර කපපු හැටි අධිකරණයේදී හෙළිවෙයි! I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
බාල ‌‌බෙහෙත් ගෙනා සිද්ධියට ‌ඇමැති කෙහෙළිය 15 වනතෙක් රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 15වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.Sri Lanka Latest News

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල මහතාව පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණි.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඔහුට චෝදනා එල්ලවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙනවිය ඉදිරියේ කරුණු දැක්වීම ඇරඹු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රශ්නගත “හියුමන් ඉමියුනොග්ලොබියුලින්” ප්‍රතිදේහ එන්නත් මාත්‍රා පිළිබඳ නඩුවේ 08 වන සැකකරු ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නම් කරන බවය.

“ස්වාමිනි, අද දින ඔබගේ අධිකරණයට මේ සැකකරු ඉදිරිපත් කරනු ලබන්නේ පොදු දේපොළ පනතේ 5/1 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ජනරජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන්.”

“මේ සැකකරු තමයි ප්‍රමිතියෙන් තොර ඇල්වතුර වැනි ඖෂධයක් යැයි කීමට පවා නුසුදුසු ද්‍රාවණයක් මේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ලබාදෙන්න සැලස්වීමට මූලිකවම වගකිවයුත්තේ. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් ඉවත්කරලා, ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ පෞද්ගලික සැපයුම්කරුවන්ට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වෙන්න පුළුවන් වෙන විදිහට පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා තියෙන්නේ මේ සැකකරු විසින්. එසේ පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස්වීමකට ලක්කළේ නැත්තම් කිසිදු විටක අදාළ සැපයුම්කරුට මෙවැනි ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සපයන්න ලැබෙන්නේ නැහැ.” 

“රටේ පැවති ආර්ථික වාතාවරණයට මුවාවෙලා සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හදිස්සි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ලෙසට වෙනස් කරන්නේම මෙම බාල එන්නත් මාත්‍රා සැපයු පළමු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබාදීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසයි ස්වාමිනි පළමු සැකකරු විසින් සිදුකළ රජයේ මුදල් රුපියල් මිලියන 144කට වැඩි ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්තේ.”

මෙහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළේය.

“ස්වාමිනි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති පත්කරන්නේ, නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින්. නමුත් ස්වාමිනි මේ විත්තිකුඩුවේ සිටින සැකකරු 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. රටතුළ ඖෂධ 182ක් හිඟයි සහ ඖෂධ 17ක් ශූන්‍යයි කියලා. මේ නඩුවට ප්‍රශ්නගත වෙන “හියුමන් ඉමියුනොග්ලොබියුලින්” කියන ප්‍රතිදේහ එන්නත් ඔය කියන කැබිනට් පත්‍රිකාවේ හිඟ යැයි සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ වන විට එහි හිඟයක් තිබිලා නැහැ.” 

“2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා මසකට එම එන්නත් මාත්‍රා 9500 බැගින් ඒ වන විටත් ලැබෙමින් පැවත ඇත්තේ ජාතික අවශ්‍යතාවය 7500ක් වූ පසුබිමකයි. එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා මෙම ඖෂධ සැපයුවේ නැත්නම් සති 03කින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවා කියලා. නමුත් ස්වාමිනි ඔය කියන හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් 2023 ජනවාරි වන විටත් සපයා තියෙන්නේ, ඖෂධ 182න් 09ක් පමණයි. එබැවින් ස්වාමිනි නොමැති ඖෂධ හිඟයක් මවාපාලා ඔහු මේ කැබිනට් පත්‍රය ඉදිරිපත්කරලා තියෙන්නේ මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය සැපයුම්කරුට ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වෙන්න. “

එමෙන්ම අදාළ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට පාදක වූ කිසිඳු ලේඛනයක් විමර්ශනවලදී සොයාගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මහෙස්ත්‍රාත්වරිය සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින්ගේ විමතියට හේතු කරමිනි.

“ස්වාමිනි, මේ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අතිරේක ලේකම් සමන් රත්නායක මහතා යටතේ ඇති අංශය තුළයි. එහෙත්, ස්වාමිනි අදාළ කැබිනට් පත්‍රිකාව සැදීමට පාදක වූ ලේඛන ඇතුළත් ගොනුවක් විමර්ශනවලදී අපට හමුවුණේ නැහැ. අඩුම තරමින් ඔය හදිස්සියි කියු ඖෂධ 182ක නම් ඇතුළත් ලේඛනයක්වත් විමර්ශනවලදී අපට හමුවුණේ නැහැ. “

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට යොමුවන්නේ කාගේ අත්සනින්ද යන්නය.

ඊට පිළිතුරු ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අමාත්‍යවරයාගේ අත්සනින් යැයි පැවසීමත් සමඟ 
මහෙස්ත්‍රාත්වරිය යළි විමසා සිටියේ එසේනම් අදාළ ලේඛන ගොනුව නොමැති බව පවසන්නේ කෙසේද යන්නය.

එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.

“මේ කැබිනට් සංදේශයට අදාළ ගොනුව විතරක් නොවෙයි ස්වාමිනි. කිසිදු ගොනුවක් සොයාගන්න නැහැ. ඔහුගෙන් ඊයේ මේ ගැන අහපුවාම කියනවා මම දන්නේ නැහැ අදාළ ලැයිස්තුව දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය සහ කැබිනට් පත්‍රිකාව හැදුවේ තමන් නෙවෙයි කියලා. නමුත් ස්වාමිනි අමාත්‍යවරයා සතු බලතලවල පැහැදිලිව තියෙනවා සෑම කැබිනට් පත්‍රිකාවකම වගකීම අමාත්‍යවරයා සතු බව.” 

එවක මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සපයන පෞද්ගලික සැපයුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් ගෙවීම් කරන්න එපා කියලා. ඒ උපදෙස් පවා නොතකමින් තමයි රුපියල් මිලියන 144කට වැඩි ගෙවීමක් කරලා තියෙන්නේ.” 

“පළමු සැකකරුගේ ගිණුමට මුදල් බැරවෙලා දින 03ක් තුළ සියලුම මුදල් ගිණුමෙන් ඉවත්කරගෙන තියෙනවා. එබැවින් ස්වාමිනි මේ සියලු කරුණු සලකා බලා මේ සැකකරු පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඔහු ඇප අයැදුම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අනතුරුව අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුවේය.

“ස්වාමිනි ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරටයි අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස සිටියදීම අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. පළමු කැබිනට් පත්‍රිකාවට අදාළ ගොනුව සොයාගන්න බැහැ කියන්නේම බරපතළ තත්ත්වයක්.  අමාත්‍යවරයෙකුට ඔහු ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට වගකියන්නේ නැහැ, කියන්න බැහැ. මේ කැබිනට් පත්‍රිකාව හදලා දුන්න එකක් කියලා නිකං අත්සන් ගහන්න අමාත්‍යවරයෙකුට බැහැ.”

අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද අධිකරණය ඉදිරියේ මෙලෙස කරුණු දැක්වුවේය.

” ස්වාමිනි අමාත්‍යවරයෙකු ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ පුරවැසියෙකු ලෙස හරිම කනගාටුවක් දැනෙනවා, එන්නත් කුප්පිවල වතුර තිබුණා කියලා ඇහෙද්දි. එබැවින් ස්වාමිනි මේ ප්‍රශ්නගත එන්නත් මාත්‍රා නිසා කිසියම් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත්නම් මේ සිදුවීම හුදෙක් පොදු දේපොළ යටතේ ගැනෙන වරදකට ලඝූ කරන්න එපා කියලා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” 

අනතුරුව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතායි.

“ස්වාමිනි මේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ සතෙකුට කන්න දෙන්න ආනයනය කළ පුන්නක්කු නෙමෙයි. ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගින්ට දෙන බෙහෙත්. එබැවින් ස්වාමිනී වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනල්ලා රටේ නීතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කරන්න.”

අනතුරුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා.”

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය මෙලෙස සිය නියෝගය ප්‍රකාශයට පත්කළාය.

“ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට තිබෙන්නේ හුදු සහභාගිත්වයක් පමණක් යැයි කියන්න බැහැ. මොකද අමාත්‍යාංශයක සියලු මුදල් ගෙවීම් සහ කටයුතු අධීක්ෂකයා අමාත්‍යවරයා. හුදු ලේඛනයකට අත්සන් කිරීමකට එහා ගොස් අමාත්‍යාංශයේ සියලු වගකීම් ඔහු සතුයි.”

“එබැවින් මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් මිලියන ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කරන්න ආධර අනුබලදීමෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් වගේම මේ 8 වන සැකකරුත් කුමන්ත්‍රණය කර ඇති බවට පිළිගන්න සාක්ෂි අධිකරණය ඉදිරියේ තියෙනවා. එබැවින් මෙම සැකකරුත් එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කරනවා.”

ඊට අමතරව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ප්‍රශ්නගත සැපයුම්කරු විසින් සිදුකරන ලද සියලු ඖෂධ සැපයීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ද කරන ලෙසය.

SendShareShare
Previous Post

නිදහස් උදහස් අදහස් I Sri Lanka Latest News

Next Post

පක්ෂයේ නිලතල දරනවා නම් පක්ෂය වට්ටන එක නෙමෙයි පක්ෂය දිනවන්නයි වැඩ කරන්න ඕන! සුජීවටත් සමහරු දැන් අවලාද නගනවා! සුජීව කියන්නේ සජබය හදන්න පුරෝගාමී වුණු කෙනෙක්! එතුමා හදන්නේ පක්ෂයවත් නායකයාවත් විනාශ කරන්න නෙමෙයි! පක්ෂය දිනවන්න! නායකයා හැටියට මට සුජීව ගැන තියෙන්නේ සුපිරි විශ්වාසයක්! සුජීව වේදිකාවේ තියාගෙනම සජිත් මේ ෂොට් එක දුන්නේ කාටද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.