• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව ඡන්දය දෙන්නෙ පක්ෂයට! ඒ නිසා මන්ත්‍රීවරයෙකුට පක්ෂය මාරු කරන්න නීතිමය හැකියාවක් නෑ! එවැනි ක්‍රියාවන්ට අනුබල දුන්නොත් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාම අභියෝගයට ලක් වෙනවා! හරීන්-මනූෂ ආණ්ඩුවට එක්ව ඇමැති ධූර ලබා ගැනීමෙන්ම පක්ෂ සාමාජිකත්වය අහෝසි කරගෙන! සුමන්තිරන් උසාවියට දැනුම් දෙයි! I Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතාව ඡන්දය දෙන්නෙ පක්ෂයට! ඒ නිසා මන්ත්‍රීවරයෙකුට පක්ෂය මාරු කරන්න නීතිමය හැකියාවක් නෑ! එවැනි ක්‍රියාවන්ට අනුබල දුන්නොත් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාම අභියෝගයට ලක් වෙනවා! හරීන්-මනූෂ ආණ්ඩුවට එක්ව ඇමැති ධූර ලබා ගැනීමෙන්ම පක්ෂ සාමාජිකත්වය අහෝසි කරගෙන! සුමන්තිරන් උසාවියට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය පක්ෂය මාරු කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එවැනි ක්‍රියාවලට අනුබල දීම තුළින් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාම අභියෝගයට ලක් විය හැකි බවත් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්දිරන් මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. Sri Lanka Latest News

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු විසින් ඉදිරිපත් කර තිබෙන  පෙත්සම් යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය

විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙයි.

මෙහිදී  වගඋත්තරකාර සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ සාමාජිකයින් වශයෙන් සිටි හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායකාර ආණ්ඩු පක්ෂයට එක්ව අමාත්‍ය ධූර ලබා ගැනීම තුළින්ම ඔවුන් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරගෙන තිබෙන බව සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යනුවෙන් පැහැදිලි බෙදීමක් පාර්ලිමේන්තුව තුළ පැවතිය යුතු බවත් යම් මන්ත්‍රීවරයකු යම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු එම බෙදීම උල්ලංඝනය කරමින් ආණ්ඩු පක්ෂයට එක් වුවහොත්  ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපතී නීතිඥ සුමන්තිරන් මහතා ඊට අනුබල දීමක් සිදු වුවහොත් වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇති බවත් අනතුරු අඟවා සිටියේය.

යම් පක්ෂයක සාමාජිකයකුගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට තීන්දුවක් ගත් පසුව එය අවසානාත්මක තීන්දුව වනු ඇතැයි ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා එවැනි තීන්දු ගැනීම සඳහා විනය පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය නොවන බවත් කියා සිටියේය.

මැතිවරණවලදී මහජනතාව ඡන්දය ලබා දෙන්නේ පක්ෂයට බවත් පක්ෂයේ හා ජනතාවගේ පරමාර්ථවලට පටහැනිව කටයුතු කිරීමට තේරීපත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම්කරුවන් ආණ්ඩු පක්ෂයට එක්වීම තුළින් ඔවුන් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරගෙන තිබෙන බව ඔවුන් විසින්ම ඉදිරිපත් කළ කරුණු ඔස්සේ තහවුරු වන බවත් ඒ අනුව ඔවුන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය  නීත්‍යානුකූල බවට තීන්දු කොට ඔවුන්ගේ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුර පෙත්සම් විභාගය මේ මස 14 වනදා තෙක් කල් තැබුණි.

SendShareShare
Previous Post

රොෂාන් දාපු අර්ජුනගේ අතුරු කමිටුව හරීන් ගෙදර යවයි! I Sri Lanka Latest News

Next Post

ගහපු වැට් එකත් එක්ක බිස්නස් ෆ්ලැට්! හැම බඩුවක්ම 50%කින් 60%කින් වැඩි වෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.