දෙසැම්බර් 31 වන දින අලුයම වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවුණු තොරතුරු රැසක් රටට අනාවරණය කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
මෙහිදී පොලිස් නිලධාරියකු මියගිය අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකටයුතු කරුණු රැසක් මතුව ඇති බවද ඒ මහතා කීය.
මාධ්‍ය හමුවේදී ඔහු නගපු ප්‍රශ්න පහත ආකාරය.
වැලිගම පොලිසියත් එක්ක කතා නොකළේ ඇයි?
වෙඩි වැදුණු පොලිස් නිලධාරීන් දෙන්නාව අරගෙන කොළඹ එන්න ආවේ ඇයි?
අධිවේගී පිවිසුමේදී කතාකරපු ඉහළ පොලිස් නිලධාරියා කව්ද?
පොලිසිය ව්‍යාජ අංකයක් වාහනයේ ගහගෙන ගියේ ඇයි?
කොළඹ ඉඩමක පළහිලව්වක් වෙඩිතැබීම පසුපස තිබුණාද?










