විශ්ව බුද්ධ නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.
සැකකාර චීවරධාරියා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
විටෙක ගිහි ඇඳුමින්ද, තවත් විටෙක භික්ෂු වේෂයෙන්ද පෙනී සිටිමින් ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ් සජීවී වීඩියෝ ඉදිරිපත් කරන මෙම පුද්ගලයා පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්විය.










