• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයට විවාදය නොදී වැට් එක පාස් කරගන්න ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ ගහපු ගේම! සේමසිංහ බර කරට ගනී! සුසිල් විරුද්ධ වෙයි! ජනපතිගේ කාමරයේ තීරණාත්මක සාකච්ඡාවක්! I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂයට විවාදය නොදී වැට් එක පාස් කරගන්න ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ ගහපු ගේම! සේමසිංහ බර කරට ගනී! සුසිල් විරුද්ධ වෙයි! ජනපතිගේ කාමරයේ තීරණාත්මක සාකච්ඡාවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරිදා දිනයේ වැට් බදු වැඩිකිරීමේ යෝජනාව සම්මත කරගැනීමට නොහැකි වීම හේතුවෙන් සඳුදා දින එය කෙසේ හෝ සම්මත කරගැනීමේ වැඩි වගකීමක් පැටවී තිබුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ කර මතය. සඳුදා දින අමාත්‍යාංශ දෙකක අයවැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතව තිබීම හේතුවෙන් වැට් බදු වැඩිකිරීමේ යෝජනාව සම්මත කරගැනීමට නියමිතව තිබුණේද එම විවාදය අස්සේමය. එම නිසා මුලින්ම තීරණය කෙරුණේ ආණ්ඩුවේ කථික ලැයිස්තුව බොහෝ දුරට අඩුකොට අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් වන පවිත්‍රා, ඩග්ලස්, පියල් නිශාන්ත ආදීන්ට පමණක් කතාකිරීමට අවස්ථාව ලබාදී වැට් බදු වැඩිකිරීමේ යෝජනාව සම්මත කරගැනීම සඳහා කාලය ඉතිරි කරගැනීමටය. එමෙන්ම විපක්ෂයට වැට් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් වූ විවාදයට වැඩි කාලයක් ලබාදීමටද තීරණය කෙරිණි.Sri Lanka Latest News

ඡන්දය ගමු!

කෙසේ වෙතත් වැට් බදු යෝජනාව සම්මත කරගැනීමේ වගකීම පිට මත පැටවී තිබීම නිසා සේමසිංහ මුළු හවස් වරුවම කළේ පාර්ලිමේන්තුව පුරා එහෙ මෙහෙ ඇවිදිමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඊට එක්කර ගැනීමටය. වරින් වර සභාගැබ තුළටත් භෝජනාගාරය තුළටත්, ආණ්ඩු පක්ෂ ලොබිය තුළටත් ඔළුව දමමින් සේමසිංහ නිතරම බැලුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩුව පැත්තේ සිටිනවාද කියාය. ඉරිදා දිනයේ කළාක් මෙන්ම සඳුදා දිනද විපක්ෂය යම් දේශපාලන ගේමක් ගසනු ඇති බවට තිබූ සැකය නිසා සේමසිංහ සඳුදා දහවල් වන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්නව මුණගැසී දැනුම්දී සිටියේ වැට් බද්ද සම්බන්ධයෙන් කලින් පොරොන්දු වූ විවාදය නොපවත්වා දැනට සභාවේ සිටින ප්‍රමාණයෙන් ඡන්දයක් ගෙන එය අවසන් කළ යුතු යැයි කියාය. ඒ වන විට සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 81ක් සිටි අතර, විපක්ෂය පැත්තෙන් සිටියේ 41ක් පමණි.

සුසිල්ගෙන් විරෝධය!

ඒ අනුව මෙම යෝජනාව සේමසිංහත්, ප්‍රසන්නත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ගෙන යෑමට කටයුතු කළෝය. නමුත් සුසිල් ගත් කටටම කියා සිටියේ එවැන්නක් සිදුකිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කියාය. මෙය මුදල් පනතක් වීම හේතුවෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු බවද සුසිල්, සේමසිංහටත්, ප්‍රසන්නටත් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සුසිල්ගේ පිළිතුරෙන් සේමසිංහ එතරම් පැහැදීමට පත්ව සිටියේ නැත. ඒ අනුව සේමසිංහ කළේ සඳුදා පස්වරු 2.45ට පමණ ජනාධිපතිවරයා හමුවීමට පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට යෑමය. එදින කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ජනාධිපතිවරයා කල්තියා පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවක් සේමසිංහට දැනගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා හමුවීමට ගිය සේමසිංහ මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 81 දෙනකු සභාගැබේ සිටින බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් 41 දෙනකු සිටින බවත් පෙන්වා දී දැන්මම ඡන්ද විමසීමකට නොගියහොත් යම් අවදානමක් ගැනීමට සිදුවනු ඇති බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඉරිදා දිනයේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අර්බුදයකට මුහුණපා සිටි නිසා ජනාධිපතිවරයාද කළේ වහාම දිනේෂුත්, සුසිලුත්, ප්‍රසන්නත්, සියඹලාපිටියත් සිය කාර්යාලයට කැඳවා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගැනීමය. එහිදීද විවාදයකින් තොරව වැට් බදු යෝජනාව සම්මත කරගත යුතු බවට සේමසිංහ පෙන්වා දෙද්දී නැවත වතාවක් සුසිල් කියා සිටියේ මෙය මුදල් පනතක් බැවින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කිරීම සුදුසු යැයි කියාය. නමුත් සුසිල්ගේ මෙම යෝජනාවට මුදල් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා තබා ජනාධිපතිවරයා හෝ එකඟතාව පළකළ බවක් දැකගන්නට ලැබුණේ නැත. එම පාර්ශ්වයෙන් එහිදී ඉදිරිපත් වූ තර්කය වූයේ අදාළ වැට් බදු යෝජනාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා ඉරිදා දිනය ලබාදුන් නමුත් ඝන පූර්ණය නොමැති බව පවසමින් විපක්ෂය එය මඟහැර ගැනීමට කටයුතු කළා යැයි කියාය. ඒ අනුව අද දිනයේ ඡන්දය ගෙන වැට් බදු යෝජනාව සම්මත කරගත යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.

69ක් නෑ!

ඒ අනුව ආණ්ඩු පක්ෂය සඳුදා පස්වරුවේ සභාවට දැනුම්දී සිටියේ වැට් බදු යෝජනාව සම්මත කරගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් යැයි කියාය. නමුත් විපක්ෂය ඊට එරෙහිව දැඩිව විරෝධය පළ කළද අවසානයේදී කතානායකවරයා කියා සිටියේ පෙර දින විවාදය පැවැත්වීමට කල් ලබාදී තිබීම හේතුවෙන් අද දිනයේ ඡන්දය ගෙන එය අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ 100 දෙනකු වැට් බදු වැඩිකිරීමට පක්ෂව අත් ඉස්සීමට පියවර ගෙන තිබිණි. ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ මන්ත්‍රීවරු 55 දෙනකු ඡන්දය ලබාදීමට කටයුතු කර තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මන්ත්‍රීවරුන් 69 දෙනකු ඒ අවස්ථාව වන විට සභාගැබේ නොසිටීමය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙයි! වැට් එකට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකදිගට විරුද්ධව කතා කරයි! මහින්දානන්ද-මායාදුන්න වාදය ගහගන්න තරමට දුරදිග යයි! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඉඳලත් වැට් එකටයි-අයවැයටයි ඡන්දය නොදුන් හේතුව අරලිය ගහ මැදුරේ පාටියේදී නාමල් එළියට දමයි! රනිල් ගැන මන්ත්‍රීවරුන්ට මාර අනාවැකියකුත් කියයි! මහින්දත් එක්ක කතා කරන්න ගියාම පුදුම හිතෙන උත්තරයක් දීලා! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.