මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නවත්වන වාහනවලින් සල්ලි ගත් 9 දෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඉන් 5 දෙනෙක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් බැවින් අධිකරණයට ඉදිරිපත් කොට පුනරුත්ථාපනයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ පිරිස අතර කාන්තාවක්ද සිටින බවය.
මෙම ප්‍රදේශයේ කිසිවකුටත් මුදල් අය කළ නොහැකි බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිවකුටත් මුදල් නොගෙවන ලෙස ජනතාවගෙන්ද ඉල්ලීමක් කිරීමට පියවර ගත්තේය.
Sri Lanka Latest News










