හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ බරපතල දූෂණ සම්බන්ධව ඉතාමත් රහසිගත වැදගත් ලේඛන 10 ක් මේ වන විට තමන් සතුව ඇති බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ප්‍රකාශ කළේය. (Sri Lanka Latest News)
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සමග මල්වතු මහා නාහිමියන් බැහැදැකීමට ගොස් පැමිණ මාධ්‍යය හමුවේ අදහස් දක්වමිනි.
මේ වනවිට තමන් අතට පත් වී ඇති ඒ අතිශය වැදගත් දූෂණ සාක්ෂි සහිත ලේඛන අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව ද ඔහු කීවේය.
“මේ වෙලාවේ අපට නීතිපතිතුමා සම්බන්ධයෙන් පවා විවේචන ඇති වෙලා තියෙනවා ඇයි කෙහෙළිය ඇමතිතුමා පිළිබඳ නිසි පියවර ගන්නෙ නැත්තේ කියලා අපටත් ගැටලුවක් තියනවා. මේ වංචා දූෂණ නවත්වන්න ඉදිරි මැතිවරණවලදී සිවිල් ක්රියාකාරීන් වශයෙන් අපි තරග කිරීමට බලාපොරොත්තු වෙනවා. “ යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් කීය.
lankasara










