කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය සිව්වැන්නාද ඊයේ (03) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති මෙම පුද්ගලයා 58 හැවිරිදි අයකු බව පැවසේ.
මෙම රෝගියාට නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර තිබේ.
එමෙන්ම මේ වනවිට ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 151ක් බවට පත්ව ඇත.
කෙසේවෙතත් මේ වනවිට ලෝකයේ ආසාදිතයන් ප්‍රමාණය මිලියනය හෙවත් ලක්ෂ 10 ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය 50,000 ඉක්මවා ඇති බව සදහන්ය.










