එංගලන්තයේ නොටිංහැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු අවාසනාවන්ත ලෙස මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. මහනුවර ගම්පළාත කරගත් 31 හැවිරිදි ඕෂධ ජයසුන්දර මෙම අනතුරින් මියගියේය. (Sri Lanka Latest News)

අනතුර සිදුව ඇත්තේ පසුගිය සතියේය. ඔහු නොටිංහැම් හි මාර්ගයක ගමන්කරමින් සිටියදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඔහුව හප්පා තිබු අතර එම රථය පොලිසියට බියේ පළායමින් සිටි අයකු පදවමින් සිටි බවට තොරතුරු හෙළිව තිබේ.
ඕෂද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.
මරණය සම්බන්ධයෙන් 27 හැවිරිදි ජෝෂුවා ග්‍රෙගරි නම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එම තැනැත්තා මෝටර් රථ රක්ෂණයක් ද නොතිබූ අයකු බවත් වාර්තා කර තිබේ.
නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී හදිසි අනතුරකින් මියගිය ඕෂධ ජයසුන්දර වෙනුවෙන් නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේදී සෙනසුරාදා සවස මතක වස්ත්‍ර පූජාවක් සිදුවිය.
gossiplankanews










