ලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
“සෞභාග්‍යා ගෙවත්ත” තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ දායකත්වයෙන් ඊයේ (02) ආරම්භ විය.
මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම චමල් රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව පැවසේ.
මෙම වැඩසටහනට සමගාමීව www.saubagya.lk වෙබ් පිටුව මහජනතාවට හඳුන්වා දුන් අතර මෙම වෙබ් පිටුවට අවතීර්ණ වී ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ සහ පැළ ඇනවුම් කිරීම, උපදෙස් ලබා ගැනීම සහ තම යෝජනා ඉදිරිපත් කිරීම සිදු කළහැක. මෙම වැඩසටහන මගින් ගෙවතු දසලක්ෂයක් බිහිකිරීම රජයේ අභිප්‍රායයි.












