සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති, ජනතා සේවය අනුව බවත් එය වැරදියට අර්ථකථනය කරමින් රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන්ට අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කළ යුතු බවත් ඔවුන්ට අනවශ්‍ය ලෙස රට යවාරි යැම වැනි සුපුරුදු විනෝදාංශ සිදු කළ නොහැකි බවත් මේ නිසා ඇමතිකම් එපා වේද කියා සැකයක් මතු වුවත් රට ගොඩ නගන්න නම් එවැනි කැපකිරීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මිනිසුන්ගේ පැත්තෙන් හිතන විට නව වසර උදා වීම තමාට එතරම් සතුටක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා ඇතුළු පිරිස සන්ධාන ඇති කර ගන්නේ ඔලු ගෙඩි සෙල්ලමට හෝ සුපිරි හෝටල්වල සිට මුදල් බෑග් හුවමාරු කර ගනිමින් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කිරීමට නොව මහජන සේවය අරමුණු කරගෙන බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) විපක්ෂ නායක කාර්‍යාලයේදී දකුණු පළාතේ හිටපු මහ ඇමති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් සමගි ජන බලවේගයට සහය පළ කිරිමට පැමිණි අවස්ථාවේ දීය.










