• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම බදු ගැන කතා කරද්දී වසර 11කට කලින් ආසියාවේ ලොකුම VAT බදු වංචාව කරපු කෝ ඒ කුතුබ්ඩීන් I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive, News
Reading Time: 13 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ විශාලතම ‘වැට් බදු’ වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යාපාරිකයන් තුන් දෙනකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත පසුගිය 13 වැනිදා ස්ථිර කෙරුණා.(Sri Lanka Latest News)

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල් නියමවී සිටි මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්ඩීන් යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු හා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශිත නඩු තීන්දුව සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණ වීමක් සිදු නොවන හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බව සඳහන් කර තිබුණා.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පනවන ලද දඬුවම් ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීන්දු වුණා.

2002 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් සාපරාධී ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තුන් දෙනාට කොළඹ මහාධිකරණය 2014 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණා.

මහාධිකරණ නඩු විභාගය පැවැති අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය මඟහැර පලාගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණා.

පහත පළවන්නේ එම වැට් බදු වංචාව සම්බන්ධයෙන් 2022 ඔක්තෝබර් 30 වැනිදා ‘මව්රට’ පත්‍රයේ පළවූ ලිපියකි.

‘මිනිස්සු එන්නෝය. මිනිස්සු යන්නෝය. එන්න නම් යන්න ඕනෑමය. ඔය අදහස ලියැවී ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතියේය. ඔය ටිකම අපේ ‘විලියොම්’ අයියාත් ලියා තිබේ. එහෙත් කියපු දේ මිස එය කොතැනක දැයි යන්න නම් මට මතක නැත. විලියොම් අයියා කීවට ඔහු විලියම් ෂේක්ස්පියර්ය. ඒ Men may come and men may go යන හැටියටය. හැබැයි ඒ දෙදෙනා කියන අය ගිය විට ආයෙ ඒ ස්වරූපයෙන් නම් කවරදාකවත් එන්නේ නැත. යන්නම යන්නෝය.

එහෙත් අපේ ඇතැම්හු ගොස් හොරෙන් ඇවිත් යන්නෝය. ඒ, පිටරටකට හොරෙන් පැනගිය උන්ය. එසේ එන්නන් යන්නන් ඇවිත් යන බවත් බොහෝ දෙනාද දන්නෝය. එහෙත් බොහෝ දෙනෙක් නොදත්තා වගේ සිටින්නෝය. ඊට හේතුව දැක්කොත් අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ යුතු හෙයිනි. මෙසේ එන්නන්, යන්නන්, එන්නේ යන්නේ බලපුළුවන්කාරකම නිසාය. ඒ සල්ලි බලය නිසාය. දේශපාලන බලය නිසාය. නැත්නම් ඒ දෙකම නිසාය.

ඉතින් ඒ කියන දෙකම නිසා රට සිටින අයෙක් ද සිටිති. ඔහු වනාහි දකුණු දිග ආසියාවේ මහම මහ හොරාය. මේ තක්කඩි හොරා ගැන කතාබහ කරන්නට හේතුභූත වූයේ මේ වෙලාවේ රටේ කොයි කවුරුත් බදු ගැන කතාකරන නිසාය. දේශපාලනඥයන් නම් කතාකරන්නේ ගහන බදු ගැන පයිසෙකටවත් ගානක් නැතිවය. එහෙත් මහජනයා කතා කරන්නේ පපුවේ ගිනිවෙළලාය. ඉතින් රටේ මහජනයා තවත් තළන්නේ පෙළන්නේ හමගහන්නේ නැතිව මහ හොරා ඇතුළු හොරු රැළ හොරාකෑ මුදල් කන්දරාව ආපසු ගෙන්නා ගන්නේ නැතිව මේ කරන ‘දහ විහිළි’ තප්පුලෑම නිසාය.

‘මහ හොරා කීවාට කලබල වෙන්න එපා. පොඩ්ඩක් හෝව්’ මේ හොරා කවුරුත් දන්න මහ හොරා නොවේ. කාක් හොරාද නොවේ. මේකා වනාහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු මුදල් කොල්ලකෑ කමිල් කුතුබ්දීන්ය. හොරකමේ මහමොළකාරයාය.

වංචා කළ මුදල රුපියල් කෝටි තිස්අට දහස් නවසියයකි (3,89,00,00,00,000). මේ වංචාකරු රටින් පැනගොස් ඩුබායි රටේ කාමර දෙසීයක හෝටලයක් ඇතුළු මහා ධනස්කන්ධයක් සහිත කෝටි ප්‍රකෝටිපතියකුව වෙසෙන බව පැවසේ. මේ හොරා වරින් වර ලංකාවට එන යන බවද පැවසේ. එහෙත් බොහෝ දෙනා මුනිවත රකිති. මේ වංචාවේ ප්‍රධාන චූදිතයා වූ ගොඩිගමුව, පිළියන්දල පාරේ, අංක 43/26 ස්ථානයේ පදිංචි අගම්පොඩි ඥානසිරි ජයතිලක නමැති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ය.

ඔහුට නියම වූ බව කියන දඩ මුදල ලංකා ඉතිහාසයේ අධිකරණයකින් නියම වූ වැඩිම දඩ මුදලය. ඒ, රුපියල් එක්දහස් එකසිය අනූහත් කෝටියකි (11,97,00,00,000). ඔහුට දඬුවමට බන්ධනාගාර ගතව සිටීමට නියම වූ අවුරුදු ගණන එකසිය දෙකකි. මේ නඩුවේ තවත් සැකකරුවකු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු වූ ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය යන අය සියදිවි නසා ගත්තේය. නඩුවේ චූදිතයන් දාහතර දෙනාගෙන් කොළඹ 07, බුලර්ස් පටුමගේ (ඇවනිව්) අංක 46 පදිංචි සින්නයියා සුබ්බ්‍රමානියම් යන අය රජයේ සාක්‍ෂිකාරයෙක් වූයේය.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා අනාවරණ කරගනු විස්තර අඩංගු වාර්තාව 2005.06.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේය. සිද්ධිය සැකෙවින් මෙසේය.

2002 අංක 14 දරන එකතු කළ අගය බදු පනතට අනුව අපනයනකරුවන්ට තම යෙදවුම් බද්ද නිමවුම් බද්දට හිලව් කිරීමටත්, නිමවුම් බද්දක් නොමැති නම් සම්පූර්ණ යෙදවුම් බද්ද (දේශීය මිලදී ගැනීම් සහ ආනයන මත ගෙවූ වැට් බද්ද) ආපසු ලබාගැනීමටත් අවස්ථාව හිමි වේ. එපරිදි භාණ්ඩ නිෂ්පාදනය කර අපනයන කළ බවට සමාගම් විස්සක් විසින් යථෝක්ත මහජන මුදල් කන්දරාව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරනු ලැබ වංචාව කර ඇති බව විගණනයෙන් අනාවරණ විය.

2002.11.15 සිට 2004.08.25 අතර අවුරුද්දයි මාස නමයයි දින දහයක කාලය තුළ සමාගම් විස්ස වෙනුවෙන් ලියැවුණු චෙක්පත් දෙසිය තිස්පහකින් මුළු මුදලම (කෝටි තිස්නව දහස් අටසියයම) ලබාගෙන තිබිණි. මේ සමාගම් විස්සෙන් වැඩි කොටසක් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති ව්‍යාජ ඒවා බවද විගණන වාර්තාවේ විස්තෘතය.

මේ චෙක්පත් සියල්ලම එකම තැනැත්තෙක් විසින් එදිනම (චෙක්පත් ලියූ) හෝ ඊට පසු දින හෝ භාරගනු ලැබ ඇත්තේය. මේ තැනැත්තා ව්‍යාජ හැඳුනුම්පත් දහතුනක් ඉදිරිපත් කරමින් පුද්ගලයන් දහතුන් දෙනකු සේ පෙනී සිටිමින් එම චෙක්පත් සියල්ල භාරගෙන තිබේ. අනතුරුව මේ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වද්දී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සිටි ගොඩිගමුව, පිළියන්දල පාරේ, අංක – 43/26 ස්ථානයේ පදිංචි අගම්පොඩි ඥානසිරි ජයතිලක යන අය අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඊට සමගාමීව සහකාර කොමසාරිස්වරයකු වන ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය යන අයද සැකපිට අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා රක්‍ෂිත බන්ධනාගාර ගත කරවනු ලැබුවේය.

නියෝජ්‍ය කොමසාරිස් අගම්පොඩි ඥානසිරි ජයතිලක සහ වංචාව සිදුවන සමයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවකු වශයෙන් රාජකාරි කළ ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය යන දෙදෙනාටම එරෙහිව චෙක්පත් අත්සන් කිරීමේ චෝදනාව එල්ලවී තිබිණි. ඒ සමයේ ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය යන සැකකරු දිනකට චෙක්පත් විශාල ප්‍රමාණයක් අත්සන් කර ඇති බව ද අනාවරණ කරගෙන තිබේ. ඔන්න ඔය අන්දමින් පරීක්‍ෂණ කෙරෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලොකු ලොක්කන් කොටුවෙන හැටි දැක coming colour is no good යැයි කල්පනා කරන්නට ඇති නමින් ”ර්‍සින්නයියා” (පුංචිඅයියා) වුවත් වැඩකිඩ අතින් පෙරිය (ලොකු) සයිස් වූ සින්නයියා සුබ්බ්‍රමානියම් (කඳසුරිඳු) අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවට ගොස් අපේ ගම්මුන් කියන පරිදි සැලෙන්ඩර් (Surrender) වී රජයේ සාක්‍ෂිකරුවෙක් වී සියල්ල වමාරන්නට පටන්ගෙන ඇත්තේය.

ඔහු ගෞවරි තවරාසා නමැති නීතිඥවරිය සමග ගොස් එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සිසිර මැන්ඩිස් මහතා ඉදිරියේ එසේ භාරවූවේය. මහාපරිමාණයේ ව්‍යාපාරිකයකු වූ හෙතෙම පදිංචිව සිටියේ කොළඹ 07, බුලර්ස් පටුමගේ අංක 46 ස්ථානයේය. එකී නිවෙස පිහිටියේ ලංකාවේ කීර්තිධර විදේශ ඇමැතිවරයකුව සිටියදී ඝාතනයට ලක්වූ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ නිවෙස ආසන්නයේය.මේ වන විට අසාදු ලේඛනගත ලෝටස් ඇපරල් පෞද්ගලික සමාගම සහ ලංකා යුනිවර්සල් ගාර්මන්ට් එක්ස්පෝට් යන ආයතන දෙක ඇතුළුව කොළඹ නගර සීමාවේ වටිනා ගොඩනැගිලි ගණනාවක්ද ඔහුට හිමි බව පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබේ. මේ සමාගම් දෙකම වංචාවට සම්බන්ධ බවට විගණනයෙන් හඳුනාගනු ලැබ තිබිණි.
මේ ඔහු කියන කතාවයි.

‘මේ වංචාවට සමාගම් විස්සක් සම්බන්ධයි. මහ මොළකාරයා ‘කුතුබ්දීන්’ කියලා ව්‍යාපාරිකයෙක්. දැන් එයා රට පැනල ඉන්නෙ. එයාට දේශපාලනයේ ඉහළම තලයේ, ඒ කියන්නෙ මුදල් ඇමැති මට්ටමේ අය එක්කත් ඉතාම කිට්ටු සම්බන්ධකම් තියෙනවා. කතා කරන්නෙ ‘මචං’ ලෙවල් එකෙන්….’

හෙතෙම (සින්නයියා සුබ්බ්‍රමානියම්) තමා විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමට වංචාවට සම්බන්ධ චෙක්පත් බොහොමයක් හරකළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කීවේය. තමා ඒ අරමුදල් රැස්කරන්නා ලෙසට කටයුතු කළ බවද, තමාගේ නමින් ලියැවුණු චෙක්පත්වලින් ලැබුණු මුදලින් 85%ක් මර්ෂිඩ් යන අයට දුන්න බවද කීය. කමිල් කුතුබ්දීන් අවස්ථා තුන හතරකදී කොළඹ 07, ලෝව(ර්) ටෙරස් ප්‍රදේශයේ පදිංචි ‘අශ්රොෆ්’ හාජියාරේ යන තැනැත්තාද කැඳවාගෙන එන ලදැයි ද සින්නයියා සුබ්‍රමානියම් විස්තර කෙළේය. තමා අශ්රොෆ් යන අය වසර විසිපහකට අධික කාලයක් තිස්සේ දන්නා අඳුනන බවද හෙතෙම අපනයන කරුවකු බවද කීවේය. තමාට අශ්රොෆ්ගෙන් ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි තුන හමාරක මුදලක් නොලැබුණු බවත් ඒ වෙනුවට හෙතෙම ඔහුට අයත් පිටකොටුවේ තිබූ ඉඩමක ඔප්පුවක් දුන් බවත් කීවේය.

අශ්රොෆ් එම කතාව ප්‍රතික්‍ෂේප කර ඇත්තේ මෙසේය.

තමාට පිටකොටුවේ තිබූ පර්චස් හතහමාරක ඉඩම සින්නයියාට කෝටි දෙකකට විකුණූ බවද ඒ මුදලින් කොළඹ 10 සංඝරාජ මාවතේ ඉඩමක් මිලට ගත් බවද අශ්රොෆ් පවසා ඇත. වාහන බිස්නස් කරන තමා (අශ්රොෆ්) සුබ්‍රමනියම්ට වාහන දෙකක් විකුණූ බවද පැවසේ. මේ අශ්රොෆ් පාර්ශ්වයෙන් ලද ඉතා විශ්වසනීය විස්තරයය.

කෙසේ වෙතත් වැට් අරමුදලේ රැස්කරන්නා (collector) වශයෙන් තමා (සින්නයියා සුබ්බ්‍රමානියම්) ගනුදෙනුවෙන් එකතු කළ මුදලෙන් 15%ක් ලබාගෙන ඉතිරි 85% සෙසු සාමාජිකයන් අතර බෙදූ බවද සින්නයියා සුබ්බ්‍රමානියම් රහස් පොලිසියට පවසා ඇත.

ඒ අවස්ථාවේ හෙතෙම වංචාවේ මහ මොළකාරයාගේ නමද එළිකෙළේය. ඔහු ‘කමිල් කුතුබ්දීන්’ය. (මර්ෂිඩ්ගේ නමද කීවේය) අශ්රොෆ් හාජියාරේ කුතුබ්දීන්ගේ ප්‍රධාන හවුල්කාරයා බවට සැකකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඔහුගේ සමීපතම ඥාතීන්ගේ සහ හිතමිතුරන්ගේ නිවෙස් පරීක්‍ෂා කළහ. ඒ අවස්ථාවේදී රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලබූ අශ්රොෆ්ගේ මස්සිනා වූ මොහමඩ් රම්සාන්ට තර්ජනය කෙළේ අශ්රොෆ් ඉදිරිපත් නොකළ හොත් ඒ වෙනුවට මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන බවටය.
එසේ තර්ජනයට හේතු වූයේ අශ්රොෆ්ට අයත් බවට සැක කළ හැකි විශාල ගමන් මල්ලක් රම්සාන් සන්තකයේ තිබී හමුවීමය.

අශ්රොෆ් හාජියාර්ගේ බෑණා වන හස්නි අමීර් පදිංචිව සිටියේ ද කොළඹ 03, Flower Terrace හි අංක 14 දරන ස්ථානයේය.

සී.අයි.ඩී.ය ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තම මාමා නීතිඥවරයකු මගින් භාරවන බවය. ඒ අනුව අශ්රොෆ් ජනාධිපති නීතිඥ ඇම්.ඇල්.ඇම්. අමීන් මහතා සමග කොටුව මහෙස්ත්‍රාත් නාමල් බලගල්ල මහතා ඉදිරියට පමුණුවනු ලැබ ඇත.

ඔය අතරේ සිය මව සමග ඉන්දියාවට යාමට සිටි තරුණ සිසුවකු වූ මොහමඩ් හුසේන් මොහමඩ් මිර්ෂාද් (ඇම්.එච්.ඇම්. මිර්ෂාද්) යන අයද මාර්තු 29 වැනි දින උදේ කටුනායක ගුවන් තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගැනුණේය. ඔහු මැලේසියාවේ දෙවසරක කාලයක් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණ සිටියෙකි. තම පියාට ලැබිය යුතු චෙක්පත් කීපයක් මාරුකිරීමට ඇති බැවින් හෙතෙම තමාට එදින තම මව සමග ඉන්දියාවට යාමට නොහැකි බව පවසා ඒ වෙනුවට තම මලනුවන් (මල්ලී) කැටුව යන ලෙසට මවට පෙරැත්ත කර තිබේ. ඔහුගේ පියා ඒ දිනවල බයිපාස් සැත්කමකට මුහුණපා සිටියේය.

ඔහු (මිර්ෂාද්ගේ පියා) Lord and Taylor යන සමාගමේ ගණකාධිකාරිවරයාය. ඒ සමාගම වංචාවට සම්බන්ධ සමාගම්වලින් එකකි. ඇම්.එච්.ඇම්. මිර්ෂාද් කවර දෙයක් කීවද ඔහුගේ පියා වසංවී හෝ රටින් පැනගොස් හෝ ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැක කළේය. එපරිද්දෙන්ම රටින් පලාගොස් ඔහු සමග මලයාසියාවේ සැඟව සිටි මොහමඩ් නස්මි නාගූර් අදුමාල් යන දෙදෙනා 2015.02.06 දින අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ.

රජයේ සාක්‍ෂිකරුවකු වන බවට පොරොන්දු වූ සින්නයියා සුබ්බ්‍රමානියම් සමග යථෝක්ත සැකකරුවන් දෙදෙනාද කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා හමුවට පැමිණවීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලද්දෝය.

සින්නයියා සුබ්බ්‍රමානියම් අනාවරණ කළ කමිල් කුතුබ්දීන් වංචාවේ මහමොළකරු බව විගණන තොරතුරුවලින්ද අනාවරණ විය. හෙතෙම කේ පෝර්ට් පෞද්ගලික සමාගමේ හිමිකරුය. ඔහුට සෑම ක්‍ෂේත්‍රයකටම ඈඳුණු සම්බන්ධතා තිබුණේය. දැනට ජීවතුන් අතර නැති ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙක්ද ඒ අතර උන්හ. වරාය අධිකාරියේ සභාපති දිලීප විජේසුන්දර ද ඉන් එක් අයෙකි.
ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති ජාත්‍යන්තරව කාගෝ (නැව්බඩු) බෙදාහැරීමේ දැවැන්ත සමාගමක් ද කුතුබ්දීන්ට තිබුණේය.

වරාය අධිකාරිය නීතිරීති උල්ලංඝනය කරමින් ඔහුට අනුග්‍රහය දැක්වීම නිසා වරායේ ආදායම පහත වැටුණෙන් වෘත්තීය ක්‍රියාකාරීහු උද්ඝෝෂණ පවත්වා ඇත්තාහ. කෙසේ වෙතත් වරාය අධිකාරියේ සභාපති දිලීප විජේසුන්දර සහ කමිල් කුතුබ්දීන් අතර දැඩි සම්බන්ධතාවක් තිබූ බව පැහැදිලි විය.

එසේ තහවුරු වීමට එක් කරුණක් නම් ඩුබායි සිට ගෘහස්ථ (household) අයිතම පුරවාගත් නැවක් එවක වරාය සභාපතිවරයාගේ බිරියවූ දර්ශනී වීරසිංහ නමින් කොළඹ වරායට පැමිණීමය. නැව් අංක PNO 3/10/5D යටතේ බහලුම් 80/A3 අංක සහිතව ANYKV697045 ඇණවුම් තොගය යටතේ එම තොගය ඇගේ නමින් එසේ පැමිණියේය. ඒ තොගය කුතුබ්දීන් විසින් එවන ලද්දක් බව අනාවරණ විය.

ඒ සමයේදී කමිල් කුතුබ්දීන් ඉතා පහසුවෙන් විදේශ රටවල් සමග ඉතා අඩු මුදලකට පහසුවෙන් කතා කළ හැකි (Voice Over Internet Protocol -VOIP) නමැති නීත්‍යනුකූල නොවන ව්‍යාපාරයක් ආරම්භ කෙළේය. මෙමගින් ඔහු රුපියල් කෝටි පහ හයක මාසික ආදායමක් උපයාගත් බව අනාවරණ වී තිබේ.

වැට් වංචාව පටන් ගැනුණු සමයේ කමිල් කුතුබ්දීන් ඖෂධ ආනයනය සඳහා KK Pharma නමින් සමාගමක්ද ආරම්භ කර තිබේ. එහි ගුදම පිහිටුවා තිබුණේ කිරිමණ්ඩල මාවතේ Oasis රෝහල සමීපයේය. ඒ සමගම කුතුබ්දීන් බංග්ලාදේශයේ ඖෂධ නිෂ්පාදනායතනයක් වන මැක්වුඩ් – Mackwood සමාගම සමග එක්ව ඖෂධ ආනයන ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇත. අනතුරුව ඒ සමාගම අතර ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු මැක්වුඩ් සමාගම අධිකරණයට ද ගියේය. ඒ සමයේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් කෝටි පහක් හයක් වටිනා ඖෂධ සහ උපකරණ ආනයනය කෙළේය.

ඒ ආයතනවල ලොකු පුටු සමග පැවැත්වූ සම්බන්ධතා ප්‍රයෝජනයට ගත් කුතුබ්දීන් එහි පාලනයද සියතට ගෙන ඇත්තේය. ඒ සඳහා ඔහු ‘ලෝස්’ නැතුව වියදම් කර තිබේ.

විගණකාධිපති මායාදුන්නේ මහතා වැට් වංචාව අනාවරණ කරනු ලැබූයේ ඔන්න ඔය සමයේය. විගණන නිලධාරීන්ට කෝටි ගණනාවක් හෝ වියදම් කර විගණනය නවත්වන්නට කුතුබ්දීන් යත්න දරා ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ‘සල්ලිවලට මිලදීගත හැකි වුවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එසේ මිලටගත නොහැකි’ විය. විගණකාධිපති දෙපාර්තමේන්තුව වැඩේ හැඩේටම කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂණ ද ආරම්භ කෙළේය. ඒ වන විට දේශීය ආදායම් කොමසාරිස්වරයා ඒ.ඒ. විජේපාල මහතාය. ඔහු සිද්ධිය දිගහැරෙන අවස්ථාවේ සිය නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ ප්‍රකාශ කෙළේය.

‘දවසකට චෙක්පත් තුන්හාර සියයක් අස්සන් කරන්න තියෙනවා. ඉන්නෙ නිලධාරීන් සීමිත පිරිසක්. ඒ අයට ඔය සෑම එකක් ගැනම හොයා බලන්න විදියක් නෑ…’ යැයි ඔහු කීවේය.

දැනට වසර දහඅටකට පමණ පෙරදී සිදුවූ ආසියාවේ මහා වංචාවේ වර්තමාන තත්ත්වය දැන ගැනීමට ලියුම්කරු වංචාව අනාවරණ කළ සරත් මායාදුන්නේ මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

‘සිද්ධිය වෙලා දැන් අවුරුදු දහඅටකටත් වැඩියි. දැන් තත්ත්වය ගැන කියන්න අවබෝධයක් නෑ’
මරණ තර්ජන මැද්දේ වංචාව අනාවරණ කරන ලද නිලධාරීන් (නිසි ඇගයීමකට පාත්‍ර නොවූ ක්‍රිස්ටි සහ දාබරේ යන මහත්වරු විශ්‍රාම ගොස් අප්‍රසිද්ධියේ ජීවත් වෙති. ඔවුන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අධ්‍යක්‍ෂ සම්පත් මහතාගෙන් විමසූ කල්හි හෙතෙම මෙසේ කීය.

‘වංචාවට රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික (සමාගම්) අංශයේ පිරිසක් සම්බන්ධයි. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුයි. පෞද්ගලික අංශයේ අයට එරෙහිව කටයුතු කිරීම අධිකරණය සතු කාර්යයක්. අප අවශ්‍ය කටයුතු කර විගණන දෙපාර්තමේන්තුවේ රාජකාරිය කළා. ඒ නිසා වර්තමාන තත්ත්වය දැනගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ සුප්‍රිම් කෝට් එකේ රෙජිස්ටාර්තුමාට කතා කරල බලන්න’ ඒ මහතා ඉතා කාරුණිකව කීවේය.

කෙසේ වෙතත් මේ වන විට කමිල් කුතුබ්දීන් ඩුබායි රටේ කාමර දෙසීයක් සහිත සුඛෝපභෝගී හෝටලයක හිමිකරුවකු බව දැනගන්නට තිබේ. සොයාගත හැකි වූ අන්දමට සැකකරුවන් මෙසේය.

(1) ගොඩිගමුව, පිළියන්දල පාරේ, අංක 43/26 ස්ථානයේ පදිංචි අගම්පොඩි ඥානසිරි ජයතිලක.

(2) සහකාර කොමසාරිස්වරයකු වන ආනන්ද වික්‍රමසිංහ අඹේපිටිය.

(3) කොළඹ 07, බුලර්ස් පටුමගේ අංක 46 පදිංචි සින්නයියා සුබ්බ්‍රමානියම්.

(4) ඩුබායි රටේ පදිංචි බව කියන මහ මොළකරු කමිල් කුතුබ්දීන්.

(5) කොළඹ 07, ලෝවර් ටෙරස් ප්‍රදේශයේ පදිංචි අෂ්රොෆ් හාජියාර්.

(6) කොළඹ 03, Flower Terrace හි අංක 14 දරන ස්ථානයේ පදිංචි අස්නි අමීර්.

(7) මොහමඩ් හුසේන් මොහමඩ් මිර්ෂාද්

(8) මොහමඩ් නස්මි නාගුර් අදුමාල්

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මුහුදු පතුලේ සැඟව ගිය අවුරුදු පන්සීයක් පරණ රන් නැවක් මතුවෙයි I Sri Lanka Latest News

Next Post

සීසර්ලා සහ සූර පප්පලා I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.