• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ පක්ෂ 75ක් තියෙනවා!‌ මේ පක්ෂවලට සල්ලි එන්නේ කොහෙන්ද? වියදම් කරන්නේ කව්ද? ඔක්කොම හොයන්න ආණ්ඩුව පනතක් ලෑස්ති කරලයි තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

January 16, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ සියලු මාධ්‍යය ආයතන සිංගප්පූරුවේ මාධ්‍යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත්! නව නීති රීති මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියන් බිහිවෙනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News

පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැහැ. ඒ අනුවයි අප රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන්නේ. එය රට තුළ අසමගියක් නිර්මාණය කර තිබෙනවා. නිදහසින් පසු මෙරට ඇති වූ බොහෝ විනාශයන්ට ද එම තත්ත්වය හේතු වූවා. මෙම පක්ෂවලට මුදල් ලැබෙන්නේ කෙසේද ? වියදම් කරන්නේ කව්රුන් ද යන්න පිළිබඳව සොයා බැලීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පක්ෂ මැතිවරණවලදී මුදල් වියදම් කරන ආකාරය සොයා බැලීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා.

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ වසරකුත් මාස හයක් තුළ අන්තයටම වැටී තිබූ රට යළි සංවර්ධනයේ මාවතට යොමු කළ නිසයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස යොදා ගත් බවද සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මේ වන විට රට ගොඩ නැගීම වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන්නේ 2020 දී පරාජය වූ අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බව පැවසිය යුතුයි. එසේ නම් ජනතාව මතක තබාගත යුතුව ඇත්තේ අද වන විට හිඟයකින් තොරව ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භුක්ති විදින්නේ ඔවුන් විසින් පරාජය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමෙන් බවයි. අද රට සාමාන්‍ය තත්ත්වය පත්ව තිබෙන්නේ එම ලියවිල්ල නිසා බව ඔබ සිහිතබා ගත යුතුයි.
එදා අප විසින් ටෝකියෝ සම්මේලනයට ඉදිරිපත් කළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ග්‍රන්ථයේ ඇතුළත් කරුණු අද රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ දේශපාලනය කරන සියලු දෙනාම එය කියවා ගත යුතුයි.
අප තවදුරටත් එකිනෙකා විවේචනය කර ගැනීමෙන් ඵලක් නැහැ. අන්තයටම පිරිහුණු රට යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ. අද ජනතාව පෝලිම් නැති යහපත් ජීවිතයක් ගත කරමින් සිටින්නේ එම වැඩපිළිවෙළ නිසයි. එබැවින් සියලු පක්ෂ මේ සමඟ එකට සිට ගත යුතුයි. මේ යන ගමන කවුරුන් විසින් හෝ වෙනස් කළොත් එහි වගකීම ඔවුන් විසින් දැරිය යුතුයි. දෙශපාලන වාසි වෙනුවෙන් ඇතැම් අවස්ථාවල සිදු කරන යම් යම් සාවද්‍ය ප්‍රකාශවල වගකීම ද එම පාර්ශ්ව විසින් දැරිය යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී වගකීම භාර ගන්නා අවස්ථාව වන විට මේ රට තුළ කිසිවෙකුටත් දේශපාලනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කිසිම සංවර්ධන කාර්යයක් කිරීමට කිසිවෙකුටත් ශක්තියක් තිබුණේ නැහැ. වසර තුනක් අතපසු වූ එම සංවර්ධන ක්‍රියාවලි ලබන පෙබරවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට හැකියාව මේ වනවිට ලැබී තිබෙනවා.

නමුත් මෙම රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ද ඇතැම් පාර්ශ්ව උත්සාහ ගනිමින් සිටිනවා. ඒ පිරිස් මේ දිනවල වැඩ වර්ජන රැල්ලක් දියත් කර තිබෙනවා. එය ලෝකය පුරා ප්‍රචාරය කිරීමෙන් මෙරට පැමිණෙන සංචාරයකයින් ප්‍රමාණය අඩු කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබෙනවා . එමඟින් රටේ ආර්ථිකය බිද දැමිය හැකියි. ඒ හමුවේ රටට හිමි විය යුතු ඩොලර් බිලියන ගණනක් අහිමි වීමේ අවධානමක් පවතිනවා.

තවද ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජපානය මෙන්ම පැරිස් සමාජය ඇතුළු මෙරට ණය හිමි රටවල් සමඟ එක් ගිවිසුමක් ද, චීනය සමඟ තවත් ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි. ඒ සමඟ පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය මෙන්ම මිත්‍ර රටවල සහයෝගය ඇතුව රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වෙනවා. එය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ හැකියි. එවැනි ප්‍රයත්නයන් හඳුනාගෙන ඒවා පරාජය කිරීම ජනතාව සතු වගකීමක් වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-16

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයා ගන්න ඡන්ද ප්‍රතිශතය ගැන ගම්මන්පිලගෙන් අනාවැකියක්! ඒක ලංකා ඉතිහාසයේ වාර්තාවක්ලු! VIDEO I Sri Lanka Latest News

Next Post

මහ අපරාධයක්! ආච්චිත් එක්ක කැලණි ගඟේ දිය නාමින් සිටි අවුරුදු 9ක දරුවාව කිඹුලකු ඩැහැගෙන ගිහින්! පොලිසිය එද්දී කිඹුලා දරුවා කට මැද හිර කරගෙන කීප වතාවක්ම වතුර උඩටත් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.