• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැප්පෙද්දී ඇමැතිතුමා හිටියේ නින්දේ! මම කන්ටේනර් එක ඉස්සර කරන්න යද්දී හයියෙන් ආපු කාර් එකක් අපිව ඉස්සර කළා! මම වාහනය වමට කපද්දිම ‌ලොකු සද්දයක් එක්ක කන්ටේනරේ වැදුණා! ජිප් එක වට කීපයක් කැරකුණා! වාහනය එළවපු ප්‍රභාත් ‌ඇක්සිඩන්ට් එක වුණු හැටි කියයි! ඇක්සිඩන්ට් එක වෙද්දි ස්පීඩ් එක 130ත් පන්නලා! VIDEO I Sri Lanka Latest News‍

January 26, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
හැප්පෙද්දී ඇමැතිතුමා හිටියේ නින්දේ! මම කන්ටේනර් එක ඉස්සර කරන්න යද්දී හයියෙන් ආපු කාර් එකක් අපිව ඉස්සර කළා! මම වාහනය වමට කපද්දිම ‌ලොකු සද්දයක් එක්ක කන්ටේනරේ වැදුණා! ජිප් එක වට කීපයක් කැරකුණා! වාහනය එළවපු ප්‍රභාත් ‌ඇක්සිඩන්ට් එක වුණු හැටි කියයි! ඇක්සිඩන්ට් එක වෙද්දි ස්පීඩ් එක 130ත් පන්නලා! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු ප්‍රභාත් එරංග පවසයි. රාගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආරච්චිකට්ටුව, කැලේගම අදිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි ප්‍රභාත් එරංග මෙසේ පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සහ සනත් නිශාන්ත මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීය.Sri Lanka Latest News‍

මෙතෙක් මෙම රියැදුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන නැත. ඉදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම අනතුරට වගකිවයුතු පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ මෙම රියැදුරා බව ද එම නිලධාරියා කීය.

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන්ගත් ඩබ්ලිව්.පී.කේ.පී. 7684 වීඑයිට් වර්ගයේ ලෑන්ඩ් කෲෂර් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිසිය කියයි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් මෙම රථය මීගමුව දෙස සිට පැමිණ කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කර ඇත්තේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පිවිසුමෙනි. වාහනය අධිවේගි මාර්ගයට ඇතුළු කර විනාඩි 10 – 15කටත් වඩා අඩු කාලයක් තුළ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසියට නිරීක්ෂණය වී ඇත. අධිවේගි මාර්ගයේ 11.1 කිලෝමීටර කණුව අසලදී අලුයම 1.55ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිට ඇත්තේ වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි (43) ගමන් කරමින් සිට ඇත්තේ ඇමැතිවරයාට සමාන්තර පිටුපස අසුනේය. ඔහු මහව අටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථය ගැටී ඇත්තේ ජගත් එදිරිසිංහ සමාගමට අයත් බව කියවෙන ඩබ්ලිව්.පී.එල්.වයි. 1263/ ඩබ්ලිව්.පී.එල්. එක්ස් 1667 දරන කන්ටේනරයේ බඳේ පිටුපසය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිවේගි මාර්ග රථ වාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

මෙම අනතුරින් රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ එන්ජිම පිහිටි ඉදිරි කොටස සහ වාහනයේ වම්පස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ.

රාජ්‍ය ඇමැතිවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් වාහනයේ වම්පස අසුන්ගෙන සිටීම නිසා අනතුරෙන් ඔවුන්ට දැඩි ලෙස හානි සිදු වී ඇත. වාහනයේ සුන්බුන් අතර සිරවී සිටි රාජ්‍ය ඇමැතිවරයාව පිටතට ගැනීමට අධිවේගි මාර්ගයේ සේවකයන්ට සහ පොලිසියට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබේ. ඒ වන විට මාරාන්තික තුවාල ලබා සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව රෝහලකට රැගෙන යෑමට මාර්ගයේ ගමන් කළ වාහනයක් නතර කර ගැනීමට පවා යම් ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන් වේ. රාගම රෝහලට ඇතුළත් කරන විටදී රාජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා මියගොස් සිටි බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැතිවරයා ගමන් කරමින් තිබූ ජීප් රථය පැයට කිලෝමීටර 130ට එහා වේගයකින් ගමන්කර ඇතැයි පෙනී යන්නේ යැයි මෙම නිලධාරියා සඳහන් කළේය.

අනතුර සිදු වන අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා තමන් වාඩි වී සිටි අසුන පිටුපසට නවාගෙන නිදාගෙන පැමිණ තිබෙන බව ද පොලිසියට අනාවරණය වී ඇත. කුරුණෑගල ඥාතියකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට බිරිය හා දරුවන් සමඟ සහභාගි වී ඔවුන්ව වෙනත් වාහනයක කොළඹ බලා පිටත් කළ ඇමැතිවරයා නැවත ආරච්චිකට්ටුවේ තවත් විවාහ උත්සවයකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පැවසේ. එම මංගල උත්සවයේ ඇමැතිවරයා සිට ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවද වාර්තා වෙයි. අනතුර සිදුව ඇත්තේ එතැන සිට කොළඹ බලා ආපසු එන ගමනේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසට ගිය අවස්ථවේදී ඒ මහතාගේ බිරිය ජනාධිපතිවරයා වෙත පැවසුවේ “ඥතියකු නිසා ෆැමිලි එක පිටින් යන්න ඕනෑ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…” යනුවෙනි.

මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට කන්ටේනර් රථයේ රියැදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් රථය අනතුරට ලක්ව ඇත්තේ කන්ටේනර් රථයේ පිටුපස ගැටී බැවින් කන්ටේනර් රථයේ රියැදුරු මෙම අනතුරට වගකිව යුතු නැතත් මෙම අනතුර සංවේදී සිදුවීමක් හේතුකොටගෙන මෙම රියැදුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු ද මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. -දිනමිණ

SendShareShare
Previous Post

සනත් නිශාන්තගේ කේන්දරේ මරණය ගැනත් කලින්ම කියලා තියෙනවා! මෙන්න සනත් නිශාන්තම තම මරණය ගැන කියපු කතාව!  VIDEO I Sri Lanka Latest News‍

Next Post

පිරිමි ළමයින් අපයෝජනය කිරීම සාපරාධී ක්‍රියාවක්! දණ්ඩ නීති සංග්‍රහයට අලුතින් නීති අරන් එයි! ස්ත්‍රී දූෂණ නීතියේ තිබ්බ අඩුපාඩුත් හදයි! පනහට තිබ්බ දඩයක් පනස්දාහ කරයි! සියයට තිබ්බ දඩය ලක්ෂය කරයි!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.