කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබද විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙහිදී තුවාල ලැබූ එක් නිලධාරියකු රෝහල්ගත කළ බවද පොලිසිය කියයි.
දුම්රියපොළ පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදනකු සහ නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනකුද දුම්රිය පොළ භික්ෂු විවේකාගාරයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම චීවරය දරාගත් පුද්ගලයාගෙන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා හැදුම්පත ඉල්ලා තිබේ.
එම අවස්ථාවේදී සැකකරු ඉතා අශෝභන ලෙස හැසිරී පරුෂ වචනයෙන් බැන හැද සිටි චීවරය ගලවා දමා දිවයෑමට තැත් තිරීමේදී පොලිස් නිලධාරීන් ඔහු අල්ලාගැනීමට උත්සාහ කිරීමේදී වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගසා පොලිස් නිල ඇදුමේ කොළරයෙන් ඇද අතින් පයින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරීන් සැකකරු පාලනය කිරීම සදහා කටයුතු කිරීමේදී එක් නිලධාරියකුගේ අතෙහි මැණික් කටුවට ඉහළින් ලේ ගලනතුරු සපා කා ඇති බව පොලිසිය කියයි.
පසුව රථවාහන රාජකාරියේ සිටි නිලධාරියකු ද තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණ අවස්ථාවේදී එම නිලධාරියාට ද අසල තිබූ වීදුරු බෝතලයකින් කකුලට පහරදී අත සපා කා ඇති බවත් පොලිසිය කියයි.
lankadeepa










