• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උමතු මනුස්සයෙක්ද? විකෘති කාමාශාවන් තියෙන කෙනෙක්ද? බණ්ඩාරවෙල නදීශානිව දෙවරක් මැරුවේ කවුද? I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මළසිරුරක් එක්ක ලිංගික සබඳතා පැවැත්වීම මානසික රෝගයක් – මනෝ වෛද්‍ය කාන්ති හෙට්ටිගොඩ…

අම්මෙකුට තාත්තෙකුට දරුවන් කියන්නේ සම්පතක්. දුවෙක් කියන්නේ තාත්තා මැණිකක් වගේ රකින වස්තුවක්. ඒ වගේ වටිනා සම්පතක් අහිමි වීම තාත්තෙක් දරාගෙන්නේ කොහොමද? මේක සාමාන්‍යයෙන් අහන්න දකින්න ලැබෙන්නේ නැති අමුතුම කතාවක්. ඒ වගේම මිනිසත්කමට නිගා දෙන, පිළිකුල්සහගත කතාවක් කිව්වොත් නිවැරැදියි.(Sri Lanka Latest News)

මේ සිදුවීම අපට වාර්තා වුණේ බණ්ඩාරවෙල බදුලවත්ත ප්‍රදේශයෙන්. ඒ ගමේ ජීවත් වෙච්ච 25 හැවිරිදි රශ්මිකා නදීශානි බණ්ඩාරවෙල රෝහලට ඇතුළෙත් කෙරුණේ උණ රෝගය හේතුවෙනුයි. ඇගේ රෝගී තත්ත්වය නිව්මෝනියාව බව තහුරු වීමත් සමග ඇය දියතලාව රෝහලට මාරු කර යවනු ලැබුවත් උත්සන්න වූ රෝග ලක්ෂණ හේතුවෙන් දෛවයේ සරදමට ලක්වෙමින් පසුගිය 03 වැනිදා ඇයට ජීවිතයෙන් සමුගන්නට සිදුවුණා. පෙරපාසල් ගුරුවරියක් වූ නදීශානි ඉතා අහිංසක විදියට ජීවත් වුණු, කාටවත් කරදරයක් නැති තරුණියක්. අම්මා තාත්තාට ඇගේ අහිමි වීම දරාගන්නට බැරිව ගියා. ඇගේ නිසල දේහය නිවෙසේ තබාගෙන සිටීම නිසා ඇතිවන දුක් වේදනාව ඉවසන්නට බැරි නිසා අවසන් කටයුතු පසු දිනම සිදුකරන්නටයි මවුපියන් ඇතුළු පවුලේ ඥාතීන් කටයුතු කළේ. ඒ අනුව පසුගිය 04 වැනිදා බණ්ඩාරවෙල බදුල්ලවත්ත පොදු සුසානභූමියේදී ඇගේ භූමදානය සිදුකෙරුණා.

ඇය මියගොස් දින හතකට පසු සිදුකෙරෙන සත් දින පින්කම අවසානයේ නදීශානිගේ පියා ඇය මිහිදන් කළ ස්ථානයට ගියා. දියණිය ජීවතුන් අතර නැතත් ඇය මිහිදන් කළ ස්ථානය හෝ දැකගැනීම මේ අහිංසක තාත්තාගේ ආශාව වුණා. සුසාන භූමිය තිබුණේ නිවෙසේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි වනගත ප්‍රදේශයකයි. ඒ අනුව එහි ගිය පියාට දැකගන්නට ලැබුණේ තමා සිහිනෙකින් හෝ නොසිතූ දසුනක්. ඒ, දින දෙකකට පෙර වළදැමූ තම දියණියගේ මෘත දේහය කිසියම් පුද්ගලයකු විසින් නැවත ගොඩට ගෙන ඇති ආකාරයයි. මෘත දේහය සරසා තිබූ ඇඳුම් ආයිත්තම් ඉවත් කොට, නිරුවත් කර ඇති ආකාරයද නදීශානිගේ තාත්තාට දැකගන්නට ලැබුණා. කුඩා කල පටන් ආදරෙන් කවා පොවා ලොකුමහත් කළ තම ආදරණීය දියණියට කළ මේ මහපොළොන නූහුලන අපරාධය ගැන තාත්තා තුළ ඇතිවුණේ මහත් කම්පනයක්. ඒ කම්පනය දරාගන්නට නොහැකිව ඔහු මාධ්‍යයට පවසා තිබුණේ මෙවැන්නක්.

‘අනේ අපි ලස්සනට හදපු දරුවාට මෙහෙම අපරාධයක් කළේ කවුද? වැරදිකරුවෙක් ඉන්නවා නම් දඬුවම් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ…’

‘මේ සිදුවීම දැක්කට පස්සේ දරුවාගේ තාත්තා කම්පනයට පත්වෙලා හිටියේ. මට ඇවිත් කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි පොලිසිය දැනුවත් කළා. මේ දරුවා හොඳින් ඉගෙනගත්තු පාඩුවේ ජීවත්වුණු දරුවෙක්…’ යනුවෙන් ගම්වාසියකුද පවසා සිටියා.

දේහය ගොඩට ගත් ස්ථානය අසල වළ හෑරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන සවලක්ද, වතුර ටැංකියක පියනක්ද තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම සිදුවීම ගැන පොලිසියට පැමිණිලි කිරීමටයි දැරියගේ පියා කටයුතු කර තිබුණේ. ඒ අනුව, බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම අදාළ සුසාන භූමිය වෙත පිටත්කර හැරුණා. පොලිස් නිල සුනඛයකුද යොදාගෙන සිදුකෙරුණු විමර්ශනවදී අනාවරණ වී ඇත්තේ වළ හෑරීමට යොදාගත් සවල අසල්වැසි නිවෙසකින් සොරාගන්නා ලද එකක් බවයි.

කිසියම් පුද්ගලයෙක් සවලෙන් පස් හාරා වතුර ටැංකි පියනෙන් පස් ඉවත් කර, මීනි පෙට්ටිය ගොඩට ගෙන ඇති බවත්, සවලෙන් පහර කිහිපයක් එල්ල කර මිනී පෙට්ටිය ගලවා දේහය ඉවතට ගෙන ඇති බවත් හෙළිව තිබෙනවා. එම පුද්ගලයා මළ සිරුර නිරුවත් කර ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවද බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහණ මහතා සඳහන් කළා. මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයා විකෘති ආශාවන්ගෙන් යුතු අයකු විය හැකි බවත්, මියගිය තරුණියට දැඩි අශාවෙන් ඔහු පසුවී ඇති බවත් විමර්ශන අංශ හෙළිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය සඳහන් කළා. එසේම කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු මෙම සිදුවීමට සම්බන්ධවී ඇති බවට සැක කරන බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අධම ක්‍රියාව සිදුකළේ කවුරුන් වුණත්, මිනිස් සිත මේ තරම් පහත් තත්ත්වයට වැටුණේ ඇයිද යන්න ප්‍රදේශවාසී හැම කෙනකුගේම අදහස වුණා. මෘත දේහයක් සමග හෝ ලිංගිකව එක්වීමට සිතන මේ පුද්ගලයා කොයි තරම් නිර්ලජ්ජිතද?

ආදරෙන් රැකබලා ගත් දියණිය මියගිය වේදනාව පමණක් නෙවෙයි ඒ මවුපියන්ට දැන් තියෙන්නේ. තමන් පණ සේ ආරක්ෂා කළ දියණිය මියගිය පසු ඇගේ දේහයට කළ මේ අපරාධය පිළිබඳ ඔවුන්ගේ හිත්වල මොන තරම් වේදනාවක්, මොන තරම් තරහක් ඇතිද?

මෘත දේහයක් කියනනේ කොයි තරම් විෂබිජවලින් පිරුණු දෙයක්ද? මෙවැනි විකෘති මානසික රෝගීන් හඳුනාගෙන මානසික වෛද්‍යවරුන් වෙත යොමු කිරීමෙන් සමාජයට වන බරපතළ හානියක් යම්තාක් දුරකට හෝ වළක්වා ගැනීමට හැකිවෙනවා. ඒ වගේම මෙවැනි විකෘති මනස් සහිත පුද්ගලයන් නිසා කාන්තාවන්ගේ ජීවිතවලට ඇතිවෙලා තියෙන්නේ විශාල අවදානමක්. ඒ නිසාම මෙවැනි පුද්ගලයන් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ උපදේශනය සඳහා යොමුකීම සමාජයට සිදුකරන මහත් මෙහෙවරක් වෙනවා.

මෙවැනි විකෘති ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට පෙළඹෙන පුද්ගලයන්ගේ මානසිකත්වය පිළිබඳ මනෝ වෛද්‍ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය වෙබ් අඩවියක් වෙත අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි.

‘මෘත ශරීරවලට මෙවැනි ආකාරයේ හිංසා කිරීම් ලෝකය පුරාම වාර්තා වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් සිදුවුණා කියලා වාර්තා වෙන්නෙ මෝචරි සහ එම්බාම් කරන ස්ථානවලදීයි. මේක සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. මනෝවිද්‍යාත්මකව මෙය මානසික රෝගයක්’

‘බොහෝවිට මෙවැනි දේකට යොමුවන කෙනෙක්ට සාමාන්‍ය ලිංගික හැසිරීමකින් තෘප්තියක් ලබාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අය මෘත ශරීරයක් තෝරාගන්නේම මෘත ශරීරයකට ඔවුන්ට එරෙහි වීමට හැකියාවක් නැති නිසයි. ඒ නිසා මේක අපි සලකන්නේ අපගාමී ලිංගික හැසිරීමක් හැටියටයි.’

මේ සම්බන්ධයෙන් ලෝකයේ සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ ද ඇත්තේ අඩු මට්ටමක බව ඇය සඳහන් කළා.

‘ජීවත්ව ඉන්න කෙනෙක්ට සිදුවන හිංසනයක් තරම් මේ වගේ දේකදී අවධානය යොමුවෙනවා අඩුයි. මොකද මෘත ශරීරයකට කතා කරලා කියන්න බැහැ තමන්ව හිංසනයකට ලක්වුණා කියලා. ඒ නිසාම මේ මානසිකත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ සිදුවෙලා තියෙන්නෙත් අඩුවෙන්. අපට මෙවැනි පුද්ගලයන්ගේ ජානමය දත්ත වගේ දේවල් ගැන කියන්න බැරි ඒ නිසයි. ඒ වගෙම මනෝ විද්‍යාවෙත් මේ රෝගය ප්‍රධාන රෝගයක් විදිහට නෙවෙයි දක්වන්නෙත්. නමුත් මේ පිළිබඳවත් හොඳ පර්යේෂණ සිදුකළ යුතුයි කියා මම හිතනවා…’ යනුවෙන් ඇය අදහස් දක්වා තිබුණා.

අපේ සමාජය කොයි තරම් පිරිහිලාද කියලා තමයි අපට මේ සිදුවීම ගැන කියවද්දී දැනෙන්නේ. ඒ නිසා සෑම මිනිසකුම තමන්ගේ අම්මා, තාත්තා සහෝදරයා, සහෝදරිය ලෙස හිතුවා නම් මේ වගේ පහත් නින්දිත ක්‍රියාවන්ට කිසිවකු යොමුවන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ ජීවිතයට වගේම අන් අයගේ ජීවිතවලටත් ආදරේ කළ යුතුයි. මිනිසත්කමට නිගා දෙන මෙවැනි අධම ක්‍රියාවන් ගැන අහන්න දකින්න අපි කවුරුත් කැමැති නැහැ. ඒ නිසා මිනිසත්කමට ආදරේ කරන්න හැම කෙනෙක්ම හුරු විය යුතුයි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඉඩමක් අල්ලගෙන ආණ්ඩුවේ සල්ලිවලින් ගොඩනැගිලිත් හදලා ඒකෙන් එන ආදායම පෞද්ගලික ප්‍රයෝජනයට අරන්! රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට වහාම ඉඩමෙන් පිටවෙන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් නියෝගයක්! මෙන්න ගහපු නිවේදනය! Sri Lanka Latest News

Next Post

CIDය රොහාන්ට දෙයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.