• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF නියෝජිතයන් හමුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය කියන කතාව! කරපු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයුවා! PHOTOS I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
IMF නියෝජිතයන් හමුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය කියන කතාව! කරපු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයුවා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.Sri Lanka Latest News

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.

එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා (Peter Breuer) සඳහන් කළේය.

2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.

උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වූ බවත්, මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත.

විශේෂයෙන්ම ප්‍රාග්ධනය සහ යාන්ත්‍රණ ගොඩනැඟීම තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයට දායක වී ඇති බවත් එය දැනට පවතින පාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයන් ලෙස සටහන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ඉදිරි විධිමත් සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සිදු කිරීමට සැලසුම් කරන බැවින්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම්, විදුලි ගාස්තු සහ දේපල බදු අය කිරීම යනාදිය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ.
පවතින ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැටලු විසදා ගැනීම සහ පාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙහිදී අවධාරණය කළහ.

බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීම සහ බැංකු ක්ෂේත්‍රය ප්‍රතිප්‍රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
පාලන යාන්ත්‍රණය පිළිබඳව ද අවධානය යොමු කරමින්, දූෂණ විරෝධී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම එහි කොමසාරිස්වරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතු නිපුණතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්විය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක වන රාජ්‍ය සේවයේ ධාරිතාව ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළ කර ඇති අතර ඊට අදාළ සාකච්ඡා ඉදිරි සතිවලදී සිදු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට රැඳී සිටින කාලය තුළ, මෙම ප්‍රධාන ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කෙරිණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-12

SendShareShare
Previous Post

ලංකාව කැසිනෝ පුරයක් කරන්න තවත් කැසිනෝ ලයිසන් 10ක් දෙන්න යනවා! Sri Lanka Latest News

Next Post

එකක් නම් හරි! ඊළඟට කරන්න ඕන දේ IMF එක ලංකාවට දැනුම් දෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.