• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුද පාර දිගේ එහේ මෙහේ ගියේ නුඹත් හැඩවී වැට ළඟම ඇයිද දුවේ? I Sri Lanka Latest News

December 28, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවො බිලිගන්න මාරයෝ හැම තැනම… වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාන සෙල්ලමක්… අවුරුදු පහළොව වෙනකොට කාමරවලට ගිහින්… දෙන්නෙක් තුන්දෙනෙක් අතට මාරුවෙලා…

මහනුවර කියපු ගමන් අපේ හිත්වල ඇඳෙන්නේ සුන්දරත්වය පිළිබඳ චිත්‍රයක්. කඳු වළල්ලකින් වටවෙච්ච අසිරිමත් පුරවරයක් පූජනීයත්වයෙන් පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. නුවර හැම වීදියකටම හැඩයක් තියෙනවා. නුවර හැම ගහකට වැලකට මලකටම රටාවක් තියෙනවා. නුවර හැම ගොඩනැගිල්ලකම අපූර්වත්වයක් තියෙනවා. කැටයමින් පිරිච්ච වීදි අතර ඇවිදින මිනිස්සු ඉන්නේ ආඩම්බරෙන් හිස උදුම්මාගෙන කියලා වෙලාවකට අපට හිතෙනවා.(Sri Lanka Latest News)

නුවර මිනිස්සුන්ගේ අනිත් අයගේ නැති තරම් සොඳුරු බවක් තියෙනවා කියලා සමහර වෙලාවට දැනෙනවා. නුවර මිනිස්සු නිලමෙලා කියලා, මැණිකෙලා කියලා අපි කියන්නේ ඒ මිනිස්සුන්ගේ ගතිගුණවලිනුත් ඔවුන් විශේෂයි කියලා හිතාගෙන. සාමාන්‍යයෙන් උඩරට අයට අපි කියන්නේ උඩරැටියෝ කියලා. උඩරට අය කියන්නේ අපි උඩරට මිනිස්සු කියලා. පහතරට මිනිස්සුත් එක්ක උඩරට මිනිස්සුන්ගේ වෙනසක් උඩරට අය දකිනවා. ඒක කන්ද උඩරට රාජධානියටම සුවිශේෂ වෙච්ච ලක්ෂණ කිහිපයක් නිසා ඇතිවෙච්ච දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම අපි උඩරැටියන්ට අභියෝග කරන්න කලින් උඩරටට තියෙන සොඳුරු බව ගැන හැම වෙලාවෙම උදම් අනනවා.

කවුරුත් ආසයි කන්ද උඩරටට ගිහිල්ලා නුවර අහස යට පැයක් දෙකක් ගතකරන්න. ඒ නුවර ලස්සන හින්දා. ඒ නුවර ප්‍රේමණීය හින්දා. නුවර වීදි දිගේ ඇවිදින පෙම්වතුන් ගැන ඕනෙ තරම් කවි කතා සින්දු ලියවිලා තියෙනවා. නුවර වැව රවුමේ මුණගැහුණු වෙන්වුණු ආදරේ කරපු පෙම්වතුන්ගේ ආදරේ සුන්දරයි කියලා, කවදාවත් නුවරදී ආදර කතාවක් ගොඩගහගන්න බැරිවෙච්ච අපිටත් හිතෙනවා. ඒ නිසා මේ කතන්දරේ ඇතුළේ මහනුවර කියන වචනය පාවිච්චි කරන්න වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා. මේ කතන්දරෙත් අයිති මහනුවරට. ඔය කියපු ප්‍රේමයේ නගරයට, ඔය කියපු ප්‍රේමයේ පුරවරයට.

නුවර අවුරුදු 15ක ගෑනු ළමයෙක් තමන්ගේ පෙම්වතා අතින් කීප වරක්ම දූෂණය වෙනවා විතරක් නෙවෙයි, එහෙම දූෂණය වෙච්ච මේ ගෑනු ළමයව ප්‍රථම පෙම්වතා සහ දෙවැනි පෙම්වතා විසින් අපහරණයට ලක්කරලා වීඩියෝගත කරලා ඒවා අන්තර්ජාලයටත් මේ වෙනකොට මුදාහැරලා ඉවරයි. දැන් ඒ තුන්දෙනාම ඉන්නේ වැඩ වරද්දාගෙන. දෙන්නෙක් හිරේ. අනෙක් එක්කෙනා පරිවාසේ. සාමාන්‍ය සමාජයේ තියෙන සම්මතයෙන් මේ තුන්දෙනාටම වෙන් වෙන්න සිදුවෙලා. ඒක විශාල ගැටලුවක් විදියට අපි දකිනවා.

මේ දරුවගේ කතාව සවිස්තරාත්මකව ලියන්න බෑ. මොකද, මේ කතාව මුල ඉඳන් අගට පැහැදිලි කරන්න ගියොත් නොකියා ඉන්න ඕනේ දේවල්, හංගන්න ඕනේ දේවල්, හෙළිකරන්න බැරි දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. සරලව, සැකෙවින් මේ කතාව අනෙක් මාධ්‍යවලත් පළවූ මට්ටමේ ඉඳලා පැහැදිලි කළොත් සිද්ධිය මෙහෙමයි.

මේ පුංචි දරුවා අවුරුදු 15ට කලින් පෙම්වතියක් බවට පත්වෙනවා. ඒ කතාව හරිද වැරැදිද කියන එක ගැන එක එක ජාතියේ තර්ක තියෙනවා. මොකද ළමයෙක් වැඩිවියට පත්වුණාට පස්සේ ඔවුන් ශාරීරිකව වෙනස් වුණාට පස්සේ ඔවුන්ගේ හෝමෝනවලට අනුව ඔවුන්ට පෙම්වතුන් වෙන්න, පෙම්වතියන් වෙන්න හිතෙන එක නවත්තන්න බෑ. විවිධාකාරයේ ලිංගික ආකර්ෂණයන් එක්ක ඔවුන් ප්‍රේම සබඳතා ගොඩනගා ගන්නවා. ඒක වැඩිහිටියෝ විදියට අපි දැඩි සේ විවේචනයට ලක් කළාට ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක්.

එහෙම කිව්වම ඔබ අමනාප වෙන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍ය දෙයක් කියලා ඔබ ඔබේ වයස අවුරුදු 14, 15, 16 ගැන මතක් කළොත් ඔබට පිළිගන්න වෙනවා. එළිපිට කියන්න යන්න එපා. හැබැයි ඒක පිළිගන්න වෙනවා කියන එක ඔබට පිළිගන්නම වෙනවා. මොකද ඒක රහසක් විදියට තියාගත්තට කමක් නෑ. හැබැයි ඔබේ හෘදය සාක්ෂියට රහසක් විදියට තියාගන්න එපා.

දැන් අපි කතාව පැහැදිලි කරගමු. මේක වෙන්නේ මෙහෙමයි. මේ දරුවා හදිසියේම පෙම්වතා සමග ප්‍රථම ලිංගික සම්බන්ධය පවත්වනවා. ඒ සම්බන්ධය රහසිගතව පවත්වන්න ඈට පුළුවන් වෙනවා. මෙහෙම ලිංගික සම්බන්ධතා පවත්වන්නේ ඇගේ නිවෙසේදීම කියලා තමයි සඳහන් වෙන්නේ. ඇගේ නිවෙසට පෙම්වතාව ගෙන්වාගෙන ලිංගික සම්බන්ධතා පවත්වනකොට ඇගේ වයස අවුරුදු 15ට අඩුයි. අවුරුදු 15ක් වෙනකොට තමයි මේ සිද්ධි ඔක්කොම උඩුයටිකුරු වෙන්න පටන්ගන්නේ.

මේ දරුවා ප්‍රථම සම්බන්ධතාව පැවැත්වූවාට පස්සේ ඒ ප්‍රේම සම්බන්ධය නතර වෙනවා. ඊට පස්සේ තවත් ප්‍රේම සම්බන්ධයක් ඇය පටන් ගන්නවා. ඒ ප්‍රේම සම්බන්ධය පවත්වන කෙනා මේ දරුවා සමග පළමු පෙම්වතා සමග තිබුණු ලිංගික සම්බන්ධතා ගැන දන්නවා. ඒක නිසා ඔවුන් කාමරවලට ගිහිල්ලා ආයෙත් ලිංගිකව එකතු වෙනවා. මේවා වීඩියෝ කරනවා. පින්තූර ගන්නවා. පටිගත කරගන්නවා. එහෙම පටිගත කරගත්ත වීඩියෝ දර්ශන ඇගේ ජංගම දුරකතනයට එවලා ඇයව නැවත නැවත මේ වැඩේට යොදාගන්නවා. එහෙම කරනකොට ඇය ඇගේ ගැළවිල්ලට තෝරාගන්නේ කලින් පෙම්වතාව. ඈ ඔහුට කියනවා, මේ වෙනකොට තමන් මුහුණ දීලා තිබෙන අභාග්‍යසම්පන්න ඉරණම ගැන.

ඒ අභාග්‍යසම්පන්න ඉරණම ගැන ඔහුට කිව්වාම ඔහු කියනවා ඈට ඔහුගේ ජංගම දුරකතනයට ඒ වීඩියෝ හෝ ඡායාරූප එවන්න කියලා. ඒවා එවපු ගමන් ඔවුන් මොකද කරන්නේ? ඒවා වහාම අන්තර්ජාලයට එකතු කරනවා. මේ විදියට අන්තර්ජාලයට එකතු කරපු ඡායාරූප වීඩියෝ අනෙක් අය අතර බෙදී යනවා. මිතුරු හමු අතරට යනවා. ඒත් එක්කම තත්ත්වය අවුල්සහගත වූ බව ඇය අවබෝධ කරගන්නවා. මුලින්ම කරන්න තිබුණු දේ ඇය කරන්නේ අන්තිමට. ඒ කියන්නේ ඈ ඇගේ අම්මට මේ සිද්ධිය මුල ඉඳන් අගට කියනවා. එහෙම කිව්වට පස්සේ ඔවුන් පොලිසි යනවා. ආරක්ෂක පියවර ගන්නවා. බලධාරීන් දැනුවත් කරනවා. එතකොට වෙන්න පුළුවන් සියල්ල සිදුවෙලා ඉවරයි.

පරීක්ෂණ පවත්වනවා, මහනුවර ප්‍රධාන පාසල් දෙකක ශිෂ්‍යයන් දෙන්නෙක් වරදකරුවන් විදියට අත්අඩංගුවට ගැනෙනවා. මහනුවර ප්‍රධාන පාසලක සිසුවියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වෙලා ඡායාරූප වීඩියෝ සමාජගත වෙලා. අවසානයේ ඈ මේ සියල්ලටම වැරැදිකාරියක් විදියට පරිවාසගත වෙනවා. දැන් මේ දෙකම වෙලා ඉවරයි. තුන්දෙනෙක්ගේ ජීවිත මේ පුංචි දෙයක් නිසා විනාශ වෙලා ගිහිල්ලයි තියෙන්නේ. ඒ තුන්දෙනාටම ආයෙත් ඔළුව උස්සන්න බැරි වෙන තරමටම හිරවෙලා ඉවරයි.

නැගිටින්න බැරි තරමටම කොටුවෙලා ඉවරයි. බේරෙන්න බැරි තරමටම අහුවෙලා ඉවරයි. මේ දරුවෝ ආයේ සමාජයට යන්නේ කොහොමද, මවුපියන්ගේ මූණ බලන්නේ කොහොමද, ඉස්කෝලෙ යන්නේ කොහොමද වගේ ප්‍රශ්නවලට කවුරු ගාවවත් උත්තර නෑ. බොහෝ වෙලාවට මේ අයගේ ජීවිත මෙතැනින් ඉවර වෙනවා. ඒකට හේතුව මරාදානවා කියන එක නෙවෙයි. කෙනෙක්ව ශාරීරිකව මරාදැමීමට වඩා මානසිකව මරාදැමීම භයානකයි.

අම්මගේ පුතා විදියට පෙනී සිටින්න බැරිවුණු දවසට තාත්තගේ පුතා විදියට පෙනී සිටින්න බැරිවුණු දවසට ගෙදර දරුවා විදියට පෙනී සිටින්න බැරිවුණු දවසට පන්සලේ දායකයා, පල්ලියේ දායකයා, ගමේ කෙනා කියන මේ භූමිකා සියල්ල විනාශ වුණාට පස්සේ ඔවුන් තවදුරටත් ජීවත් වුණත් මැරුණු මිනිස්සු වගේ. ඒ වගේම ඔවුන් ජීවත් වෙන්නේ බරපතළ අප්‍රසාදයක් එක්ක. ඒ අප්‍රසාදයෙන් තවත් කෙනෙක්ගේ ජීවිතය විනාශ කිරීම, ජීවිතය සමග සෙල්ලම් කිරීම, පොඩි වයසකදී ලිංගිකව එකතු වෙලා ඒ පින්තූර වීඩියෝ සමාජගත කිරීම වගේ බරපතළ වැරැදි ඔවුන් අතින් සිදුවෙනවා.

ප්‍රේමය නෙවෙයි මෙතැන තියෙන වැරැද්ද. අඩු වයසින් ප්‍රේම කිරීම වරදක්. හැබැයි ඒක නෙවෙයි භයානකම දේ. ලිංගික සංසර්ගය බරපතළ වරදක්. වයස අවුරුදු 16ට අඩු කෙනෙක් සමග මේ විදියට පවත්වන සම්බන්ධතාව ඔවුන්ව නීත්‍යනුකූලව බරපතළ විදියට හිරවෙන දෙයක්.

ඒක වෙනම කතාවක්. හැබැයි මෙතැනදී තර්ක කරන්නේ ඊට වඩා වෙනස් මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් ගැන. තමන්ට කැමැත්තෙන් ආදරෙන් ලබාදුන්නු දේ වීඩියෝ කරලා, ෆොටෝ අරන් අනිත් අයට පෙන්නලා, ලෝකෙට පෙන්නලා, බලහත්කාරකම් කරලා යළි යළි ලබාගන්න උත්සාහ කිරීමේ අප්‍රමාණ වරදට මේ මිනිස්සුන්ට දඬුවම් ලැබෙනවා. ඊළඟට වයස අවුරුදු 15දීත් තමන් හොඳින්ම වරදක් යැයි දන්නා දෙයක් යළි යළි සිදුකිරීම මේ ශිෂ්‍යාවට අද ලැබෙන දඬුවම බවට පත්වෙලා ඉවරයි. ඈට සාමාන්‍ය දරුවෙක් විදියට ජීවත් වෙන්න ඉතා අසීරුයි. මේ කතාව අපි කියන්නේ ඈට නෙවෙයි. ඈට මේ පත්තර පිටු පෙන්වන්න අවශ්‍ය නෑ. මොකද ඈ මේ වරද කරලා ඉවරයි. මේ කතාව කියන්නේ ඔබට.

ආදරණීය දුවේ පුතේ, සමහර විට ඔබ මේ පත්තරේ කියවයි. සමහර විට ඔබ අන්තර්ජාලය හරහා සමාජ ජාල ඔස්සේ මේ කතාව කියවයි. එතකොට ඔබට අපට කියන්න තියෙන්නේ පැටලෙන්න එපා. අහුවෙන්න එපා. හිරවෙන්න එපා. ගැළවෙන්න බැරි වැරැදි කරන්න එපා කියලා. මොකද මේ පින්තූර සමාජගත වුණාට පස්සේ ආයෙත් ඒවායෙන් බේරෙන්න, ඒවා මකා දමන්න සක්කරයටවත් බෑ කියන එක අපි කියන්නේ සමාජ ජාල පිළිබඳ තියෙන දැඩි අවබෝධය නිසා. සමහර සමාජ මාධ්‍ය මගින් අපිට උදව් කරනවා ඒවා ඉවත් කරන්න. හැබැයි ඔබ දන්නවද සමහර සමාජ මාධ්‍ය අපට කිසිසේත්ම එවැනි පින්තූර හෝ වීඩියෝ ඉවත් කිරීම සඳහා සහාය දක්වන්නේ නෑ.

ඒ නිසා එහෙම අවස්ථාවක අපට කවදාවත් කාගෙන්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒ වගේම පරිගණක අපරාධ පිළිබඳ පොලිස් කාර්යාංශය, සයිබර් ක්‍රයිම් කියන අංශය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් තියෙනවා ඔබට මේ වගේ ප්‍රශ්නයකදී උදව් කරන්න. හැබැයි ඒ අයට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට කිසිවක් කරන්න බැහැ. ඒ නිසා මතක තියාගන්න අද ඔබ නිරුවත් වෙන්නේ කැමරාවක් ඉස්සරහා නම්, ඒ ඔබ නිරුවත් වෙන්නේ එක කැමරාවක් ඉස්සරහා නෙවෙයි. ඇස් ලක්ෂ ගණනක් ඉස්සරහා. ඔබට අන්තර්ජාල පරිශීලකයෝ විදියට ඉන්න බිලියන හතරකගේ ඇස්වලින් ගැලවෙන්න බැරි වේවි.

ඒ අදද හෙටද කියලා නොදන්නවා වුණාට මේ වීඩියෝව සමහර විට තව අවුරුදු දහයකිනුත් සමාජ මාධ්‍ය තුළ එහෙට මෙහෙට යන්න පුළුවන්. ඒ ගැන නොදැන ඔබ මේ කරන විකාරවලින් ඔබට සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි අවුල්වලට මුහුණ දෙන්න කියන එක ඔබ දැනගන්නකොට පරක්කු වැඩි වෙලා බෑ. ඒ නිසා ආදරණීය මවුපියනි, ඔබ අදම ඔබේ දරුවාට මේ කතන්දරය කියලා දෙන්න. බලධාරිනි ලිංගික අධ්‍යාපනය කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක උගන්වන්න.

ආරක්ෂා වෙන හැටි කියලා දෙන්න. අපි දැක්කා ළමා හා කාන්තා කාර්යාංශයේ හෝ ඊට අනුබද්ධ ආයතනවලින් පහුගිය දවස්වල ඉදිරිපත් කළ සමහර ලේඛන. අපහරණයට ලක්වුණු වයස අවුරුදු 16ට අඩු දරුවන්ගෙන් විසි දෙනෙක් විතර ගැබ්ගෙන ඇති බව කියනවා. ලංකාවේ නීත්‍යනුකූලව මේ විදියට ගැබ්ගත්ත කෙනකුටවත් බැහැ තමන්ගේ ගර්භාෂයේ ඉන්න දරුවා ඉවත් කරන්න. ඒ සඳහා නීති ප්‍රතිපාදන හැදිලා නෑ. ඒ නිසා ඒ අයට සිද්ධ වෙනවා අඩු වයසෙදී දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න. වයස අවුරුදු 16දී අම්මා කෙනෙක් වෙන්න. ඒ දරුවත් අසරණයි. අම්මත් අසරණයි. සියලු දෙනා අසරණයි කියලා මතක තියාගන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කටහඬින් ඉන්දියාවම හොල්ලා දිනපු අවුරුදු 14ක කිල්මිෂා යළි යාපනයට එයි! I Sri Lanka Latest News

Next Post

වේදිකාවෙන් මහ පොළොවට පරාක්‍රම නිරිඇල්ලයන්ගේ රංගනයෙන් හැඩ වූ වේදිකාව I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.