• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වේදිකාවෙන් මහ පොළොවට පරාක්‍රම නිරිඇල්ලයන්ගේ රංගනයෙන් හැඩ වූ වේදිකාව I Sri Lanka Latest News

December 28, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යොවුන් රඟහලේ හෙට වෙනුවෙන් ගත් තීන්දුව… ප්‍රේක්ෂකාගාරයෙන් ආදරණීය ඔල්වරසන්…

අරගලය තියෙන්නේ කොහෙද? ඉස්සර මම මේ ප්‍රශ්නෙ ඇහුවා නම් ඔබ උත්තරේ විදියට කියයි අරගලය තියෙන්නේ ගෝල්ෆේස් එක ගාව කියලා. හැබැයි ඇත්තටම අරගලය තියෙන්නේ ගෝල්ෆේස් එක ගාව නෙවෙයි. අරගලයක් ගෝල්ෆේස් එක ගාව තිබුණා තමයි.(Sri Lanka Latest News) අරගලයට සම්බන්ධ අය ගෝල්ෆේස් එක ගාව හිටියා තමයි. ඒත් හැබෑ අරගලය තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ. මිනිස්සු දේශපාලන වශයෙන් යම් අරගලයකදී සටන් කරනවා වගේම හැමදාමත් මිනිස්සුන්ගේ හදවත් ඇතුළෙත් මිනිස්සුන්ට සටන් කරන්න පුළුවන් නම් ඒ මිනිස්සු සාර්ථකයි.

රටක තියෙන දේශපාලන හැලහැප්පීම් එක්ක සටන් කරන්න නිතරම වගේ උත්සාහ කරන්නේ කලාකාරයෝ. නමුත් අද මේ රටේ හැදිලා තියෙන ආර්ථිකයත් එක්ක කලාකාරයාට එහෙම සටන් කරන්න වෙලාවක් නෑ. ඒකට හේතුව තමයි කලාකාරයාට වෙලා තියෙන්නේ ජීවන අරගලයත් එක්ක සටන් කරන්න. කලාකාරයන්ටත් හීන බලාපොරොත්තු තියෙනවා. ජීවත් වෙන්න විදියක් ඕනේ. මේ සියල්ලත් එක්ක මිනිස්සු යම් යම් දේශපාලන කාරණා එක්ක සම්බන්ධ වෙනවා. ඒක වැරැදියි කියලා චෝදනා කරන්න මම නම් හිතන්නේ කිසිම කෙනකුට බෑ.

පහුගිය දවසක තිබුණු රාජ්‍ය නාට්‍ය උළෙලේදී මේ වගේ සිදුවීමක් වෙනවා. ඒක ඇත්තටම ලංකා ඉතිහාසයේ මේ විදියේ සිදුවීම් සිදුවෙච්ච දෙතුන් වතාවට අයත් එක අවස්ථාවක්. ලංකාවේ ඉතා සුවිශේෂ දේශපාලනික සටන්කරුවන් බොහෝ වෙලාවට දේශපාලනය ළඟදී තමන්ගේ දණ නැමූ බව අපි දන්නවා. ඔවුන්ට දණ නමන්ට සිදුවූ බවත් අපි දන්නවා. ඇත්තටම එහෙම දණ නැමුවා කියලා ඔවුන්ට චෝදනා කරන්න අපට කිසිම අයිතියක් නෑ.

හැමදාමත් මම ඒක ඒ විදියට කියන්නේ මේ ජීවන අරගලය ඇතුළේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා. රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඊට අදාළ අමාත්‍යවරයා වන විදුර වික්‍රමනායක මහතාගේ ඉදිරිපස. ඒ වගේම සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය නාට්‍ය උළෙලට සහභාගි වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙල මෙවර පැවත්වුණේ ඊට වඩාත්ම ගැළපෙන ස්ථානයක. ඒ තමයි මහරගම යොවුන් රඟහල.

කොහොම නමුත් මේ සියල්ල අතරේ පරාක්‍රම නිරිඇල්ලයන් විශ්වාස කරන්න බැරි විදියේ අමුතු තීරණයක් ගන්නවා. ඒ ගැන කතාකළ යුතු බව අපට දැනෙන්නේ එහි ඇති රැඩිකල් ස්වභාවය නිසා. අපි දන්නවා පරාක්‍රම නිරිඇල්ල කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම විචිත්‍රවත්ව නම සඳහන් කරගත්ත ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියෙක්. ඔහුගේ ජන කරළිය වගේ සමහර දේවල් නිසා ඔහු මිනිස්සුන්ගේ හදවතට ඉතා ළංවෙච්ච කෙනෙක්.

එච්චරම මිනිස්සුන්ගේ හදවත් දිනාගත්ත පරාක්‍රමට මොකක් නිසාද මෙච්චර රිදුණේ කියන එක ගැන ඔහුගේ කතාවෙදී පැහැදිලි කරනවා. ඔහු කියන්නේ සමහර තීරණ දේශපාලකයෝ තමන්ට ඕනෙ විදියට අරගෙන මේ නාට්‍යකරුවා කියන කෙනාව මේ තරම් හෑල්ලු කළේ ඇයි කියනවා වගේ කතාවක්. එහෙම කියන පරාක්‍රම නිරිඇල්ලයන් වේදිකාවෙන් බැහැලා යන්නේ තමන්ගේ තනතුරු තාන්නමාන්න සියල්ලෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කරමින්. ඔහු කියනවා මට මේ තනතුරුවලින් වැඩක් නෑ, මට නාට්‍යයක් කරගෙන ඉන්න පුළුවන්. මම තවදුරටත් මේ තනතුරු දරන්නේ නෑ කියලා. මේ වේදිකාවෙන් බැසගිය මොහොතේ සිට මා දරන සභාපතිකමෙන් සහ මගේ තනතුරුවලින් මම ඉවත් වී අවසානයි කියලා.

මේ තීරණයත් එක්ක ඔහුට ලැබෙන විසිල්, අත්පොළසන් දෙගුණ තෙගුණ වෙනවා. ප්‍රේක්ෂකාගාරය ඔහුගේ මතයට එකඟ වෙනවා. දේශපාලනඥයන් එක්ක හාදකම් පවත්වමින් විවිධාකරයේ සබඳතා පැවැත්වීම කාලයක් තිස්සේ අපේ කලාකාරයන්ගේ එක්තරා ලක්ෂණයක්. එහෙම නොකර ඔවුන්ට ජීවත් වෙන්න බැරි තරමටම මේ රටේ විවිධ ක්‍රමවේද නිර්මාණය වෙලා ඉවරයි. එහෙම යුගයකත් එඩිතරව තීන්දුවක් අරගෙන කොන්ද කෙළින් තියාගෙන ඉවත් වෙලා යන්න පුළුවන් විදියේ දැඩි කශේරුකාවක් සහිත මනුස්සයෙක් වෙච්ච එක ගැන මේ වයසක හාදයා ගැන තරුණයන් පවා හිතන්නට අවශ්‍යයි.

අපි දන්නවා මහරගම යොවුන් රඟහල කියලා කියන්නේ මේ විදියේ තීරණ ගත්තු මේ විදියේ තීරණ ප්‍රකාශයට පත්වෙච්ච අතිශය ආන්දෝලනාත්මක තැනක්. ඒ නිසා මහරගම යොවුන් රඟහලේදී මේ වයසක තරුණයා ගත්තු පුදුම තීන්දුව නිසා අද පරාක්‍රම නිරිඇල්ලයන් මුළු රටම කතාකරන කෙනෙක් බවට පත්වෙලා. හැබැයි පරාක්‍රම නිරිඇල්ලයන් ගැන මුළු රටම කතාකළ යුත්තේ අද සිට නොවන බවත් මතක තබාගත යුතුයි. මොකද ඔහු සතු නිර්මාණ කෞෂල්‍යය සහ ඔහු මේ නාට්‍ය භූමියට සිද්ධ කරන ලද අපරිමිත මෙහෙයට නිසි ඇගයීමක් ලැබුණාද කියන එක සම්බන්ධව තවමත් ඉතිරි වෙලා තියෙන්නේ හිස්තැනක්.

ඇත්තටම මේ වගේ අප්‍රමාණ කලාකරුවෝ අපේ රටට වටින්නේ නැද්ද කියලා අපිට වෙලාවකට හිතෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ කලාකරුවා සහ දක්ෂයා කියන කෙනා අතර තියෙන විශාල පරතරය මිසක්, එක රැයකින් ප්‍රසිද්ධ වෙන සමහර ගායක ගායිකාවෝ, එක මොහොතකින් ප්‍රසිද්ධ වෙන නැටුම් ශිල්පීන්, විවිධාකාරයේ ඉදිරිපත් කිරීම්, ටික්ටොක් හා සම්බන්ධ විවිධ හාදකම් ගැන අපි කතා කළාට මේ අය ගැන කතා කරන්න නම් ඇත්තටම මේ වගේ දෙයක් වෙන්නම ඕනේ.

ඒ වගේම අපි දැක්කා පමසුගිය කාලේ අරගල භූමියට සමහර නිලධාරීන් තමන්ගේ නිල ඇඳුම් ගලවලා දාලා ආපු ආකාරය. සමහර අය පුදුම විදියේ ආන්දෝලනාත්මක තීරණ ගත්තා. ඒ හැම දේම ඇත්ත. හැබැයි ඒ මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂිත වුණාද, රැකියා ආරක්ෂා වුණාද, ජීවිකා වෘත්තිය රැකුණාද කියන එක ගැනත් අපි හොයන්න ඕනේ. පරාක්‍රම නිරිඇල්ලයන් වගේ එඩිතර තීරණ ගන්න හුඟක් අයට බැරි ඒකයි. අපි දන්නවා සමහර කලාකාරයෝ සමහර අය අතින් සම්මාන ගත්තේ නෑ. සමහරු අතින් තෑගි ගත්තේ නෑ. සමහර අය ඉන්න වේදිකාවලට ගොඩවුණේ නෑ.

වේදිකාවේ ප්‍රසිද්ධියේම ඒ ඒ පුද්ගලයන්ව විවේචනය කරන්න පුළුවන් විදියේ කශේරුකාවක් තිබිච්ච කලාකාරයෝ ලංකාවේ හිටියා. හැබැයි මේ කලාකරුවන්ට තවදුරටත් මේ ක්‍රමය ඇතුළේ පවතින්න පුළුවන්ද කියන එක දිහා අපි බලාගෙන ඉන්න ඕනේ. කොහොම නමුත් පරාක්‍රම නිරිඇල්ල වේදිකාවේ කිසිදු රඟපෑමක් නොකරම රාජ්‍ය නාට්‍ය උළෙලේදී විශාල අත්පොළසන් විසිල් හඬකින් උන්මාදනීය තරුණයන්ගේ ආදරය දිනාගත්තා. දැන් ඔහු වීරයෙක්. ඔහු මහ පොළොවට බහින්නේ මට ආයෙත් නාට්‍යයක් කරගෙන ඉන්න පුළුවන් කියලා. තනතුරු තාන්න මාන්න බදාගන්න සියලු කැපකිරීම් කරන අමුතු කලාකාරයෝ අස්සේ මෙහෙම සැබෑ කලාකාරයොත් ඉන්නවා කියන එක ඇත්තටම විශාල ආඩම්බරයක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කවුද පාර දිගේ එහේ මෙහේ ගියේ නුඹත් හැඩවී වැට ළඟම ඇයිද දුවේ? I Sri Lanka Latest News

Next Post

පුනකරි වැවෙන් මතුවන සෝලා ව්‍යාපෘතියේ රහස් ගොන්නක් එළියට I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.