අලුත් අවුරුදු උදාව වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීම සදහා කතරගමට පැමිණ සිටියේය.
මේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තැබූ ෆේස්බුක් සටහනයත
උදා වූ 2024 නව වසරට සෙත් පැතීම සඳහා සංවිධානය කළ කතරගම කිරිවෙහෙර ආලෝක පූජාව විවෘත කිරීමට එකතු වුණෙමි.Sri Lanka Latest News
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව ඇතුළු පිංකම් මාලාව සංවිධානය කොට තිබිණි.
එසේ ම අෂ්ඨඵල බෝධීන් වහන්සේ සහ ශ්රී අභිනවාරාම විහාරස්ථානය ද වැඳපුදා ගතිමි. රුහුණු කතරගම මහා දේවාලයට ගොස් ආශීර්වාද පූජාව සඳහා ද සහභාගී වුණෙමි. ඔබ සැමට නිදුක් නීරෝගී සුව සපිරි ශුභ නව වසරක් වේවා!










