දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. (Sri Lanka Latest News)
එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ විමිසිලිමත් විය යුතුයි.
පෙණහළු ආශ්‍රිත රෝග හා හතිය වැනි රෝග පවතින පුද්ගලයින් එළමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බව අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේය.
newsfirst










