ගම්පොල ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයෙකුගේ සහෝදරියගේ පුතුන් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කළේ යැයි කියන සිද්ධියකින් පසු නව කුරුදුවත්ත පොලිස් ස්ථානය තුල ඇති වූ බව කියන කලහකාරි තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින්.
එමෙන්ම, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු ගම්පොල – නවකුරුදුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ අදාළ පරීක්ෂා කිරීම සිදුකළ බව කියන නිලධාරින් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගිය 29 වනදා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්දානන්ද අලුත්ගමගේ ගේ සහෝදරියකගේ පුතුන් දෙදෙනෙකු ගම්පොල ප්‍රදේශයේදී පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබුණේ යුක්තිය මෙහෙයුම අතරතුරදීයි.
මෙම සිද්ධියෙන් පසු මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ සැමියා, නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත පිරිසක් සමග පැමිණ කලහකාරි ලෙස හැසිරී තිබුණා.
එමෙන්ම, පරීක්ෂාවට ලක් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ, ඥාතී පුතුන් දෙදෙනෙකු බව දැනගත් අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔවුන්ගෙන් සමාව ගන්නා ලෙස පරීක්ෂාව සිදුකළ පොලිස් නිලධාරින්ට දැනුම්දී තිබූ බවටයි වාර්තා වුණේ.
මේ පිළිබඳව මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිපියක් යොමුකරමින් කරුණු වාර්තා කරනු ලැබුවා.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ, ඥාතී පුතුන්ගෙන් සමාව ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කර ඇත්දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව, අදාළ පොලිස් නිලධාරින්ගෙන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ සැමියාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
පරික්ෂණ අවසන් වනතුරු අදාළ පොලිස් නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
hirunews










