• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉඩම් ආරවුලක්ද? හදිහූනියම් ගැටලුවක්ද? ගම්පහ ධම්මරතන හිමියන් ඝාතනයට ආ පිරිස වාහනයටත් ගිනි තියලා! VIDEO I Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ඉඩම් ආරවුලක්ද? හදිහූනියම් ගැටලුවක්ද? ගම්පහ ධම්මරතන හිමියන් ඝාතනයට ආ පිරිස වාහනයටත් ගිනි තියලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමිනමට වෙඩි තැබීම සදහා පැමිණි මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ දී ගිනි තබා විනාශ කර තිබියදී ඊයේ (23 දා) සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

ඒ කියලා අනිත් පැත්තට හැරෙනවත් එක්කම ඉන් එක මනුස්සයෙක් තුවක්කුවක් අරගෙන බැම්මෙන් පැනගෙන දුවලා ඇවිල්ලා ‘උඹලා එක්කෙනෙක්වත් නැඟිටින්න එපා, උඹලාට වෙඩි තියනවා’ කියලා බය කරලා, ‘අපි සීඅයිඩීඑකෙන්, ඔත්තුවක් පිට ආවේ උඹලා ගාව කුඩු තියෙනවා කියලා, හෙල්ලෙන්න එපා, වෙඩි තියනවා’ කියලා කිවුවා. ඊට පස්සේ පන්සලේ ළමයෙක් ඉන්නවා, ඒ ළමයට ගහලා ඇහැවුවා ධම්මරතන හාමුදුරුවන්ගේ කාමරය කෝකද කියලා. අපට මුකුත් කියාගන්න හම්බ වුණේ නැහැ එළියට පැන්නා. මායි ධම්මරතන හාමුදුරුවොයි එතනින් එළියට ආවා අර අය ගියාද කියලා බලන්න.

මෙතනට ඇවිල්ලා උඩට වෙඩි දෙකක් තියලා ඉවර වෙලා, අපේ පැත්තට තුවක්කුව දික්කළා. එකපාරටම හාමුදුරුවො පැන්නා අම්මෝ කියලා, ඊට පස්සේ වැටුණා…”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හේනේගම කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයට ඊයේ (23) දහවල් කඩාවැදුණු සිව් දෙනකු එහි වැඩ සිටි හිමිනමකට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම ඇසින් දුටු හිමි නමක් සිද්ධිය විස්තර කළේ ඒ අයුරිනි. මෙසේ අපවත් වී ඇත්තේ වැලිවේරිය කිරිකිත්ත කෙසෙල්කන්ද කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේ වැඩ වාසය කළ කලපළුවාවේ ධම්මරතන (45) නමැති හිමිනමකි.

මේ හිමිනම සතියකට දෙදිනක් තමන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයේ සිට මේ විහාරස්ථානයට පැමිණ ජ්‍යොතිෂ කටයුතුවල මෙන්ම හදි හූනියම් කටයුතුවලත් නිරත වී සිටින බවටද, දැන් මාස තුනක පමණ කාලයක සිට උන් වහන්සේ යම් හේතුවක් මත මේ විහාරස්ථානයේම නැවතී සිටින බවටද තොරතුරුද අනාවරණය වී තිබේ. ඒ හේතුව හා උන් වහන්සේගේ ඝාතනය අතර යම් සම්බන්ධයක් තිබේද යන්න කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, හදි හූනියම් ගැටලුවක් මත උන් වහන්සේ සමඟ හිත් අමනාපයෙන් සිටියකු විසින් මේ ඝාතනය මෙහෙයවූයේදැයි සොයා බලන බවත් පොලිසිය කියයි.

ඒ හැරුණු කොට මේ හිමිනම නිදන් ජාවාරම්කරුවන් හා සම්බන්ධකම් තිබුණේදැයි කියාත් එසේත් නැතිනම් ඉඩම් ආරවුලක් මේ ඝාතනය පසුපස ඇත්දැයි කියාත් සොයා බලන බවද විමර්ශන තොරතුරු අනාවරණය කළේය. ඝාතකයා වෙඩි තබා ඇත්තේ ‘බඩු ටික දීපන්’ යැයි කියා බවද අනාවරණය වී ඇති අතර, එලෙස ඉල්ලා ඇත්තේ උන් වහන්සේ සතුව පැවති යම් වටිනා වස්තුවක්ද? එසේත් නැති නම් වෙඩික්කරුවන් හෝ ඔවුන්ට සම්බන්ධ යම් අයකු සමඟ උන් වහන්සේ යම් රහස් කටයුත්තක නිරත වී තිබීම නිසාද යනාදි සැකයන් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බස්නාහිර පළාත් උතුරු දිසා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතා විසින් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට මේ ඝාතන පරීක්ෂණවල කොටසක් පවරා ඇති අතර, ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් කණ්ඩායම් 4ක් විමර්ශන පවත්වයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස විහාරස්ථානයට පැමිණි පිරිස මුලින්ම රඟපා ඇත්තේ එම හිමිනමගෙන් හඳහනක් බලාගැනීමට ආ අය ලෙසිනි. ඒ අවස්ථාවේදී එම හිමිනමත් විහාරස්ථානයේ නායක හිමියනුත් ඇතුළු හිමිවරුන් කිහිප දෙනකු දහවල් දානය වළඳමින් සිට ඇත.

මේ පිරිස හැසිරී ඇත්තේ කිසිදු සැකයක් ඇති නොවන ලෙසින් වන අතර, තරුණ හිමිනමක් විසින් දාන ශාලාවට ගොස් හඳහනක් බැලීමට කිහිප දෙනකු පැමිණ ඇතැයි මේ හිමිනමට පවසන විට උන් වහන්සේගේ පස්සෙන්ම වාගේ පැමිණි වෙඩික්කරුවන් එක්වරම දාන ශාලාවට කඩාවැදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හඳහන් බලන හාමුදුරුවෝ කවුරුන්දැයි කියා අදාළ හිමිනම හඳුනාගෙන මේ වෙඩි තැබීම කර ඇති බව පොලිසිය කියයි. බඩු කොහේදැයි විමසමින් උන් වහන්සේ දාන ශාලාවේ සිට ඇදගෙන විත් ඇත්තේ වෙඩි තැබීමට පෙර බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරය උන් වහන්සේට එල්ල වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන්ගේ ඇඟේ එල්ලී බේරීමට උත්සාහ දරන අවස්ථාවේය. ටී 56 අවියට අමතරව පිස්තෝලයක්ද එක් සැකකරුවකු අත තිබී ඇති බවද අනාවරණය වී තිබේ.

වෙඩික්කරුවන් විහාරස්ථානයට පැමිණ ඇත්තේ කළු පැහැයට හුරු මෝටර් රථයකිනි. හිමිනමට වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථයේ නැඟුණු වෙඩික්කරුවන් පලාගොස් ඇත්තේ කහටානේ සිට හේනේගම දෙසටය.

අදාළ වාහනයේ ඒ වන විට සටහන්ව තිබුණු ලියාපදිංචි අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ එම අංකයට අදාළ රථයේ හිමිකරු පාණදුර අළුබෝමුල්ල තිස්ස මාවතේ පදිංචිකරුවකු බවයි. එම වාහනය සුදු පැහැති එකක් බවත්, එය පසුගිය 29 දා සිට තිබී ඇත්තේ බැටරියක දෝෂයක් හේතුවෙන් පාණදුර එළුවිල පිහිටි ගරාජයක බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මේ අතර ඊයේ සවස වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයට සමාන මෝටර් රථයක් කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කලෑවක ගිනි ගනිමින් තිබියදී පොලිසිය සොයාගෙන ඇත. එසේ ගිනි ගත් රථය මේ වෙඩික්කරුවන් පැමිණි රථය විය හැකි බවට සැකයක් පවතින බව පොලිසිය කියයි. ගිනි ගනිමින් තිබුණු ඒ රථය සොයාගන්නා විට විමර්ශන කණ්ඩායමක් මඟ දෙපස ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් වෙඩික්කරුවන් ගමන් කරමින් තිබුණු වාහනයේ ගමන් මඟ ඔස්සේ කිලෝ මීටර් 15කට වැඩි දුරක් බියගම දක්වා ගමන් කර තිබී ඇත. ගිනි ගත් වාහනයේ අංක තහඩු තිබී නැති බවත්, ඒ වාහනය ගිනි ගෙන සුදු වී තිබුණු බවත් පොලීසිය කියයි. වාහනය ගිනි තබා ඇත්තේ මුළුමනින්ම ගිනි ගෙන දැවී යන ආකාරයට බවත් ඉන්ධන වර්ගයක් දමා ගිනි තබා ඇති බව විශ්වාස කරන බවත් පොලිසිය කියයි. පොලිසිය එම වාහනය සොයාගන්නා විටත් එය දැවී විනාශ වී තිබී ඇත. ඒ වන විටත් තහඩු ගොඩක් බවට පත්ව තිබුණු රථයේ තහඩු රත් වී තිබී ඇත. වෙඩි තැබීම සිදු වූ වේලාවත් වෙඩික්කරුවන් පලාගිය වේලාවත්, ගමන්මඟත් සැලකිල්ලට ගැනීමේදී මෙසේ ගිනි තබා ඇත්තේ එම වාහනයම විය හැකි බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ගිනි ගත් වාහනයේ අංක තහඩු නැතත් ඇංජින් අංකය හා චැකි අංකය ඔස්සේ වාහනයේ ලියාපදිංචි හිමිකරු හදුනාගැනීමට උත්සාහ දරන බවද පොලිසිය කියයි.

වෙඩික්කරුවන් හිමිනමට වෙඩි තබා පලායනවාත් සමඟ ක්‍රියාත්මක වූ විහාරස්ථානයේ වැඩ සිටි හිමිවරුන් සහ දායකයන් තුවාල ලබා අසාධ්‍යව සිටි හිමියන් ගම්පහ මහ රෝහලට රැගෙන යෑමට පියවර ගෙන තිබේ. එහෙත් ඒ විටත් උන් වහන්සේ සිට ඇත්තේ අපවත්ව බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, සහකාර පොලිස් අධිකාරි එස්.කේ. උපාලි සහ පොලිස් අධිකාරි චින්තක යන නිලධාරීන්ගේ උපදෙස් මත හිරිපිටිය පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ගැමුණු විජේරත්න අපරාධ අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) ආනන්ද ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

SendShareShare
Previous Post

කාලගුණයත් අයහපත්! වැට් එකත් වැඩි කළා! උද්ධමනය 7%ක් වෙනකම් ඉහළ යන්න පුලුවන්! පාන් කියාගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට ‌ඉස්සරහට වෙන්න යන දේ ගැන මහබැංකු අධිපතිගෙන් බය හිතෙන කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජපක්ෂලා ෆේස්බුක් තහනම් කරන්න යනවා කියලා ලිප්ටන් එකේ කෑගහපු රනිල් අද ෆේස්බුක් තහනම් කරන්න නීති ගේනවා! මේක ඊළඟ පරම්පරාවටම බලපාන බරපතළ කරුණක්! මේකට අත උස්සන හැමෝගෙම බෙල්ලට කවදාහරි තොණ්ඩුව වැටෙනවා! රටටම ලැජ්ජාවක්! නිදිකුම්බා ගහක් ගලවන්න ලොකු බුල්ඩෝසරයක් දාලා! මහාචාර්ය චරිත ආණ්ඩුවේ ඔන්ලයින් පනතේ රෙදි ගලවා ඇත්ත ස්වරූපය රටටම පෙන්වයි! ඔක්කොම ඇසිය යුතුම කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.