ඉන්දියාව පාවිච්චි කර ඉවත් කරන ලද ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් මෙරටට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65දෙනෙකු ඉන්දියාවට යාමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පවසනවා.
ඉංජිනේරුවන් සඳහන් කරන්නේ ඉන්දියාවේ දුම්රිය විද්‍යුත්කරණය නිසා ඉන්දියාවේ භාවිතයෙන් ඉවත්කරන ලද ඩීසල් එන්ජින් 20 මෙරටට ලබා දීමේ සූදානමක් පවතින බවයි.
ඔවුන් සඳහන් කර සිටින්නේ, ඒ අනුව පළමුව මෙරටට දුම්රිය එන්ජින් දෙකක් එවීමට නියමිත බවත්, එම එන්ජින් දෙක පරීක්ෂා කිරීම සඳහා මෙරටින් 65දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාව බලා යාමට සූදානමක් පවතින බවයි.
තවද, ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ දුම්රිය එන්ජින් 20ක් නොව 100ක් පරීක්ෂාකිරීමට වුවත් ටෙක්නිකල්, මැකනිකල්, ඉලෙක්ට්‍රික් සහ සිවිල් යන ක්ෂේත්‍ර 04න් ප්‍රවීණ ඉංජිනේරුවන් හතර දෙනෙකු පමණක් යාම ප්‍රමාණවත් බවයි.
කෙසේ වෙතත්, ඉන්දියාවෙන් නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 65 දෙනෙකු ඉන්දියාවට යාමට නියමිතව ඇති බවට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වී ඇති රුපියල් බිලියන 16ක පමණ වටිනාකමින් යුත් දුම්රිය එන්ජින් 20 සම්බන්ධයෙන් මෙලෙස අසත්‍ය ප්‍රචාර පළකිරීම එම පරිත්‍යාග හෑල්ලුවට ලක්කිරීමක් බවයි.
hirunews











