දකුණු ආසියාවේ අධික රුධිර පීඩනය සහිත අවුරුදු 35ට වැඩි පුද්ගලයින් වැඩි පිරිසක් සිටින රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. (Sri Lanka Latest News)
අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ එම රෝගී තත්ත්වය සමග මතුවන වෙනත් සංකූලතා අවම කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බවයි.










