කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකු අනිවාර්ය නිවාඩු ගැන්වීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සේවාවල නිරත ගුවන් සමාගම් වෙත එම ගුවන් සේවා කඩාකප්පල් කිරීමේ අරමුණින් ලිපි යවා ඇති බවයි.
එවැනි පියවරක් ගැනීමට ඔවුන්ට නීත්‍යනුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සඳහන් කරන සභාපතිවරයා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම පරීක්ෂණ අවසන් වන තෙක් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම තහනම් කළ බව එම ලිපි මඟින් දැනුම් දී ඇත.










