• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යනවා-එනවා-කනවා-බොනවා එච්චර තමයි ලැබෙන රෙද්දක් නෑ අපිව රවට්ටන ඩයස්පෝරා බොරුව I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඩයස්පෝරාවේ බොහෝ දෙනකු ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න කැමැතියි. නමුත් උතුරු – නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදුන්නොත් තමයි ඒ අය තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවට අරගෙන එන්නේ. දෙමළ ඩයස්පෝරාව කියන්නේ මේ රටේ ජීවත් වෙච්ච දෙමළ ජනතාව. ඒ අයට යම් කාලවලදී සිදුවුණු ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට නොහැකිව මේ උපන් රට දාලා විදේශයන්ට ගිය මිනිස්සු.(Sri Lanka Latest News)

ඒ අය අද කාලයක් පුරා ඒ රටවල ජීවත් වෙලා දැන් ඒ අයගේ කැමැත්තක් තිබෙනවා තමන් ඉපදුණු මේ රටේ ප්‍රදේශවල සහ තමන්ගේ ජාතියට සේවයක් කිරීමට. අපි පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදුකළ සාකච්ඡාවේදී දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ගෙන්වා ගැනීම ගැන සාකච්ඡා කළා. දින කිහිපයකට පෙර තිබුණු සර්වපාක්ෂික සමුළුවේදීත් අපි මේ පිළිබඳ කතා කළා. ඩයස්පෝරාවේ බොහෝ දෙනකු ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්න කැමැතියි. එහෙත් එයට පෙර උතුරු-නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදෙන්න ඕනෑ.’

මෙම වගතුග කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම කතාව අපට ඇසෙන්නේ පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ දිනයකදීය. එනම් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. මෙම වගතුග කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ දෙමළ දේශපාලන නායකයකු විසිනි. ඔහු නම් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාය. ඔහු 2022 වසරේ මාර්තු මාසයේදී මෙම ප්‍රකාශය සිදුකළේ එවිට විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ රජය සමග සිදුකළ සාකච්ඡා කිහිපයක පසුබිම යටතේදීය.

එම දෙමළ ඩයස්පෝරාව නියෝජනය කළ ප්‍රධානියා වූයේ මෙයට වසර 20කට පෙර ශ්‍රී ලංකාවෙන් යුරෝපයට සංක්‍රමණය වුණු නිමලන් විශ්වනාදන් නමැත්තෙකි. ඔහු යුරෝපයේ දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන නායකයකු ලෙස සැලකෙයි. එවක ඔහු තවත් ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනකු සමග මෙරටට පැමිණ මුලින්ම හමුවූයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක හිමියන්ය. ඉන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමගද සාකච්ඡා කළේය. ඉහත දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් තම ප්‍රකාශය සිදුකරන විටදී එම කාලයේදීම නිමලන් විශ්වනාදන්ද තම ප්‍රකාශය මාධ්‍යයන් වෙත සිදුකළේය. ඔහු එවිට ආන්දෝලනාත්මක වගතුගක් කියා සිටියේය.

‘මේ රටේ සිටින දෙමළ දේශපාලකයන් දෙමළ ජනතාව වෙනුවෙන් නිසි සේවයක් ඉෂ්ට කරලා නැහැ. 2018 දී එවක යහපාලන රජය උතුරේ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 63ක් වෙන්කරලා තිබුණා. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන් මේ මුදල් ප්‍රතිපාදනවලින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. උතුරේ ජනතාවගේ සුබසිද්ධියට මේ දෙමළ දේශපාලකයන් නිසි අයුරින් යමක් කළේ නැහැ අඩු තරමින් උතුරේ එක් විශාල කර්මාන්ත ශාලාවක්වත් ආරම්භ කරලා නැහැ.

එම මුදල් ප්‍රතිපාදන කිසිම තේරුමක් නැතිව විනාශ වෙලා ගියා. අපගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ඔබට ප්‍රකාශ කරන්න විශේෂ කරුණු කිහිපයක්ම තිබෙනවා. අපගේ දෙමළ ඩයස්පෝරාව සතුව තිබෙන ධනය ඉදිරියේදී මේ රටේ සංවර්ධන කටයුතු සහ ආයෝජන වෙනුවෙන් යෙදවීමට අප කැමැතියි. මෙහිදී දෙමළ ඩයස්පෝරාවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක වශයෙන් මම කටයුතු කරනවා. දැනට ශ්‍රී ලංකාව තුළ මතුව තිබෙන විදේශ විනිමය අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ඩයස්පෝරාවට හැකියි. ඒ අවශ්‍ය විදේශ විනිමය රුපියල් ටි්‍රලියන 15ක් පමණ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට දෙමළ ඩයස්පෝරාව සූදානමින් සිටිනවා.

මෙම කටයුතු අතරවාරයේදී අප ශ්‍රී ලංකාව තුළ අලුත් දෙමළ දේශපාලන පක්ෂයක්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙරට සිදුකෙරෙන මූල්‍ය ආයෝජනයන්ට අමතරව මෙරට සිටින සිසුන්ට යුරෝපය ඇතුළු බටහිර රටවල අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා ලබාදීමටද දෙමළ ඩයස්පෝරාව උදව් කිරීමට සූදානමින් ඉන්නවා. තවද ශ්‍රී ලංකාවේ අපනයනය ශක්තිමත් කර විදේශ රටවල් සඳහා මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කිරීමටද අප සැලසුම් කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව සිටි සමයේදී ඩයස්පෝරාවේ අරමුදල් එම සංවිධානයට ලබාදුන්නත්, යුද්ධයේ අවසානයත් සමග එම අරමුදල් එල්.ටී.ටී.ඊ. කටයුතු ප්‍රවර්ධනය සඳහා අප විසින් ලබාදුන්නේ නැහැ. ඒ නිසා අප සංවිධානයන් සතුව විශාල අරමුදලක් තිබෙනවා. මෙයින් 70%ක පමණ බහුතර මුදලක් මෙරට ආයෝජනය සඳහා යෙදවිය හැකියි. මෙරට ණය පවා අපට ගෙවාදැමිය හැකියි…’

ඔහු තවදුරටත් එවිට ප්‍රකාශ කර සිටියේ ඉදිරියට වසර 03ක් වැනි කාලයක් තුළදී මෙලෙස ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනයක් සඳහා යෑමට අවශ්‍ය වන මාවත සකස් කරන බවයි. දැන් ඔබට මෙම නිමලන් විශ්වනාදන් නමැති දෙමළ ඩයස්පෝරා නායකයාගේ භූමිකාව කුමක්දැයි අවබෝධ වෙනවා ඇතිය. එසේ නම් වර්තමානයේදී සිදුව ඇත්තේ කුමක්ද? එම දෙමළ නායකයා එම ප්‍රකාශය සිදුකර දැනට වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇත. එනම් ඔහු පැවැසූ ලෙස මෙරට තුළ දෙමළ ඩයස්පෝරාවෙන් යම් සංවර්ධනයක් හෝ ආයෝජනයක් හෝ සිදුවූයේද? එක එල්ලේම එයට දිය හැක්කේ එකම පිළිතුරක් පමණි.

ඔහු එලෙස වසර දෙකකට පෙර පැවැසූ කිසිදු ආයෝජනය් මෙරට තුළ සිදුවූයේ නැත. මේ සියල්ලම දෙමළ ඩයස්පෝරාවේ ‘කටින් බතල කොල සිටුවීම’ හෝ ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ යන පැරැණි කියුම් මතකයට නැංවීමක් පමණි. එම අවස්ථාවේදී නිමලන් විශ්වනාදන් ප්‍රකාශ කර සිටි රුපියල් ටි්‍රලියන 15ක සුවිශාල ආයෝජනය නිකම්ම නිකම් මායාවක් පමණි. රුපියල් ටි්‍රලියන 15ක් තබා එක රුපියල් ලක්ෂයකවත් ආයෝජනයක් සිදුව නැත.

එකල මාධ්‍ය වාර්තා විසින්ද මෙම පුද්ගලයාගේ වැඩපිළිවෙළ ගැන ලබාදුන් ප්‍රචාරය අතිවිශාල විය. සමහර පුවත්වලින් හෙළිව තිබුණේ නිමලන් විශ්වනාදන් යනු මෙරට ආර්ථික අගාධයෙන් ගලවා ගැනීමට පැමිණි ගැලවුම්කාරයකු වශයෙනි. කෙසේ හෝ අනෙක් අපූරු කතාන්දරය නම් නිමලන් විශ්වනාදන් නමැති මිනිසා දැන් ඉන්නා තැනක්ද දැනගන්නට නොමැති වීමය. ඔහු යුරෝපයේ ජීවත් වනු ඇති වුවද ඔහු ගැන මාධ්‍ය වාර්තාවක් හෝ දක්නට නැත. මෙය විටෙක හාස්‍යමය වටපිටාවක්ද මවාපායි.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රධාන දෙමළ ඩයස්පෝරා සංවිධාන 06කට නිල තහනමක් පනවා තිබිණි. එවිට එම සංවිධාන විසින් අදාළ තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයත් එම සංවිධාන බහුතරයක තහනම ඉවත් කරනු ලැබීය. ඒ අනුව එම වටපිටාවේදී ඩයස්පෝරා සංවිධාන තීරණය කළේ මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහාය ලබාදීමටය. ඒ ආකාරයට පසුගිය කාලය පුරා විවිධ දෙමළ ඩයස්පෝරා නායකයන් සහ සංවිධාන කිහිපයක්ම මෙරටට පැමිණියේය. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි අනෙක් පිරිස් කවුරුන්ද?

මෙයට මාස හයකට පෙර මෙරටින් වාර්තා වූයේ මහත් ආන්දෝලනාත්මක පුවතකි. එනම් ලොව සිටින ප්‍රකට ධනකුවේරයකු වන ශ්‍රී ලාංකිකයකු වූ දැනට මහා බි්‍රතාන්‍යයේ වාසය කරන සුභාස්කරන් අලිරාජාගේ ආගමනයයි. විදේශ දෙමළ ඩයස්පෝරාව සමග ප්‍රබල සම්බන්ධකම් ඇති, එමෙන්ම එම ඩයස්පෝරා නායකයකු ලෙසද සමහර පාර්ශ්ව හඳුන්වනු ලබන සුභාස්කරන් අලිරාජා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහුගේ මෙම ආගමනයත් සමග ප්‍රකාශ වූයේ ඔහු මෙරට සුවිශාල ව්‍යාපෘතීන් සඳහා තම ආයෝජනයන් සිදුකරන බවය. එනම් එහිදී හෙළිවූයේ ශ්‍රී ලංකාවේ සුවිශාල ව්‍යාපාර දෙකක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් රෝහල් සමගමෙහිද බහුතර කොටස් අලිරාජා විසින් මිලට ගන්නට යන බවකි. එම අවස්ථාව හිමිකර දීමට වත්මන් රජයද කැමැත්ත ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය. ඒ අනුව එම ප්‍රධාන ව්‍යාපෘතීන් දෙක සමග මෙරට තුළ තවත් ව්‍යාපෘති කිහිපයක් ඇරැඹීමටද සුභාස්කරන් අලිරාජාගේ අභිලාසය විය. එසේම තවත් සුවිශේෂ පුවතක් ලෙස වාර්තා වූයේ ඔහු විසින් ශ්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂයක්ද ආරම්භ කිරීමට කටයුතු කිරීමයි.

ඒ සඳහා ඔහු දේශපාලන පක්ෂයක හිමිකාරීත්වය ලබාගෙන ඇතැයි කරුණු ප්‍රකාශ විය. සුභාස්කරන් අලිරාජා යනු එංගලන්තයේ මූලස්ථානය පිහිටා තිබෙන ‘ලයිකා මොබයිල්’ නමැති සුවිශාල සන්නිවේදන සමාගමේ අයිතිකරුවාය. දෙමළ ඩයස්පෝරාව සමග ඉතා සමීපව දේශපාලනය කරන සුභාස්කරන් අලිරාජා මෙරට තුළ දේශපාලන පක්ෂයක් අත්පත් කරගෙන ඇත්තේ මෙරට ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර පළාත් නියෝජනය කිරීමට සුදුසු ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණෙන් බවද ප්‍රකාශ වෙයි. මෙම ධනකුවේරයා ගැන මෙයට මාස දෙකකට පෙර තවත් සුවිශේෂ පුවතක්ද වාර්තා විය. එම වගතුග කුමක්ද?

සුභාස්කරන් අලිරාජා සතුව තිබෙන ප්‍රංශයේ පිහිටා ඇති ලයිකාමොබයිල් සමාගම මුදල් විශුද්ධිකරණය උදෙසා කටයුතු කර ඇතැයි පසුගිය 2023 ඔක්තෝබර් මාසයේදී ප්‍රංශයේ මහාධිකරණයක් තීන්දු කළේය. ඒ අනුව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටොපර් ටූලිට වසර 03ක සිර දඬුවමක් නියම කළ අතර, යුරෝ 2,50,000ක දඩ මුදලක්ද නියම කෙරිණි.

එයට අමතරව සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වූ ඇලන් ජෝචිමෙක් හටද වසර 03ක සිර දඬුවමක් සහ යුරෝ 1,20,000ක දඩ මුදලක් නියම කළේය. එසේම ප්‍රංශ අධිකරණය විසින් ලයිකාමොබයිල් ප්‍රංශ සමාගමට යුරෝ මිලියන 10ක අතිවිශාල දඩ මුදලක්ද නියම කළේය. ප්‍රංශ අධිකරණය මෙසේ නියම කළ දඬුවම් ගැන තමන් එකඟ නොවන්නේ යැයි ලයිකාමොබයිල් සමාගමේ හිමිකරු සුභාස්කරන් අලිරාජා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. මෙම සිදුවීම පසුගියදා ලොව මහත් ආල්දෝලනයට පත්කර තිබිණි.

මෙවැනි වටපිටාවක් තුළ මෙයට හරියටම මාසයකට පමණ පෙර තවත් දෙමළ ඩයස්පෝරා කතාවක් හෙළිවන්නට විය. එය නම් ලෝකයේ ප්‍රබලතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදයේ සභාපති සුරේන් සුරේන්දිරන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමය. මෙම පිරිස මුලින්ම මල්වතු-අස්ිරි පාර්ශ්වවල නායක හිමියන්ද හමුවී සාකච්ඡා කළ අතර, පසුව බෞද්ධ භික්ෂු පාර්ශ්වයක් සමග ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවිය. පසුගියදා මෙම ගෝලීය දෙමළ සංසදයට වසර ගණනාවක් පුරා පනවා තිබුණු ශ්‍රී ලංකා රජයේ තහනමද ඉවත් කරනු ලැබීය. මෙම ගමනේදී සුරේන් සුරේන්දිරන් මෙසේ ප්‍රකාශ කර තිබුණේය.

‘දෙමළ ඩයස්පෝරාවේ ලක්ෂ 17ක විතර පිරිසක් මේ වනවිට විදේශ රටවල ජීවත් වෙනවා. මේ අයගෙන් වැඩි පිරිසක් හොඳ ආර්ථික තත්ත්වයක ඉන්නවා. හුඟ දෙනෙක් මිලියනර්ස්ලා. කිප දෙනෙක් බිලියනර්ස්ලාත් ඉන්නවා. මේ අය කැමැතියි ලංකාවට උදව් කරන්න. සල්ලි විතරක් නෙවෙයි දැනුම, තාක්ෂණය ගේන්නත් අපි කැමැතියි. උතුර-නැගෙනහිර විතරක් නෙවෙයි මේ රටේ අනෙකුත් පැතිවලටත් අපි උදව් කරන්න කැමැතියි…’

ඩයස්පෝරාවල් කෙතරම් බණ දේශනා කළද මෙතෙක් මෙරටට ලැබුණු කෙංගෙඩියක් නම් නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලසන්ත මරා දමා අදට අවුරුදු 15යි! තවම ඝාතකයන් කවුද කියලා හොයාගෙන නෑ!  I Sri Lanka Latest News

Next Post

‘ඉමියුනෝග්ලෝබින්’ කියලා ‌ස්නායු රෝගීන්ට දීලා තියෙන්නේ පාට කරපු ‘වතුර’! ‌රෝගීන් තිදෙනෙකුට මේ ‘වතුර’ දීලා මාරාන්තික වුණා! නීතිපති අධිකරණයට දැනුම් දෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.