• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්ච එපා කියද්දිත් ගඟේ මුහුදේ නාන්න ගිහිල්ලා තරුණ ළමයි ජීවිත නැතිකරගන්නේ ඇයි? (Sri Lanka Latest News)

January 25, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
youngers-lose-their-lives
Share on WhatsAppShare on Facebook

වැරැද්ද දරුවන්ගේද? අම්මලාගේද?

අම්මාගේ උපන්දිනයට කේක් කපලා නාන්න ගිහිල්ලා දරුවෝ තුන්දෙනෙක් නැතිවුණා…
කන්න යනවා කියලා ගෙදරට බොරු කියලා ගිහින් නාලා දරුවෝ දෙන්නෙක් නැතිවුණා…

පසුගිය 14 වැනිදා කළුතර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ රටම කම්පාවට පත්කළ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ පුවතක්. ඒ, පාසල් දරුවන් තිදෙනෙක් කළුතර කළපුවේ දිය නෑමට ගොස් දියේ ගිලී මියයෑමේ සිද්ධියක්. මෙලෙස මියගොස් තිබුණේ කළුතර පන්විල පදිංචිව සිටි ඉමංගි චතුභාෂිණී (15), දොඩංගොඩ රතුකුරුස නිවාසවල පදිංචිව සිටි සුභානි සුපේෂලා (16), දොඩංගොඩ නැවිලියාවත්තේ පදිංචිව සිටි කිවිඳු සත්සර (18) යන තිදෙනකි. (Sri Lanka Latest News)

මොවුන් අතරින් ගැහැනු දරුවන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දරුවන්ය. තවත් පිරිසක් සමග දිය නෑමට ගොස් සිටි මොවුන් පළමුවෙන්ම කළුතර මුහුදේ දිය නාමින් සිට ඇති අතර, එක් සිසුවියකගේ ඉල්ලීම පරිදි ඔවුන් කළුතර කළපුවේ දිය නෑමට ගොස් ඇත. ඔවුන් මෙලෙස මුහුදේ දිය නෑමට ගොස් ඇත්තේ ඉමංගි චතුභාෂිනීගේ මවගේ උපන්දිනය සැමරීම සඳහායි. මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ගෙනී සිටීමට නියමිතව සිටි මෙම දරුවන් කිසි මොහොතක නොසිතන්නට ඇති තමන්ට මෙවැනි විපතක් අත්වේ යැයි කියලා. එහෙත් දෛවය ඔවුන්ගේ සියලු බලාපොරොත්තු විනාශ කර දැමුවා.

මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණය පසුගිය 15 වැනිදා කළුතර රෝහලේදී සිදුකළේ හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා විසින්. මියගිය ඉමංගිගේ මව ඒ අවස්ථාවේ හැඬූ කඳුළින් පවසා සිටියේ මෙවැන්නකි.

‘මියගොස් ඇත්තේ මගේ තුන්වැනි දියණියයි. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේ. එයා කසාද බඳින්න ඉන්න පුතා එක්ක යාළුවෝ පිරිසක් ඇවිත් කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා. මුහුදේ නාලා ආපහු ගඟේ නාන්න ගියා. මගේ දුවයි එයාගේ අත් අල්ලන් හිටිය යාළුවා සුභානි දුවයි ගඟේ ගහගෙන ගියා. එයාලා බේරගන්න කිවිඳු පුතා පැන්නා. තුන්දෙනාම පේන්නේ නැතුව ගියා. ළඟ හිටපු තරුණ ළමයෙක් ගඟට පැනලා කිවිඳු පුතාව ගොඩට ගත්තා. ඒත් රෝහලට ගෙනියන්න වාහනයක් නැතුව පැය භාගයක් විතර තියාගෙන හිටියා. වාහනයක් තිබුණා නම් පුතාව බේරාගන්න තිබුණා’.

ප්‍රදේශවාසීන් පැමිණ මේ තරුණයාගේ දිවි බේරා ගැනීමට ප්‍රථමාධාර ලබාදෙමින් මහත් පරිශ්‍රමයක් දැරුවද අවසානයේ ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබුණා. පසුව 1990 සුවසැරිය ගිලන් රථයකින් ඔහු රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

මියගිය අනෙක් සිසුවිය වන සුභානි සුපේෂලාගේ මව වන ටෙක්ලා නිරංජනී මහත්මිය මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ තමන්ගේ කීම නොඅසා දරුවන් හිතුමතේට ක්‍රියා කිරීම නිසා මෙම අනතුරට මුහුණ දුන් බවයි.

‘මියගිහින් තියෙන්නේ මගේ දෙවැනි දුව. මම මේ ගමන යන්න එපා කිව්වාම එයා මා එක්ක රණ්ඩු කළා. මම කඩේට ගිය වෙලාවවේ තමයි මේ දරුවා හොරෙන් නාන්න ගිහින් තියෙන්නේ. මේ දරුවා කළු ගඟේ ගහගෙන ගිහින් කියලා ආරංචි වුණා. ඒ වෙලාවේ මට බස් එකේ යන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ. අල්ලපු ගෙදර ළමයෙක් එක්ක මම නාගොඩ රෝහලට ආවාම තමයි දැනගත්තේ මගේ දුව නැති වෙලා කියලා’ යනුවෙන් මව හැඬූ කඳුළින් පවසා සිටියා.

සුභානිගේ වැඩිමහල් සොහොයුරිය තම නැගණිය පිළිබඳ පවසා සිටියේ මෙවැන්නකි.

‘අපි කළු ගඟේ එකට නෑවා. මම ගොඩට ඇවිල්ලා බලනකොට නංගි හිටියේ නැහැ. ඒ වෙලාවේ නංගියි එයාගේ යාළුවා ඉමංගියි ගහගෙන යනවා දැකලා අපි කෑගැහුවා. බෝට්ටුවකින් ආපු මාමලා වගයක් නංගිවයි ඉමංගිවයි හොයාගෙන ගොඩට ගෙනාවා. කළුතර ඉස්පිරිතාලෙට ගෙනිච්චාට පස්සේ මියගිහිල්ලා කියලා දැනගත්තේ’.

දියේ ගිලී මියගිය කිවිඳු සත්සර සිසුවාගේ සීයා තම මුණුබුරාට සිදුවූ කනගාටුදායක සිදුවීම පිළිබඳ මරණ පරීක්ෂකවරයා ඉදිරියේ පවසා තිබුණේ මෙවැන්නකි.

‘මියගිහින් ඉන්නේ මගේ මුණුබුරා. එයාගේ අම්මා එයාට අවුරුද්දක් වෙද්දී පිළිකාවකින් මියගියා. අවුරුදු 17ක් මම පුතාව හදාගත්තේ. පුතා ආච්චිට කියලා තිබුණා උපන්දිනේකට කේක් කපන්න යනවා කියලා. එදා හවස කෝල් එකක් අවා නාගොඩ රෝහලට එන්න පුතාට අසනීපයි කියලා. ඉස්පිරිතාලෙට ආවාම තමයි දැනගත්තේ පුතා කළු ගඟේ ගිලිලා මියගිහින් කියලා’.

මියගිය තම මුණුබුරා පිළිබඳ ඔහුගේ මිත්තණියද මෙලෙස පවසා සිටියා.

‘ආච්චි මම පාටියකට ගියා. හවස එනවා, බයවෙන්න එපා කියලා කිව්වා. එයා එනකල් මම ඉව්වේ නැහැ. අන්තිමට මම ගිහින් බැලුවේ මගේ රත්තරන් පුතාගේ මළ කඳ’. මියගිය තරුණයා පින්තාරු ශිල්පියකු ලෙස සේවය කරමින් සිටි බවද මිත්තණිය පවසා සිටියා.

W.K. වෙනුරජිත් සහ M.K චානුක යන මහත්වරුන් නිගමනය කරනු ලැබුවා.

පාසල් දරුවන් දිය නෑමට ගොස් ජලයේ ගිලී මියගිය පළමු මරණය මෙය නොවේ. ඒ නිසා කවුරු කවුරුත් මේ වගේ දේවල් කරනකොට පරිස්සමින් කටයුතු කිරීමට වගබලාගත යුතුයි.

මෙවැනිම සිදුවීමක් පසුගිය වර්ෂයේදීත් සිදුවුණා. වත්තල කෙරවළපිටිය පරණවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක් ශාන්ත අන්තෝනි තොටුපළ අසල දිය නෑමට ගොස් මියගොස් තිබුණා. ඔවුන්, දිවා ආහාරය ලබාගන්න වෙළෙඳ සලක් වෙත යන බවට නිවැසියන්ට බොරුවක් පවසා දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව තිබුණා.

කෙසේ වෙතත් මේ ආකාරයට රටක් වටිනා දරුවන් අකාලයේ මියයෑම ඔවුන්ගේ මවුපියන් කෙසේ නම් දරාගන්නද? ඒ නිසා මෙවැනි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා දරුවන්ට වයස අවුරුදු 16ක් 17ක්වත් වෙනතුරු මවුපියන්ගේ දැඩි අවධානය ඔවුන් වෙත යොමුවීම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන් කරන්නේ මොනවාද, යන්නේ කොහේද, ඇසුරු කරන්නේ කවුරුන්ද යන්න ගැනත් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. මවගේ උපන්දිනය සමරන්න තම දියණිය, ඇගේ පෙම්වතා ඇතුළු පිරිසක් සමග අනතුරුදායක මුහුදු තීරයක දිය නෑමට යෑම කනගාටුවට කරුණකි.

දරුවන් මෙවැනි අනතුරුදායක කටයුතුවලට යොමුකිරීමට අනුබල දුන් බව පවසමින් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ මෙම මියගිය දරුවන්ගේ මවුපියන්ට දෝෂාරෝපණය කර ඇති අයුරුද දක්නට ලැබුණා.

වර්තමාන සමාජයේ මවුපියන්ට දරුවන්ව දහම් පාසලකටවත් යවන්න වෙලාවක් නැහැ. දහම් පාසලෙන් දරුවකුට ලැබෙන හික්මීම, සංවරකම ලබාගන්න අද ජීවත් වෙන බොහෝ දරුවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ ටියුෂන්වලටයි. මේ, එවැනි දේවල්වල ප්‍රතිඵල විදියටත් අපට හඳුන්වන්න පුළුවන්. දරුවෝ ආගම ධර්මය හඳුනන්නේ නැහැ. වැඩිහිටියන්ගේ මවුපියන්ගේ ගුරුහරුකම්වලට, අවවාදවලට ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙයක් කරන්න හිතුණොත් ඒ දේ කරලාමයි නවතින්නේ. සාරධර්ම පිරිහිලා. විනයක් හැදෙන්නේ නැහැ. තරුණ වයසට පත්වනවාත් සමගම ගැහැනු පිරිමි භේදයකින් තොරව බොහෝ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා.

අනෙක් කරුණ නම් අපි නොදන්නා තැන්වල, අනතුරුදායක තැන්වල දිය නෑමට යාමෙන් වළකින්නට ඕනේ. පිහිනීමට නොදන්නවා නම් විශේෂයෙන්ම එවැනි තැන් මඟහරින්න අවශ්‍යයි. මවුපියන් කියන දේ අහලා, ආරක්ෂාකාරීව තමන්ගේ පාසල් කාලය ගතකරන එකයි වඩාත් සුදුසු. මොකද නිසි වයස එළඹුණාම, අත්දැකීම් ලැබුණාම මවුපියන් දරුවන්ට නීති දාන්නේ නැහැ. දරුවන්ට නීති දාන්නේ, අවවාද කරන්නේ ඔවුන්ට තියෙන ආදරේ නිසයි. ඒ බව සෑම දරුවෙක්ම තේරුම්ගත යුතුයි. එහෙම නැති වුණොත් අකාලයේ රටට අහිමි වෙන්නේ අපේ රට භාරගන්න ඉන්න අනාගත පරපුරයි. ඒ ගැන සෑම දරුවෙක්ම, සෑම මවක් පියෙක්ම හොඳින් සිහිතබා ගත යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරුවේ ජයරත්න මල්ශාලාවට ගේනවා! හෙට පුත්තලම නිවසට! අවසන් කටයුතු ඉරිදා ආරච්චිකට්ටුවේදී! I Sri Lanka Latest News

Next Post

මිහින්තලේ හිමියන්ට මරණ තර්ජන කළ එකෙක් CIDයෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.