ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. (Sri Lanka Latest News)
මෙසේ මරණයට පත් වී ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නැමති තරුණියයි.
දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබූ තිබූ අතර, ඇයට ඒ වන විට සිහිය නොමැති වී ඇති බව මාපියන් පවසති.
එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමුකර තිබූ වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබිණ.
එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය අද (16) අළුයම එහිදී මියගොස් තිබිණි.
lankadeepa










