දෙරණ රූපවාහිනියේ විකාශය වන වාදපිටිය වැඩසටහන අතරතුරදී එහි නිවේදක චතුර අල්විස් විසින් කර ඇතැයි කියන ජාතිවාදී ප්‍රකාශනයක් සම්බන්ධයෙන් හිටපු එජාප අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කරුණු දැක්වීමක් කර ඇත.
එදින වැඩසටහනට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, බුද්ධික පතිරණ අතුලු පිරිසක් එක්ව සිටියහ.
චතුර අල්විස්ගේ මෙම ප්‍රකාශය වාදපිටිය විවේක කාලයේදී සිදු කර තිබුණද අත්වැරදීමකින් දෙරණ නාලිකාව එය සජීවීව විකාශය කොට ඇති බව දැනගන්නට තිබේ.










