• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

99 ඉල්ලලා පැරදුණා! 2005 ඉල්ලලා පැරදුණා! 2010 පරදින නිසා ඉත්තෙක් දැම්මා! 2015 වෙන අශ්වයෙක්ගේ පිටේ නැග්ගා! මේ සැරේ ජනාධිපතිකම පිනට ලැබුණා! 2024 පරදින නිසා ඉල්ලන්නේ නෑ! රනිල් ජනාධිපතිවරණයට නොඑන බව මරික්කාර් කැට තියා කියයි! VIDEO I Sri Lanka Latest News

December 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
99 ඉල්ලලා පැරදුණා! 2005 ඉල්ලලා පැරදුණා! 2010 පරදින නිසා ඉත්තෙක් දැම්මා! 2015 වෙන අශ්වයෙක්ගේ පිටේ නැග්ගා! මේ සැරේ ජනාධිපතිකම පිනට ලැබුණා! 2024 පරදින නිසා ඉල්ලන්නේ නෑ! රනිල් ජනාධිපතිවරණයට නොඑන බව මරික්කාර් කැට තියා කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 සැප්තැම්බර් 16 වැනිදාත් ඔක්තොම්බර් 16 වැනිදාත් අතර කාලයේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජුලි මාසයේදී ජනාධිපතිවරණය කැඳවන්න නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවේදී හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මියද අදහස් දැක්වීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් මරික්කාර් මහතා පැවසුවේ ,
පොහොට්ටුවේ ජනාධිපති ධම්මික පෙරේරා බව පොදුජන පෙරමුණ සම්මේලනයේදී බැසිල් රාජපක්ෂ ඉඟියක් ලබාදුන් බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට වඩා ප්‍රමුඛතාවයක් ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණ සම්මේලනයේදී ලබාදීලා තිබුණ බවත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා වීම තුළ රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයට ඉදිරිපත් වීමට කිසිදු අවස්ථාවක් නැති බවත්ය.

අවුරුදු 60 ට වඩා අඩු ජනාධිපතිවරයෙක් ඉදිරියේදී රටේ ජනාධිපති වන බවත් තමන්ගේ සීයාගේ වයසේ සිටින පුද්ගලයෙකු රටේ ජනාධිපති කරන්න රටේ තරුණ පරම්පරාව අකමැති බවත් එස් එම් මරික්කාර් මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා

‘‘එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා සහ ඔක්තොම්බර් 16 වැනිදාත් අතර කාලයේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජුලි මාසයේදී ජනාධිපතිවරණය කැඳවන්න නියමිතයි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් වුණ ජනාධිපතිවරණ දෙකකින් පරාජයට පත්වුණා. 2010 මැතිවරණයේදී පරදින බව දැනගෙන ඉත්තෙක්ව දැම්මා. 2015 ජනාධිපතිවරණයේදී ජයග්‍රහනය සඳහා පසුබිම තිබුණත් දිනන්න බැරි බව දැනගෙන ඔහු ඉල්ලුවේ නැ. ඔහු කළේ වෙනත් අශ්වයෙක් ගෙනත් දාලා ඒ අශ්වයාගේ කරපිට නැගපු එක. මේ සැරේ ජනාධිපතිධුරය පිනට හමුවුණා. ඒ නිසා 2024 ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉල්ලන්නේ නෑ. මොකද පරදින බව දන්නවා.

පොදුජන පෙරමුණේ සම්මේලනයේදී බැසිල් රාජපක්ෂ ඉඟියක් ලබාදුන්නා පොහොට්ටුවේ ජනාධිපති ධම්මික පෙරේරා බව. පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට වඩා ප්‍රමුඛතාවයක් ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණේ සම්මේලනයේදී ලබාදීලා තිබුණා. පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ධම්මික පෙරේරා වීම තුළ රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නෑ. රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්නේ බෑ එහෙම වුනොත් අන්ත පරාජයට පත් වෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඡන්දය ඉල්ලන්නේ නෑ.

රටේ තරුණ පරම්පරාව කැමති නෑ තමන්ගේ සීයාගේ වයස තිබෙන පුද්ගලයෙකු රටේ ජනාධිපති කරන්න. අවුරුදු 60 ට වඩා අඩු ජනාධිපතිවරයෙක් තමයි ඉදිරියේදී රටේ ජනාධිපති වෙන්නේ. ඒ ජනාධිපතිවරයා තෝරණ ජනාධිපති මැතිවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා ඔක්තොම්බර් 16 වැනිදාත් අතර කාලයේදී පැවැත්වෙනවා.

අධික ජීවන බරින් සහ බදු බරින් මිරිකිලා සිටින ජනතාව ජනවාරි මාසයේ අනිවාර්යෙන් පාරට බහිනවා. ජනතාව පාරට බැහැලා ඔවුන්ගේ විරෝධය සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් කරයි. ඒ සාමකාමී විරෝධතා වෙනුවෙන් රජය වැරදි නියෝග ගිනියි. අපි කියනවා ඒ විරෝධතා වෙනුවෙන් වැරදි නියෝග ගන්න එපා. එහෙම වුනොත් වැරදි නියෝග ක්‍රියාත්මක කරපු උදවියට ඒවාට මුහුණ දෙන්න සිදුවෙයි.

නාමල් රාජපක්ෂ කියනවා වැට් බද්දට විරුද්ධයි අයවැයට විරුද්ධයි කියලා. මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරලා කියලා බදු බර වැඩයි කියලා. නමුත් මහින්ද රාජපක්ෂ වැට් බද්දට පක්ෂව ඡන්දය ලබා දුන්නා. වැට් බද්ද වැඩියි කියන මහින්ද රාජපක්ෂට තමන්ගේ මන්ත්‍රීවරුන්ට කියන්න තිබුණා වැට් බද්දට විරුද්ධව ඡන්දය ලබා දෙන්න කියලා. රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව ආපු ගමන් ගජ මිතුරන්ට දොල පිදේනි දෙන්න බදු අඩු කළා. රාජ්‍ය ආදායම බිලියන 680 ක් පමණ රටට නැති කළේ මහින්ද රාජපක්ෂ. වැට් බද්ද වැඩි කරන එකටත් අත ඉස්සුවා , ණය සීමාව වැඩි කරන එකත් අත ඉස්සුවා
දැන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් බොරු බයිලා ගහනවා. ඒ බයිලා වලට ජනතාව රැවටෙන්නේ නෑ. මැතිවරණයකදී රාජපක්ෂලාට හරි උත්තරය ලැබෙයි.‘‘

SendShareShare
Previous Post

අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට ජනාධිපතිගෙන් උත්සව සමයේදී සහනයක්! කෝච්චියෙන් රට වටේම ගමන් බිමන් නොමිලේ! බස් ගාස්තුව භාගයයි! මෙහේ නෙමෙයි නයිජීරියාවේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සාමාන්‍ය පෙළ වාර්තාවක් ගාල්ලේ ගෙදරකින් A 25ක් I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.