ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කොරෝනා වයිරසයෙන් බරපතළ හානියට පත්ව සිටින සිය රටේ ජනතාවට ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඊයේ (04) පෙරවරුවේ මෝඩි මහතාට ඇමතුමක් ලබා දී ඇති ට්‍රම්ප් මෙම ඉල්ලීම කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් ඉන්දියාවද කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට සියලුම අපනයන කිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
එසේ වුවත් මානුෂික පසුබිමක් යටතේ එම තහනම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ඉන්දීය රජය සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රෝගය පැතිර යාම ආරම්භ වූ මුල් අවස්ථාවේ සදහන් කර සිටියේ මෙම වයිරසයට ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ ඖෂධය සුදුසු බවට සෞඛ්‍ය අංශ පවසන බවත්, ඒ් සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්ය.
නමුත් ප්‍රේමදාස මහතා කළ එම ප්‍රකාශය මුල්කරගෙන ආණ්ඩුවේම ඇතැම් මැති ඇමැතිවරුන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාද ප්‍රේමදාස මහතා හාස්‍යයට ලක්කරමින් අදහස් දක්වනු දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මේ වනවිට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතාද ඉන්දීය අගමැතිවරයාට කතා කොට දැනුම් දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විසින් කොරෝනා වයිරසය සදහා සුදුසු යැයි සදහන් කරනු ලැබූ ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ ඖෂධයමය.










