• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් උදහස් අදහස් I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Expect යන වචනය සිංහලෙන් “අපේක්‍ෂා කරති” යන පරිදි වියරණ නීතිය අනුව නිවැරැදි වේ. එය “අපේක්ෂා කරයි” යන ඒකවචන පදය වෙනුවෙන් අගට S අක්‍ෂරය එක්කර Expects වශයෙන් ලියයි. අපේක්‍ෂා කළා යන අතීත පදය සකස්කර ගැනීමට ed යන අක්‍ෂර අගට එක්කර Expected ලෙසින් ලියති. අපේක්‍ෂිත අන්දමට යන වචනය වෙනුවෙන් අගට ly එක්කර Expectedly පරිදි සකසා ගැනේ. අනපේක්‍ෂිත අන්දමට පදය හැදෙන්නේ මුලට Un යන අකුරු එකතුකර Unexpectedly ලෙසින් සකසා ගැනීමෙනි. මේ අනුව අපේක්‍ෂාව Expectation වේ.(Sri Lanka Latest News)

ඉංගිරිසි භාෂාවේ නිරුක්ති විද්‍යාවේ දී Etymology (වචනයක මූලාරම්භය සහ විකාශනය පිළිබඳ අධ්‍යයන විද්‍යාව) පද වර්ධනය ඉගැන්වෙන්නේ ඒ අන්දමටය.

මේ අටුවාව (කරුණු පැහැදිලි කිරීම) ලියුවේ අද පෙබරවාරි 04 වැනිදා හෙයින් අපේ රටේ (සිරිලංකාවේ) උත්සවාකාරයෙන් සහ අභිමානයෙන් සැමරෙන 1948 පෙබරවාරි 04 වැනිදා ලැබුණා යැයි කියන නිදහස ගැන ඩිංගිත්තක් කීමටය.

අදට හරියටම අවුරුදු හැත්තෑහයකට (76) පෙර ඒ කාලයේ අයිවර් ජෙනිංස් නමැති මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් රාජකාරි කරන සමය වන විටත් විවාහකයෙකි. (අපට ආණ්ඩුක්‍රමය ඉගෙන ගන්න සිදුවූයේ ඔහු විසින් ලියන ලද රැජිනගෙ ආණ්ඩුව කියවීමෙනි. අනිත් පොත හැරල්ඩ් ලැස්කිගේ දේශපාලන විද්‍යාවයි.)
රාජකාරිය “උණක් නොව නිමෝනියාවක්” කරගත් උන්ට (කැපවූ අයට) ගෙයක් fදාරක්, ගෑනියෙකු දරුවෙකු ගැන සිහියක්පතක් ඇත්තේම නැති තරම්ය. ඔළුවෙ ඇත්තේ (ඇතැම් මාධ්‍යවේදීන්ට මෙන්) කළ යුතු කාර්යභාරය, වගකීම පමණි. ඒ නිසා ගෙදර ගෘහ මූලිකයාගෙන් අහන්න වෙන ‘රොස්පරොස් ඇනුම් බැණුම් අඩුපාඩු ඇගැස්ටි’ බුදු අම්මෝ..ඕ..ඕ..කියලා වැඩක් නැත. (දන්නෝ දනිති)

අයිවර් ජෙනිංස් උන්නැහේගේ නෝනා පිටරටක කෙනෙකු වුවත් මේ ලෝකෙ කාන්තාවකි. ඇයටත් අපේ රටේ බඩුවලට මෙන්ම අර ”දස්ටදිස්ටිවලින්” (ඇණුකෙටුං) අඩුපාඩුවක් නොවන්නට තිබෙන්නට ඇත. එපරිද්දෙන් දවසක් ඇය මුහුණ හපුටු කරගෙන “පුප්පං මිලායාති)” ටයිප් එකෙන් උන්නීලු.

මහාචාර්යතුමා ඊට හේතුභූත කරුණු කාරණා කිම්දැයි විමැසූ කල්හි “මගෙ උපන්දිනෙත් එනව ඒකට මගෙ යාළුවො ටිකටවත් එන්න කියල ගෙදර උත්සවයක් තියන්න ඔයාගෙ කිසිම උනන්දුවක් නෑ” යැයි ඇය ප්‍රේමණීය අන්දමට කීයේලු.

ඒ ඇසූ මහැදුරු (මහාචාර්ය) අයිවර් ජෙනිංස් තුමාණන් විසින් ”අයියෝ ඕක සුළු දෙයක්නෙ ඩාලිං, ඔයාගෙ උපන්දිනේට මුළු රටේම මිනිසුන් ලවා උත්සවයක් පවත්වන්න මම කටයුතු කරන්නං කො” යැයි පවසා ඇය අස්වසන ලද්දේලු.

ඉතින් අපේ සිරිලංකාවට නිදහස ලැබුණු දිනය වශයෙන් සලකා පෙබරවාරි 04 වැනි දින උත්සව පවත්වන අතර, නිදහසට නිරුක්තිය අයිවර් ජෙනිංස් නෝනාගේ උපන්දිනය ද හේතුකාරක වූ බව දන්නෝද අතළොස්සකි. (ඔය කතාව මට කිසියම් සඟරාවක තිබී පෙන්නා දුන්නකි)

අපට නිදහස දුන්නා යැයි ඔය කියන විශේෂ දිනයේ එවකට ආණ්ඩුකාර හෙන්රි මන්ක් මේසන් මුවර් උන්නාන්සේ එවක අග්‍රවිනිශ්චයකාර ජෝන් හොවාඩ් උන්නාන්සේ ඉදිරියේ එදින උදැහැනැක්කේම දිවුරුම් දුන්නේය. එවකට හිරු නොබසින අධිරාජ්‍යයේ අධිපති 6 වැනි ජෝර්ජ් මහරජාණන්ගේ සොහොයුරු ග්ලෝස්ටර් ආදිපාදවරයා බොසාගේ නියෝජිතයා වශයෙන් සහභාගි වී නිදහස පිළිබඳ අක්තපත්‍රය ප්‍රකාශ කෙළේය.

fදාන් ස්ටීවන් සේනානායක අපේ මෑන් අගමැති වශයෙන් දිවුරම් දුන්නේය. රටට නිදහස දීමේ පිරීතිය නිමිත්තෙන් අපේ අගමැතිතුමාට පාවිච්චිය සඳහා රෝල්ස් රෝයිස් මෝටර් රථයක් සමග සෙංකෝලය මහා බි්‍රතාන්‍යයෙන් පිරිනමා තිබුණේය. ඒ අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනා කරද්දී රට පුරා ඝාණ්ටාර හැඬවුණේලු.

නිදහස ලැබීමේ උත්සවය එදින (04දා) සැමරුවද ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය පවත්වා ඇත්තේ පෙබරවාරි 10 වැනිදාය. වර්තමානයේ ඇති නිදහස් චතුරස්‍රය එදා තිබුණේ නැත. ඒ වෙනුවට විශේෂ මණ්ඩපයක් ඉදිකර උත්සව මාලාව පවත්වා තිබේ.

ඔන්න ඔය දවසේ ඔන්න ඔය කියන අන්දමට එසේ ලැබුණා යැයි කියන නිදහස කිසිම අංගපුලාවකුත් වලංගුවකුත් නැති එකක් බව කියමින් දේශ හිතෛෂියෝ මොර දෙන්නට වන්හ.

“කොඩිගහ අපගේ එහෙත් ලණුව සුද්දගේ, සුද්ද තරහ වුණෙත් නැත. යන්ඩ ගියෙත් නැත.” යන පරිද්දෙන් නන්දා මාලිනී අනේ මංදා නාහෙන් අඬමින් ගීතද ගැයුවාය.

අපේ නිවෙස තිබුණේ කොළඹ – මහනුවර දුම්රිය මාර්ගය අද්දරය. ඒ පාරේ එක්දහස් අටසිය පනස් ගණන්වලින් (1850න්) පසුව (සුද්දගෙ කාලයේ පටන්) හූ කිය කියා දිවගිය මෙදා (වර්තමානයේ) හෝන් ගගහා අපේ නිවෙස ඉදිරියෙන් දුවන දුම්රියද එදා මෙදා අතර කාලය තුළ මහා වෙනස්කම් පාමින් අදත් දුවයි.

වෙනස මේකය. අප කුඩා කාලයේ සිට සෑහෙන ඉලංදාරින් වෙනතුරු (1966 පමණ වන තෙක්) කොසකොස ගගා දිව ගියේ කෝච්චියය. කෝච්චි යැයි හඳුන්වනු ලැබ තිබීම ගැන භාෂා විශාරදයන් අපට නිරුක්ති කියා දුන්නේ “කෝච කෝච ශබ්දං කරෝතීති කෝච්චි”වශයෙනි.

ඒ කෝච කෝච ශබ්දං ඇතිකළේ තාප බලයෙන් Power of steam ධාවනය කෙරුණු හෙයිනි. තාපය නිපදවීමට ගල් අඟුරු සහ ජලය නිතිපතා ඇංජිමට යොදන්නට සිදුවිය. රියැදුරු අමතරව ඒ කාර්යය සඳහා වෙනම සේවකයෙක් ඇංජිමේ උන්නේය. ඒ නිසා අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන මේ යකඩ යකා බලන්නට පොඩ්ඩෝ පමණක් නොව ලොක්කෝ ද ඉතා ආශාවෙන් දිනපතා රැස්ව උන්හ.

විශේෂ කෝච්චි වූයේ ඒ කාලයේත් මේ කාලයේත් රාත්‍රි අටයි පහළොවට (8.15) කොළඹ කොටුවෙන් බදුල්ල බලාත් එසේම හැන්දැෑවේ පහකුත් ගණනට බදුල්ලෙන් කොළඹ කොටුව බලාත් ධාවනය කෙරුණු තැපැල් දුම්රිය දෙකය. ඒවා එතෙක් මෙතක් ධාවනය කෙරුණු දිගම දුම්රිය දෙකය. පෙට්ටි (මැදිරි) පහළොවක් හෝ දාසයක් හෝ තිබිණි. ඒ දෙක ඉතාම වටිනා දුම්රිය දෙකය. සුද්දන් තම වතුවල පඩි ගෙවන්නට සල්ලි ගෙනිච්චේද, තැපෑලෙන් සල්ලි යැව්වේද ඒවායේ නිසාය. ඒ කෝච්චි දෙකේම මැදක් හරියක් වෙන්නට තිබූ පෙට්ටියේ ඉංගිරිසි සිංහල සහ දෙමළ යන තුන් භාෂාවෙන්ම ලොකු අකුරින් රෝයල් මේල් Royal Mail යන්න ලියා තිබීමය.

සුද්දාගෙන් අපට 1948 නිදහස ලැබුණා නම් රෝයල් මේල් වෙන්නේ කෙසේ දැයි අධිරාජ්‍යවාදී ධනපති පාලනයට (එකල යූ.ඇන්.පියට) විරුද්ධ වූවෝ කෝචොක් කරන්නට ද වූහ. ඒ කෝචොක් මැද්දේම 1972 වනතුරුම ඒ මේල් දෙක (මහජනයා ඒ තැපැල් දුම්රිය දෙකට දී තිබූ නම) සෑම දිනෙකම කඳු නැග එපරිද්දෙන්ම සෑම දිනෙකම පාන්දර පල්ලම් බැස්සේය.

අධිරාජ්‍ය විරෝධී ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ද බලයට ආවේය. ඒ වන විටත් (කටුනායක) තිබුණේ Royal Ceylon Air Force සහ Royal Ceylon Navy මිසක් තනිකර Made in Ceylon කියා නොවේ.

ජේ.ආර්. ජයවර්ධන උන්නැහේගෙ කාලෙ ලංකාවට ගෙන්වූ I.P.K.F නොහොත් ඉන්දියන් සාම හමුදාව (උතුරේ ජනතාව ඒ හමුදාව හැඳින්නුවේ Innocent People Killing Force යනුවෙනි) ආපහු යවන ලෙසට ඉල්ලා සිටි ආකාරයෙන්ම අධිරාජ්‍ය විරෝධීහු ද බි්‍රතාන්‍ය කඳවුරු ඉවත් කරගන්නා ලෙසට එදා යකා නැටූහ. ඔය අතරේ බණ්ඩාරනායක මහතා දිවංගත වූවේය.

ඉතින් ඒ රෝයල් මේල් හංවඩුව ගැන පමණක් නොව එංගලන්තයේ මහ රැජිනට යටහත් පහත්ව ගෞරව බහුමානයෙන් යුතුව රටවැසියන් දිවුරුම් දීම් ආදිය ගැනද ඉතා දුකෙන් සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමා බලයට පත්වූ විට සියලු අධිරාජ්‍යවාදී බැමි උනා (ලිහා) දමන බවට පොරොන්දු දී 1970 දී තුනෙන් දෙකේ බලයක් ලබා අගමැති ධුරයට පත්වීමෙන් පසුව 1972 මැයි 22 දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිකරණ ඇමැති කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ උපදෙස් මත වෙනස් කර රජය ජනරජයක් බවට පත්කර කීවාක්ම කළාය. එසේ කර පෙබරවාරි 04 වැනි දින සැමරූ නිදහස් දිනය ජනරජ දිනයක් වශයෙන් නම් කළාය.

එහෙත් හයෙන් පහක බලයක් ලබාගෙන 1977 දී බලයට පත් ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිතුමා (නායකතුමා) ජනරජ දිනය යන නම වෙනුවට පෙර පැවැති නිදහස් දිනය යන නමින්ම ඒ දිනය පසුව නම්කර 1978 නිදහස් දිනය සැමරුවේය. දැන් ඉතින් නිදහස ගැන ඒ ජාතියේ කතා නැත. කූල්ඩවුන් එකේ යන්නේය.

ඉංගිරිසි නිරුක්ති විද්‍යාවේ වචන විස්තාපනය වූ පරිද්දෙන්ම 1978 පටන් අපේ නිදහස ද මේ වනවිට අතු ඉති රිකිලි අංකුර මොටයි (මොටෙයියන්) Roots පමණක් නොව බොම්බමොටයිද දමා ඉතුරුම් පැතුරුම්ව දෙගොඩතලා ගොස් ඇත්තේය. ඒ නිසා දැන් ආර්ථික නිදහසද, කතාකිරීමේ (භාෂණ) නිදහසද ආදී වශයෙන් දාහක් දේය.

හැබැයි අපේ නිදහස ගැන අදට වසර දෙදහස් පන්සිය හැත්තෑවකට පමණ කාලයකට පෙරදී බුදුන්වහන්සේ විසින් අංග කීපයකට විභජනය (බෙදා) කරනු ලැබ තිබූ සේක් නම් කිය යුත්තේමය. ඒ කාන්තා නිදහස (අයිතිය) චෛතසික (මානසික) සහ කායික ආදි වශයෙනි.

අපේ නිදහසේ ප්‍රභේද වර්ධනය ඉහළ තලයකට ආවේ නම් මෑත භාගයේ හෙවත් 1948න් පසුවය.

බටහිර ජාතීන් පැමිණි 1505 සිට පමණක් නොව ඊට පෙර මිනිහා කොළ අතු ඇන්ද යුගයේ පටන් කතා කිරීමේ (භාෂණ) නිදහස තිබුණේ දැයි යන්න නම් සැකයකි. ඒ සෑම රැහැකටම රැහේ (කණ්ඩායමේ) නායකයකු සිටි බැවිනි. සියල්ලෝම උහුගේ බසට අණට අවනත (යටත්) විය යුත්තෝය. පසුව රැහේ ඒවා (කණ්ඩායම්) ගණනාවක් ගෝත්‍රයට යටත් විය යුතු වූවේය. ඒ නායකයාට (නායකයන්ට) එරෙහිව කතා කිරීම මරණය ගෙන දෙන්නකි.

King’s will is the law වූයේ එහෙයිනි. රජ්ජුරුවන්ගේ හිතිවිල්ල (කැමැත්ත) නීතිය වූයේ එහෙයිනි. සිතුවිල්ලත් ඇති වන්නේ හිතේය. මනැසේය. ඊට හදවත යැයිද කියති. එය පිබිදීමකි. දීප්තියකි. හදවතේ ඇතිවන දීප්තිය භාෂාව ලෙස පැරණි වෛයාකණිකයන් (භාෂා විශාරදයන්) හඳුන්වන ලද්දේ එහෙයිනි. (භාෂන්තේ හෘද් ගතානාර්තං භාෂා) එමගින් කෙරෙන්නේ හිතේ ඇතිවන අදහස් පැවසීමය. ඒවා ඇසීමට හෝ කීමට හෝ කෙනකු සිටිය යුතුය. වචනයෙන් කියන දේ කියන්නාට අවබෝධ නොවී බීරි අලින්ට වීණා ගැයීමක් වුවහොත් ඔවුනට (ශ්‍රාවකයාට) තේරුම් වන්නාවූ භාෂාවකින් එම පණිවුඩය කිවයුතු බවද රටේ ප්‍රජාව කාලානුරූපව හොඳහැටි තේරුම් ගත්හ.

එසේ හෝ තේරුම් කෙරෙන භාෂාව කුමක් දැයි යන්න අපේ රට වාසීන් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා පෙන්නුම්කරනු ලැබ ඇති බව ඉතිහාසය පුරා මෙතෙක් වාර්තාගත සිද්ධීන්වලින් ප්‍රත්‍යක්‍ෂය. අපේ රටේ කැප්පෙටිපොළලා, පුරන් අප්පුලා, ගොන්ගාලේගොඩ බණ්ඩලා කඩුව, දුන්න අතට ගත්තේ ඔය ටිකම කියන්නටය. තිබ්බතයේ (ටිබෙට්) ක්වාන්ඩක් හිමියන් දීනයේ බෞද්ධ සංහාරයට එරෙහිව ගිනිතියාගෙන අපවත් වූයේ එහෙයින්ය.

ඇඟපත හයිහත්තිය ඇති අපේ රටේ අප්පුලා බණ්ඩලා පමණක් නොව හයහතර නොදත් මද්දුම බණ්ඩලා පවා පාලකයන්ට කියා දුන්නේද ඔය ටිකමය. එහෙත් අප්පුලා බණ්ඩලා කී ඔය දේ දැං ඉන්න ජුන්ඩලාට නොතේරෙන එක විනාශයක ආරම්භයකි. අපේ රටේ කරුමයකි.

අපේ උන් කතාකරන භාෂාවෙන් කියන දේ පාලක පක්‍ෂය ඇතුළු ලොකු ලොක්කන්ට නොතේරෙන බව ජාත්‍යන්තරයට පවා පැහැදිලි වූයේ රටේ ආර්ථික නිදහස පරලොව ගොස් අඹුදරුවන් පවා කුසගින්නේ මියයන්නට සිදුවූ කලය. විදේශික යාචකයන් (හිඟන්නන්) පවා තමන් විසින් හිඟාකා උපයා සපයා දෙන ලද දෙයින් අපට යැපෙන්නට සිදුවිය. පාසල් යන දරුවන්ට කඩචෝරු කන්නට දෙන පොකට් මනීවලින් යැපෙන්නට අපේ පාලකයෝ අපට වැඩ සිද්ධ කළහ. (අපේ රටේ විලිලැජ්ජාව ඇති පාලකයෝත් ඇත්ද?)

වචන හරඹය පැත්තකට දැමූ අපේ කොල්ලෝ අරගල කළහ. ඇන්.ඇම්. පෙරේරාලා, කොල්වින්ලා, පීටර් කේනමන්ලා, ඇස්.ඒ. වික්‍රමසිංහලා මෙන් ”සාදුකින් පෙළෙන උන් දැං ඉතිං නැගිටියව් – අන්තිම..අ..අ..අ සටනට..අ..අ..අඅ සැරසියව් කීවේ නැත. එහෙත් තුන් ලෝකේම අල්ලේ නැටවූ රාජපක්ෂලා කල්පාන්ත ලෝක විනාශයට හමන චණ්ඩ මාරුතයට අසුව ගසාගෙන යන පරඬැල් පත් සේ පැත්ත පළාතේ නොසිට පස්සවත් නොබලා පැන දිව්වෝය. නාස් ලණුව කඩාගත්තා සේ දුවන උං මේච්චල් කිරීමට රට්ටු පෙළපාළි උද්ඝෝෂණය කළෝය.

මුන් වැන්නන් තවත් කොන්ද කෙළින් තියාගෙන සිටින්නේ නම් තමන් වැන්නන්ට බලයේ රෑඳී සිටිය නොහී සිදුවන කෙළවීම නොවැළැක්විය හැකිම වන්නේම යැයි සිතූ මොට්ට මෝල්වහන්සේලා දැලකින් සුළං බඳනා සේද, පොල් කට්ටකින් හිරු සඳු වසන්නට වළිකන්නා සේද, ආඳා යවා තබා වලපත අල්ලන්නා සේද සිතාමතා මුන් තුන්කුදුස් කරන්නට කොඳුකඩා දමන්නට අනේක විධ පිඹුරුපත් තනා අණපනත් අනා ගෙනෙන්නෝය.

එසේ කළ විට මුන්ට පෙළපාළි, උ්දඝෝෂණ කරන්නා තබා කටක් අරින්නට වරම් නැතිවන්නේමය. පේස්බුක් බලු බුහ් කරන්නේමය. යූටියුබ් ටයර් ටියුබ් කරන්නේමය. එසේ කරන්නේ මම්ම වේදැයි කියන්නේය.

මින්මතු මත්තේ රටේ කන්න අඳින්න ලෙඩට දුකට බේත් හේත් නැති විටෙක මුං කටක් අරිනවා තබා හඬ නැගෙන පරිද්දෙන් වාතයක් පිටකරන්නේ ද නැත.

ඔන්න ඔය ආනිශංසය අත්කර දීම වස් ඊයෙ පෙරේදා ගෙනා මොකක්fදා් බිබික්කමක් නිසා නෝ කතාය. නෝ සිනාය. එතකොට වන්දාං ෂරි පෝනාං ෂරිය.

පොඩ්ඩක් හෝව්…

ඒකට ඉතිං වාරියපොළ සුමංගල, කුඩහපොළ වැනි හාමුදුරුවරුන් ගැච්චූ මහා පතේ ගච්චාමි කීම විනා වෙනත් විකල්පයක් නැති බැව් සිත්හි තබා ගන්නවා යෙහෙකි. මන්ද ගොන්ගාලෙන් පමණක් නොව සිංහ ලෙන්වලින්ම සිංහයෝ රංචු පිටින්ද, පුරන්වලින් පමණක් නොව සශ්‍රීක යායවල්වලින්ම කුලප්පු වුණු අප්පුලා රොද බැඳගෙන එන දිනය ද වැඩි ඈතක නොවන්නට හැකි නිසා වෙනි.

ඩොනමෝර් සාමිවරයා අපට සර්වජන ඡන්ද බලය යෝජනා කරමින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කර තිබුණේ ලැබෙන නිදහස වල්බූරු නිදහසක් නොවිය යුතුය යන්නය. එහෙත් අපේ ඇති නිදහස වල් නිදහසක් කරන්නට තතනන්නේ මොන බූරුවා දැයි යන අන්දමට නිදහස ගැන හිතේ නැගෙන උදහස් අදහස් කියන්නට නම් නොහැකිය.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කෝටි 43ක දේපළ යුක්තියෙන් අල්ලයි! Sri Lanka Latest News

Next Post

ලියාපදිංචි සැපයුම්කරුවන් ඉවත් කරලා! ටෙන්ඩර් පටිපාටිය වෙනස් කරලා! බෙහෙත් හිඟයි සෞඛ්‍යය කඩා වැටෙයි කියලා කැබිනට් පේපර් දාලා! මම දන්නේ නෑ කිව්වට අත්සන් කරලා තියෙන්නෙත් ඇමැති! වැඩිපුර මිලියන 144ක් වියදම් කරමින් ගේම් එක ප්ලේ කරන්න කෙහෙළිය පාර කපපු හැටි අධිකරණයේදී හෙළිවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.