දීමනා ගැටලුව ඇතුළු තමන් මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ට අද (31) දිනයේත් අවස්ථාව පවතින බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.Sri Lanka Latest News
එහි සමකැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ, මේ සඳහා නිසි මැදිහත්වීමක් නොකළහොත් හෙට (01) උදෑසන 6.30 සිට වෘත්තීය සමිති 72ක සාමාජිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් මීට පෙර ද වැඩ වර්ජනයක නිරත වුව ද ඔවුන්ගේ ඉල්ලීම්වලට රජය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරා බලවත් අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවයි.










