• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට රොබොටික් තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය උගන්වන ලෝකෙක ටියුෂන් යන්න සල්ලි නැතිව සියදිවි නසාගත් පුංචි අයිෂා I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැරැද්ද කාගෙද-කොතැනද?

රටේ ආර්ථික අර්බුදය එන්න එන්නම වැඩිවෙමින් තියෙනවා. ඒවා අවසානයේ දරාගන්න වෙන්නේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට. ලැබෙන සොච්චම් වැටුපෙන් පවුලේ වියදම්වලින් භාගයක්වත් පියවගන්න බැරි වෙනකොට ඒ මිනිස්සු කොයි තරම් අසරණ වෙනවද? දරුවන්ට උගන්වන්න, ඔවුන්ගේ අනෙකුත් වුවමනා එපාකම් පියවන්න බැරිවෙනකොට මවුපියෝ විතරක් නෙවෙයි දරුවොත් මානසිකව අන්ත අසරණ වෙනවා. අම්මලා තාත්තලාගේ දුප්පත්කම හමුවේ අසරණ වෙච්ච අහිංසක පාසල් සිසුවියක් ජීවිතයෙන් සමුගෙන යන්න තීරණය කරපු පුවතක් පසුගියදා අපට අසන්නට ලැබුවේ බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයෙන්.(Sri Lanka Latest News)

16 හැවිරිදි අයිෂා පරවීන් දැඩි ආර්ථික අපහසුතාවලින් හෙම්බත්වුණු පවුලක වැඩිමහල් දියණියයි. ඇගේ පියාට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් මුහුණ දී සිටියේ මහා ජීවන අරගලයකට කිව්වොත් නිවැරැදියි. අයිෂා දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටයි සූදානමින් සිටියේ. ඒත් තම පවුලේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇගේ අධ්‍යාපන කටයුතු අඩාළ වෙමින් පැවැතියා. නමුත් අයිෂාගේ එකම හීනය වුණේ කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වීමයි.

ඒ වෙනුවෙන් මහන්සි වී ඉගෙනීම් කටයුතුවල නිරතවූ ඇය පාසලේ ගුරුවරුන්ගේද හිත දිනාගන්නට සමත්ව සිටියා. පාසල් විෂයන් රැසකට ඇය දක්ෂතා දැක්වුවත් ගණිතය විෂය හැදෑරීම ඇයට තරමක් අපහසු වී තිබුණා. ඒ නිසාම ගණිත විෂයට උපකාරක පන්තියකට යෑමේ අවශ්‍යතාව ඇයට මතුව තිබූ අතර, ඇය ඒ බව සිය මවට පවසා තිබුණා. කෙසේ වෙතත් අන්ත දිළිඳුකමේ සිරවී සිටි ඇගේ මවටද අයිෂාගේ ඉල්ලීම ඉටුකරන්නට හැකිවී තිබුණේ නැහැ.

ඒ බව මව අයිෂාට පැවැසීමත් සමග අයිෂාගේ බලාපොරොත්තු සියල්ල බිඳවැටෙන්නට වුණා. එලෙස බලාපොරොත්තුව අහිමිවූ ජීවිතය ගැන, යෞවනය ගැන ගැඹුරු අවබෝධයක් නැති මේ අහිංසක දැරිය සිය ජීවිතය නැතිකර ගන්නට ක්ෂණිකව තීරණය කළා. ඒ අනුව අයිෂා තම මිත්තණියට ලබාදෙන යම් ඖෂධ වර්ගයක් රැගෙන වැසිකිළිය තුළට ගොස් එය පානය කර තිබුණා. පසුව ඒ බව දැනගත් පවුලේ ඥාතීන් වහාම ඇයව බදුල්ල රෝහලට රැගෙන ගියද, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳ අයිෂාගේ මව වන ෆව්සි ලිනායා (42) මහත්මිය හැඬූ කඳුළින් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැන්නකි.

‘මට අයිෂා කිව්වා මාව Maths ක්ලාස් එකකට දාන්න කියලා. එතකොට මම කිව්වා කන්න බොන්නවත් අපිට සල්ලි නෑහැනේ, කොහොමද පන්තියකට දාන්නේ කියලා. අපිට ළමයි හතරදෙනෙක් ඉන්නවා. මගේ මහත්තයාට ස්ථිර රැකියාවක් නැහැ. මියගියේ මගේ ලොකු දරුවා. ඉගෙනගන්න දක්ෂයි. මම දරුවාගේ පියාට කිව්වා දුව පන්තියකට යන්න ඕනේ කියලා කියනවා කියලා. ඒකට උදේ මමයි මහත්තයයි අතර රණ්ඩුවක් ඇතිවුණා. එයාට කරන්න දෙයක් තිබුණේ නැහැ.

මමත් ඉන්නේ අසනීපෙන්. එයා කිව්වා මාව දාලා යන්න ඕනේ කියලා. ඊට පස්සේ දුවට දුකයි තාත්තා ගියොත් අපි කොහොමද කන්නේ කියලා. ඊට පස්සේ තමයි දුව පාන් කාලා ටොයිලට් එකට ගියේ. හවස 3ට විතර තමයි දුව සියදිවි නසාගන්න උත්සහ දරා තිබුණේ. අපි ඇයව එවෙලේම බදුල්ල මහ රෝහලට අරගෙන ගියා. නමුත් එතැන ප්‍රතිකාර ලබමින් ඉන්නකොට දුව මියගියා…’

අයිෂාගේ ඥාතියෙක්ද ශෝකය දරාගත නොහැකිව මෙලෙස පවසා සිටියා.

‘ටීචර් කිව්වාලු ඔයා හොඳට ඉගෙනගන්න නිසා maths වලට පන්තියකට යන්න කියලා. ක්ලාස් එකට සල්ලි නැත්නම් එන්න එපා කිව්වාලු. මේකත් එයාගේ හිත්තැවුලට හේතු වෙලා තිබුණා…’

බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩබ්.ඒ.සී. ලක්මාලි මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අතර, ඉදිරිපත්වූ සාක්ෂිවලට අනුව මෙය සියදිවි නසාගැනීමක් ලෙස එහිදී තීරණය කර තිබුණා.

පාසල් යන දරුවකුට නිසි අධ්‍යාපනයක් ලැබීමට නම් ඒ දරුවන්ට නිරවුල් මානසිකත්වයක් නිවෙස ඇතුළේ පැවැතිය යුතුයි. නමුත් එහෙම මානසිකත්වයක් නැති තැන දරුවන්ට මේ ප්‍රශ්න දරාගන්නට බැහැ. දරුවෙක් කියන්නේ අත්දැකීම් අඩු, ප්‍රශ්නවලට ඔරොත්තු දීමේ හැකියාව අවම පිරිසක්. ජීවිතය මුහුකුරා යනකොට තමයි ප්‍රශ්නවලට ඔරොත්තු දීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ. ඒ නිසාම සිහින, බලාපොරොත්තු බිඳවැටීම තුළ ඔවුන්ගේ මානසිකත්වය දරුණු ලෙස බිඳ වැටෙනවා. ඔවුන් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා.

අයිෂාගෙත් සිහිනයක් තියෙන්න ඇති කොහොම හරි සාමාන්‍ය පෙළ පාස්වෙනවා කියලා. ඒ නිසාම තමයි තමන්ගේ අම්මාගෙන් ඉල්ලීමක් කළේ ගණිතය විෂයට ටියුෂන් ලබාදෙන්න කියලා. අම්මා ටියුෂන්වලට දෙන්න සල්ලි නැහැ කිව්වාම අයිෂාගේ සිහිනය බොඳව යන්න ඇති.

අපේ රටේ දිනෙන් දින ඉහළ යන ජීවන බර අවසානයේ පැටවෙන්නේ දුප්පත් මවුපියන්ගේ කර මතට. ඉන්ධන මිල, ප්‍රවාහන ගාස්තු, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධවල මිල ඇතුළු සියලු පාරිභෝගික ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගිහින්. ගෙයක් ඇතුළට එබිලා බැලුවොත් ඒ ගෙදර මිනිස්සු ඉන්නේ කොයි තරම් ජීවන බරකින් මිරිකිලාද කියන එක මනාව ඔප්පු වෙනවා. ලයිට් බිල්, වතුර බිල්, ගෑස් මේවා ජනතාවට අත්‍යාවශ්‍ය දේවල්. මේවායේ මිල නොසිතූ ලෙස ඉහළ දැමීම ඔවුන්ට දරාගන්න බැහැ.

මොකද මිල ගණන් වැඩිවුණාට, තමන්ට ලැබෙන මාසේ පඩිය වැඩිවෙන්නේ නැති නිසා. එක බිලක් ගෙව්වොත් අනෙක් බිල ගෙවන්න සල්ලි නැහැ. කෑමට යන වියදම ඉහටත් උඩින්. හරියට බඩට බත්වේලක් කන්නේ කීයෙන් කී දෙනාද? වේලක් කෑවොත් අනෙක් වේල බඩගින්නේ ඉන්න බොහෝ අය සමාජයේ ඉන්නවා. අතමිට සරු ඇතැම් අය දරුවන්ට උගන්වලා උසස් අධ්‍යාපනයට විදෙස් රටවලට යවන්නේ දරුවන්ගේ අනාගතය මේ රටේ හිටියොත් නම් අවිනිශ්චිත වේවි කියන බය නිසයි.

අපේ රටේ අවුරුදු 4 සම්පූර්ණ වුණු දරුවන්ගෙන් 30%ක්ම ළදරු පාසල් යන්නේ නැහැ කියලා අධ්‍යාපන ඇමැතිතුමා පසුගිය දවසක හෙළිකරලා තිබුණා. දරුවකුගේ පූර්ව ළමා අවධිය කියන්නේ ඉතා වැදගත් කාලයක්. ඒ කාලයේ හිමිවිය යුතු අධ්‍යාපනය දරුවකුට අහිමි කිරීම කොයි තරම් ඛේදවාචකයක්ද?

අද වෙද්දී අපි ගෙවන බොහෝ බිල්පත්වලට tax අයකරනවා. දරුවන්ගේ පොත්පත්වලට පවා tax අයකරනවා. ඒ නිසාම දරුවන්ගේ අධ්‍යාපන වියදම් මවුපියන්ට දරාගන්න බැරි වෙලා.

එදා අපේ රටේ හිටිය ගුරුවරු මුදලට යටවුණේ නැහැ. මුදල් බලාගෙන දරුවන්ට ඉගැන්නුවෙත් නෑ. සල්ලි නැතත් කමක් නෑ ඇවිත් ඉගෙන ගන්න පුතේ දුවේ කියලයි කිව්වේ. ඒත් අද? ‘සල්ලි නැත්නම් ඊළඟ මාසේ ඉඳලා පන්ති එන්න එපා’ කියලා කියන්න තරම් ඇතැම් ගුරුවරු අමානුෂික වෙලා. මුදල් මතම යැපෙන ගුරුවරුන් පිරිසක් බිහිවෙලා.

දරුවන්ට බත් කටක් දීලා ඉතිරි වෙච්ච දංකුඩ ටික කාලා බඩගින්න නිවාගන්න අම්මලා ඉන්නවා. ඔවුන්ට එහෙම ඉරණමක් උරුම වෙන්න වසර ගණනක් තිස්සේ අපේ රට පාලනය කරපු බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවන්, වංචාව, දූෂණය වගේ හේතු ගණනාවක් බලපෑවා.

අදටත් මේ රටේ ඉහවහා ගිය වංචාව, දූෂණය, නාස්තිය ගැන කොයි තරම් චෝදනා එල්ල වුණත් වරදකරුවන්ට දඬුවමක් ලැබෙන පාටක් නම් පේන තෙක්මානයකවත් නැහැ. මේ නාස්තිකාර වැඩ නිසා අවසානයේ කර මුලටම හිරවෙන්නේ අපේ රටේ අහිංසක දුගී දුප්පත් ජනතාව. අයිෂා වගේ හයක් හතරක් නොදන්න දරු දැරියෝ දන්නේ නැහැ රටක් විදියට, සමාජයක් විදියට අපි පත්වෙලා ඉන්න පරිහානියයි තමන්ව මේ විදියට පීඩාවට පත්කරන්නේ කියලා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

බලාපොරොත්තු බිඳවැටීම නිසා දරුවෙක් සියදිවි නසාගන්නවා කියන එක බැරෑරුම් කාරණාවක්. ඒ ගැන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැහැදිලි කළේ මේ ආකාරයටයි.

‘අනාගතය පිළිබඳ තියෙන අවිනිශ්චිතතාව නිසාම මෙහෙම සිහින බිඳවැටිලා දරුවන් විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. අධ්‍යාපනයේ තියෙන තරගය නිසාත් දරුවෝ පීඩා විඳිනවා. මේ අයගේ ආර්ථික තත්ත්වය සහ සමාජ තත්ත්වය හැදුවොත් තමයි ඔවුන්ගේ මානසික තත්ත්වයත් හදන්නට පුළුවන් වෙන්නේ. ඒ හරහා මේ වගේ අකාලයේ මියයන අසරණ වෙන දරුවන්ව බේරාගන්නටත් පුළුවන්.’

අද (04) අපි සමරන්නේ අපේ රටට නිදහස හිමිවුණු දවස. රූපවාහිනිය දැම්මත්, ගුවන්විදුලිය දැම්මත්, පුවත්පතක් බැලුවත් හැම තැනම නිදහස ගැන මහා පුරාජේරු ඇහෙනවා. ඒත් මේ අහිංසක අයිෂාගේ කතාව දකිද්දී ඔබට දැනෙනවද ඒ දරුවාට අවම වශයෙන් මානසික නිදහසවත් තිබුණාද කියන එක? නිදහසේ ඉගෙනගන්න, පන්තියකට යන්න, තුන්වේල බඩ පිරෙන්න කන්නවත් ඔවුන්ට නිදහසක් නෑ. දුප්පත්කම තමයි ඒකට හේතුව. නමුත් අද රට පත්වෙලා තියෙන තත්ත්වය මේ දරුවාගේ ඉරණම තීරණය කරන්නත් වක්‍රාකාරයෙන් හරි බලපෑවා කියන එක නොකියාම බැහැ.

ආර්ථික ප්‍රශ්න වැඩිවෙද්දී ඒවා බලපාන්නේ මනසට. මානසික ප්‍රශ්න විදියට එළියට එන්නේ එවැනි තත්ත්වයන්. ඔබ හෝ ඔබේ ආදරණීයයෙක් යම් මානසික ගැටලුවක පසුවෙන බව දැනෙනවා නම් පහත දුරකතන අංකයට අමතන්න. ඔබේ මානසික ගැටලුවට යම් සහනයක් ලබාගන්නට අනිවාර්යයෙන්ම හැකියාව ලැබේවි.
1926/ 1933/ 0707308308

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මාතර කලා උළෙල බලන්න රනිල්-චන්ද්‍රිකා-සාගල ඔක්කොම ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

සුපර් සික්ස් ගහපු දෙකම පරාදයි! 19න් පහළ ‌ලෝක කුසලානයෙන් ලංකාව එළියට විසිවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.