• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ඉඳලත් වැට් එකටයි-අයවැයටයි ඡන්දය නොදුන් හේතුව අරලිය ගහ මැදුරේ පාටියේදී නාමල් එළියට දමයි! රනිල් ගැන මන්ත්‍රීවරුන්ට මාර අනාවැකියකුත් කියයි! මහින්දත් එක්ක කතා කරන්න ගියාම පුදුම හිතෙන උත්තරයක් දීලා! I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රශ්න තියෙනවද? 16 වැනිදා LIVE FB ඇවිත් නාමල් ඒ ප්‍රශ්න ඔක්කොටම විසඳුම් දෙනවා! දැන්ම ප්‍රශ්න ටික ලෑස්ති කරගන්න!
Share on WhatsAppShare on Facebook

වැට් බද්ද වැඩිකර ගැනීමේ යෝජනාවේදීත්, අයවැය සම්මත කරගැනීමේදීත් නාමල් රඟදැක්වූ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී යමක් සඳහන් කළ යුතුමය. ජනාධිපතිවරයා ලෙස රනිල් පත්කර ගැනීමෙන් පසු මාස කිහිපයක් යන තුරුම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ගුණ වර්ණනා කළ නාමල්, මීට මාස දෙකකට පමණ පෙර සිට ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ක්‍රියාකලාපය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය. එසේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා විවේචනය කළද පසුව සිය පියාගේ උපන්දිනය දා තම නිවෙසේ ජනාධිපතිවරයා සමග කේක් කපා පාටි දැමීමටත් නාමල් කටයුතු කොට තිබිණි. එසේ වුවද වැට් බද්ද වැඩිකිරීමට දින දෙකක් පමණ තබා නාමල් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනතාව පිට බදු බර පටවන වැට් බදු වැඩිකිරීමට තමන් විරෝධය පළකරන බවත්, තමන් එම යෝජනාවට ඡන්දය ලබා නොදෙන බවත්ය. එමෙන්ම තම ස්ථාවරය පොහොට්ටුවේ ප්‍රධානීන්ටද දැනුම් දුන් බව නාමල් කියා සිටියේය. Sri Lanka Latest News

මහින්ද තද තැනක!

ඒ අනුව වැට් බදු ඡන්දයට ප්‍රථම මහින්දව හමුවූ නාමල් මේ බව මහින්දටද දැනුම් දී ඔහුටද එදින පාර්ලිමේන්තු නොයන ලෙස ඉල්ලා සිටීමට පියවර ගෙන තිබිණි. මෙම වැට් බදු වැඩිකිරීමට පක්ෂව අත එසවුවහොත් තමන්ගේ පමණක් නොව, රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇති බව කියා සිටි නාමල් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා ලෙස එහිදී මහින්දගෙන් ඉල්ලා තිබිණි. නමුත් අපට ඇති තොරතුරුවලින් දැනගන්නට ඇත්තේ පළමු වතාවට මහින්ද මෙහිදී නාමල් තරමක දැඩි පිළිතුරක් ලබාදී ඇති බවකි.

මම රනිල් එක්ක!

‘නෑ මම දිගටම රනිල් එක්ක දේශපාලනය කරන්න තීන්දු කරලා ඉවරයි. ඒකෙන් මම ඉවර වෙනවා නම් ඉවර වෙයි. මේ මගේ දේශපාලනයේ අන්තිම කාලේ. ඔයා ඔයාගේ දේශපාලනය වෙනම කරගෙන යන්න. මං මගේ දේශපාලනය කරගෙන යන්නම්’ යනුවෙන් එහිදී මහින්ද නාමල්ට දැනුම්දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් නාමල් මෙසේ කියමින් වැට් බදු යෝජනාව සම්මත කළ සඳුදා දිනයේදී පාර්ලිමේන්තු නොආවත් එදින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැති සාදයට සහභාගි වීමට කටයුතු කොට තිබිණි. එහිදී ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් නාමල්ගේ ක්‍රියාකලාපයට එරෙහිව තැන් තැන්වල කසුකුසු ගානු දැකගන්නට ලැබිණි. නමුත් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නම් සිටියේ නාමල් කළ වැඩේ හරියටම හරි යැයි යන ස්ථාවරයේය. ඒ අනුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නාමල්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටිද්දී නාමල් කාටත් පුදුම හිතෙන දේශපාලන විග්‍රහයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි.

නාමල්ගේ මතය!

‘මේ ගැන මට තියෙන්නේ වෙනම දේශපාලන විග්‍රහයක්. මම මේක තාත්තටත් කිව්වා. හැබැයි තාත්තා කිව්වා රනිල් එක්ක ඉස්සරහට දේශපාලනය කරනවා කියලා. හැබැයි මම තාත්තටත් කිව්වා මේක බරපතළ තත්ත්වයක් කියලා. මේකෙන් වෙන්නේ අපි මෙච්චර කල් හදාගත්ත සියලු දේ නැතිවෙන එක විතරයි කියලා. අපි දවසින් දවස ඉවර වෙනවා. මම අද කැට තියලා කියන්නම් මට තියෙන තොරතුරුවලට අනුව ජනාධිපතිතුමා අන්තිම මොහොත වෙනකම් ඉඳලා ජනාධිපතිවරණයට එන්නෙ නෑ. එතකොට එතුමත් එක්ක ගිහින් අපිට මොනවා වෙයිද? අපි සදා අනාතයි.
අනෙක අපෙන් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? දැන්, නම් කීපයක්ම කියවෙනවා. ධම්මික එනවා නම් එහෙමයි. වෙන කෙනෙක් එනවා නම් ඒක එහෙමයි. ඒ එන කෙනා අපේ දේශපාලන අනන්‍යතාවක් එක්කයි ඉස්සරහට යන්න ඕනෙ. එහෙම නැතුව ගියොත් වෙන්නේ පක්ෂයේ දේශපාලනයත් ඉවරයි, මගේ දේශපාලනයත් ඉවරයි.
ඒ නිසා මම ඉරහඳ වගේ කියන්නම් රනිල් නම් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. අන්තිම වෙනකම් ඉඳලා අලුතෙන් එන එක්කෙනාට මේක බාරදීලා එයා යන්න යාවි. අන්තිමේදී මේක සජිත්ගෙ අතට යයි. ජේවීපී එක දෙකට ඇවිත් අපි ඊටත් වඩා පහළ තැනකට වැටෙයි. ඒකයි මම මේ මගේ ස්ථාවරය පක්ෂයට කියන්න යන්නේ. අපි වැට් එකට අත ඉස්සුවොත් අපේ අනාගතයම ඉවරයි. ඒ නිසා මම මේ වැට් වැඩිකරන එකට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මම ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ.’ යනුවෙන් නාමල් එහිදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.

කල්තියාම පිටවෙයි!

ඒ කිව් ආකාරයටම නාමල් වැට් වැඩිකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රැගෙන ආ සඳුදා දිනයේ පාර්ලිමේන්ුවට ආවේ නැත. එමෙන්ම අයවැය සම්මත කරගත් බදාදා දිනයේදී නාමල් පාර්ලිමේන්තු පැමිණියද ඊට සිය ඡන්දය භාවිත කිරීමට පියවර ගත්තේ නැත. එදිනද නාමල් සිය ස්ථාවරය පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැනුම්දී කල්තියා පාර්ලිමේන්තුවෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

විපක්ෂයට විවාදය නොදී වැට් එක පාස් කරගන්න ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ ගහපු ගේම! සේමසිංහ බර කරට ගනී! සුසිල් විරුද්ධ වෙයි! ජනපතිගේ කාමරයේ තීරණාත්මක සාකච්ඡාවක්! I Sri Lanka Latest News

Next Post

සුදුහුම්පොළ පන්සලේ ඉන්න තායි රාජා ඇතාගේ රුධිර සාම්පල් අරන් ගිහින්! වෙදකම් කරන වෛද්‍යවරයා දන්නෙත් නෑ! හොයලා බලද්දි තායිලන්තෙන් ආපු ඉල්ලීමකට ඉඩ දුන්නාලු! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.