• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයින්ටත් හැදිලා… හෝ ගාලා යන්නේ අලුත් කොරෝනාවද? I Sri Lanka Latest News

January 5, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛණ්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාළ එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක නිසා කොවිඩ් ආශ්‍රිත මරණ සිදුවීමේ අවමභාවය මුල් කරගෙන මේ වනවිට කොවිඩ් රෝගය සඳහා අප අනුගමනය කළ ආරක්ෂක විධිවිධාන පවා ඉවත් කරගෙන සිටිනවා.(Sri Lanka Latest News)

එවන් පසුබිමක නැවත කොවිඩ්-19 අවදානමක් පිළිබඳ රට තුළ කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය පළකිරීම්

දින කිහිපයක සිට නවතම කොවිඩ්-19 ප්‍රභේදය පිළිබඳවත්, එය ශ්‍රී ලංකාවේ පැතිරී යාම පිළිබඳවත් විශාල කතිකාවක් සමාජය තුළ ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති ඇතුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මෙම පුවත වැඩි වශයෙන් හුවමාරු වීම සහ ජනතාව අතර ආන්දෝලනය වැඩි කළේ දෙසැම්බර් 23 වැනිදා මහනුවර ප්‍රදේශයේ සිදුවූ කොවිඩ්-19 ලෙස සැලකෙන පුද්ගල මරණයක් සමගය. මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් මේ වන විටත් හුවමාරු වෙමින් පවතිනවා. ප්‍රධාන මාධ්‍ය ජාල ඔස්සේද මේ සම්බන්ධ ප්‍රවෘත්ති පළකර තිබුණු අතර, ඒ අනුව මෙම පළකිරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බැලීමට factcrescendo වෙබ් අඩවිය පියවර ගෙන තිබිණි.

කරුණු විමර්ශනය

කොවිඩ්-19 JN. 1 ප්‍රභේදයේ පැතිරයාම

මේ වන විට ලොව පුරා කොවිඩ් JN. 1 උපප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරී යමින් පවතිනවා. මෙය කොවිඩ්-19 ඔමික්‍රෝන්හි තවත් උපප්‍රභේදයක්. සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ දක්නට ලැබීමෙන් අනතුරුව මේ වන විට මෙම ප්‍රභේදය රටවල් 41ක ව්‍යාප්තව පවතිනවා. මෙහි සම්ප්‍රේෂණ හැකියාව සාපේක්ෂව ඉහළ අගයක පවතින නිසා අනතුරුදායක බව ඉහළ තත්ත්වයක පවතිනවා.

මේ වන විටත් අසල්වැසි ඉන්දියාවේ මෙම කොවිඩ් උපප්‍රභේදය ඉහළ වශයෙන් ව්‍යාප්ත වී පවතිනවා. කෙසේ නමුත් ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග ශ්‍රී ලංකාව යම් අවදානමකට මුහුණ දී සිටිනවා. ඒ සමග JN. 1 ප්‍රභේදයේ රෝගීන් රට තුළින් හඳුනාගැනීම් පිළිබඳ කතාබහක් ඇතිවී තිබෙනවා.

මේ පිළිබඳ තහවුරු කිරීම සඳහා මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාව අප සම්බන්ධ කරගත්තා. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳ තවමත් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින අතර, තවමත් JN. 1 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී ඇත්දැයි තහවුරු කර නොගත් බවයි. නමුත් මෙවැන්නක් පිළිබඳ තහවුරු කරගත් වහාම ජනතාව සහ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කරන බව ඔහු ප්‍රකාශ කළා. කෙසේ නමුත් මෙයින් පැවැසෙන්නේ JN. 1 ප්‍රභේදයෙන් ලංකාවට බලපෑමක් ඇතිවී නැති බව නොවෙයි. මෙයින් පෙන්වා දෙන්නේ තවමත් මේ පිළිබඳ තහවුරු කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කෙරෙමින් පවතින බවත්, එහි ප්‍රතිඵල තවමත් තහවුරු වී නොමැති බවත් පමණයි.

වෙනත් රටවල සිට ශ්‍රී ලංකාවට පිරිස පැමිණීම ඉතා සුලබ දෙයක් වන නිසා මේ වන විටත් මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැවැතීමට විශාල ඉඩකඩක් පවතිනවා. ඒ නිසාවෙන් අවදානමට පෙර, මෙතැන් සිටම ඒ සඳහා අදාළ ආරක්ෂිත ක්‍රියාමාර්ග සඳහා නැවත අනුගත වීම වැදගත්.

මහාචාර්ය ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් අවදානම අවම වී ඇති බව මිනිසුන් සලකා තිබුණද, කොවිඩ් රෝගීන් 2020 වසරේ සිට මේ වන විටත් රට තුළ වාර්තා වෙමින් සිටින බවයි. මෙවර මෙම ආන්දෝලනය ඇතිවී ඇත්තේJN. 1 උපප්‍රභේදයේ ව්‍යාප්ති අවදානමත් සමග වුවත්, තවමත් අප කොවිඩ් රෝගය සමග සමාජයේ ජීවත් වන නිසා පූර්ව ආරක්ෂක පිළිවෙත් ඉතා වැදගත්.

ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිරයාම

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ව්‍යාප්තිය මේ දක්වා අඛන්ඩව සිදුවුණා. රෝගීන් අඩුවීම සහ මරණ සිදු නොවීම හේතුවෙන් මිනිසුන් අතර කොවිඩ් අවදානම පහව ඇති බවට මතයක් ඉදිරිපත් වුණා. නමුත්, තවමත් කොවිඩ් රෝගීන් රට පුරා සිටිනවා. නව ප්‍රභේදය කෙසේ වුවත්, සාමාන්‍ය මීට පෙර පැවති ප්‍රභේද රට තුළ තවමත් ව්‍යාප්තව තිබෙනවා. මෙය නැවත කරළියට පැමිණ ඇත්තේ JN. 1 සහ කොවිඩ් රෝගය නිසා සිදුවූ බවට ප්‍රචාරය වන මරණය නිසා වුවත් කොවිඩ් 19 දිගින් දිගටම සමාජය තුළ පැවැතුණා.

ශ්‍රී ලංකාවේ නැවත කොවිඩ්-19 මරණයක්?

මහනුවර ජාතික රෝහලෙන් ඉකුත් 23 දා වාර්තා වූ මරණය සිදුවී ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ 65 හැවිරිදි තැනැත්තෙක්. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඔහුව ඇතුළු කර තිබුණා.

මේ පිළිබඳ අදහස් දක්වමින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, මෙම රෝගියා සිරෝසිස් රෝග තත්ත්වය නිසා රෝහල්ගත වූවකු බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලෙන් මහනුවර රෝහලට මාරුකර එවූ බවයි. කෙසේ නමුත්, දියවැඩියාව ඇතුළු රෝග රැසක් රෝගියාට වැලඳී තිබූ බවත්, මරණයට හේතුව සිරෝසිස් රෝග තත්ත්වය නිසා ඇතිවූ ව්‍යාකූලතාවක් බවත් රෝහල් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් රෝගියාට කොවිඩ්-19 රෝගයද ආසාදනය වී තිබී ඇති බව පසුව සොයාගෙන තිබුණා. ඒ අනුව වෛද්‍යවරුන්ගේ මතයට අනුව මෙම මරණය කොවිඩ් රෝගය නිසා සිදුවූවක් වන්නේ නැහැ.

කොවිඩ්-19 JN. 1 රෝග ලක්ෂණ

මෙහි රෝග ලක්ෂණ කොවිඩ්-19 අනෙකුත් ප්‍රභේදවලට තරමක් සමාන වන අතර කැස්ස, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, වෙහෙසකර බව, හිසරදය, ක්ලාන්තය, මාංශපේෂි වේදනාව, සුවඳ දැනීම වෙනස් වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය ආදිය දක්නට ලබෙනවා. කෙසේ නමුත් රෝග ලක්ෂණවල මතුවීම සහ තීව්‍ර බව ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය මත රඳාපවතිනවා.

කොවිඩ්-19 JN. 1 රෝගය සහ ශ්‍රී ලංකාවේ පවතින බවට තහවුරු වූ අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම

අදාළ කොවිඩ් එන්නත්කරණයට යොමුවී සිටීම මෙම අවස්ථාවේදී වැදගත්. සිරුරේ ප්‍රතිශක්තිය සඳහා මෙම එන්නත්වල දායකත්වයක් පවතින අතර, රෝගයේ තත්ත්වය පාලනය සඳහා මෙම ප්‍රතිශක්තිය ඉතා වැදගත්. එමෙන්ම, හොඳ සෞඛ්‍යමත් ආහාර රටාවක් පවත්වා ගැනීම තුළිනුත් කොවිඩ්වලට එරෙහි ප්‍රතිශක්තිය නිපදවීම සඳහා සිරුරට සහයෝගයක් ලැබෙනවා.

එමෙන්ම මීට වසර දෙකකට ප්‍රථම සිදුකළා මෙන් යම් ස්ථානවලට යන විට මුහුණු ආවරණ පැලඳීම, නිසි දුර පරතරයක් සහිතව සමාජයේ කටයුතු කිරීම, කුඩා අවකාශ තුළ මිනිසුන් ප්‍රමාණය ඉක්මවා නොගැවසීම ආදිය සිදුකළ හැකියි.

කොවිඩ් සම්බන්ධ රෝග ලක්ෂණයක් යම් ලෙසකින් හෝ මතු වුවහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර ප්‍රතිකාර කරා යොමුවීම සිදුකළ යුතුයි. එමෙන්ම කොවිඩ් යැයි තහවුරු වූ අයකුට නිරාවරණය වූ විටද සෞඛ්‍ය අංශ හා එක්ව අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවීම වැදගත්.

අවසාන නිගමනය

තවමත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් JN. 1 උපප්‍රභේදය ව්‍යාප්තව ඇති බවට තහවුරු වී නැතත්, ඒ පිළිබඳ තහවුරු කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ තවමත් රට තුළ සිදුකෙරෙමින් පවතිනවා. ඒ නිසා ඉදිරියේදී ඒ පිළිබඳ සත්‍යාපනය කළ තොරතුරු ඉදිරිපත් වනු ඇති. කෙසේ වෙතත්, තවමත් රට තුළ කොවිඩ් අවදානම පහවී නැති නිසා පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත්.

එමෙන්ම පසුගියදා මහනුවර ජාතික රෝහලේදී මියගිය තැනැත්තාගේ මරණයට හේතුව කොවිඩ් රෝගය නොවන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සොයාගත් එක් කරුණක් ලෙස ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව පෙන්වා දී තිබෙනවා.

srilanka.factcrescendo.com වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

නිවාඩු දාලා උද්ඝෝෂණ කරන ‌සේවකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා! විදුලි බල මණ්ඩලයෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

වෘත්තීය සමිති සභාපති ඇතුලු නායකයන් 28 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවයි! වහාම පරීක්ෂණ ඇරඹේ! පරීක්ෂණ අවසන් වනතෙක් ආයතනයට ඇතුල්වීමත් තහනම්! I Sri Lanka Latest News

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.