ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු පරිශ්‍රයන්ට ඇතුළුවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝගයක් නිකුත් කළේය.Sri Lanka Latest News
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලි සේවක සංගමය පසුගිය බදාදා තෙදින විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.
මහජනයාට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණයේ නිරතවන ලෙසත් රාජ්‍ය දේපළ වලට අලාභානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී උද්ඝෝෂණකරුවන්ට නියෝග කළේය.










