කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ වූහාන් පළාත යළි විවෘත කිරීමෙන් පසුව සමස්ත නගරයම ආලෝකමත් කරමින් එය සැමරීමට චීන පාලකයන් කටයුතු කොට ඇත.
වයිරසය ව්‍යාප්ත වීමත් සමග ඉකුත් ජනවාරිි 23 වැනි දින සිට වූහාන් පළාත සම්පූර්ණයෙන්ම වසා දමා ලොක්ඩවුන් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් සති 11කින් පසු ඊයේ දින වූහාන් යළි විවෘත කිරීමට පියවර ගත් බලධාරීන් මුලු නගරයම ආලෝකවත් කොට වයිරසය පාලනය කිරීමට කටයුතු කළ සෞඛ්‍ය නිලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට ප්‍රණාමය පළ කිරීමට පියවර ගෙන තිබිණ.










