• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝලීය ද්‍රවිඩ සංගමයේ සුරේන් සුරේන්දිරන් ඇතුලු GTF ලොක්කෝ ලංකාවට ඇවිත්! හිමිවරුන් පිරිවරාගෙන ගිහින් ජනපති හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝලීය ද්‍රවිඩ සංගමයේ සුරේන් සුරේන්දිරන් ඇතුලු GTF ලොක්කෝ ලංකාවට ඇවිත්! හිමිවරුන් පිරිවරාගෙන ගිහින් ජනපති හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

“සෑම කෙනෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිමින්, බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි ශ්‍රී ලංකාවක් මැයෙන් වූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රතිසංධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධනය කේන්ද්‍රකර ගත් ප්‍රධාන කරුණු 06ක් “හිමාලයා ප්‍රකාශනයට” ඇතුළත්ය.

මෙම ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා සමඟ සාකච්ඡා කරන බවත්, අනෙකුත් ආගමික නායකයින් ද මේ පිළිබඳ දැනුවත් කරන බවත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මෙහිදී සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් යුද්ධයෙන් පිඩා විඳී ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය ආර්ථික අර්බුදය හමුවේද මහත් පීඩාවකට මුහුණ දුන් බවයි. නමුත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ඉන්ධන පෝලීම්වල මාස කිහිපයක් පමණක් මුහුණ දුන් කටුක අත්දැකීම්වලට උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

නව රටක් ගොඩනැගීමේ දී නව ආර්ථිකයක් අවශ්‍ය බවත් එහිදී “හිමාලයා ප්‍රකාශනය” වැනි ප්‍රකාශන වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එකමුතුකම සහ ස්ථාවරත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවද පැවසීය.

උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනයට බලපෑ ගැටලු විසදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රගතියක් ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද කරුණු පැහැදිළි කළේය.

උතුරු නැගෙනහිර සහ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම එම පළාත් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. ඒ අනුව පුනරින් නගරය ඉදිරියේදී පුනර්ජනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදි ප්‍රසාදය පළ කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් ඊට තම පුර්ණ දායකත්වය ලබාදෙන බව සඳහන් කළහ.

එමෙන්ම “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ එළිදැක්වීමට ලැබීම පිළිබඳව ද ඔවුහු සිය සතුට පළ කළහ.

යහපත් ශ්‍රි ලංකාවක් සඳහා වූ සංඝ සංසදය නියෝජනය කරමින් අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය මාදම්පාගම අස්සජිතිස්ස ස්වාමින් වහන්සේ, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝ නායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමින් වහන්සේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සහ සිරි ධර්මරක්ෂිත පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිතලගම හේමසාර නායක ස්වාමින් වහන්සේ, වජිරවංස පාර්ශ්වයේ වැඩබලන මහානායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රත්නසාර ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ හිටපු සාමාජික මානව සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍ය කලුපහන පියරතන ස්වාමින් වහන්සේ, මධ්‍යම පළාතේ පාතදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාරම්පනාවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වාද්දුවේ ධම්මවංශ ස්වාමින් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

ගෝලිය ද්‍රවිඩ සංසදය නියෝජනය කරමින් එක්සත් රාජධානියේ සුරේන් සුරේන්දිරන්, භවාන් භවකුගන්, වේලුපිල්ලෙයි කුගනේද්‍රන්, ඕස්ටේලියාවේ ආචාර්ය කන්නප්පර් මුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසිංගම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය ජෙයරාජා යන මහත්ම මහත්මීහු මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

SendShareShare
Previous Post

සංස්කෘතික අරමුදල ගැන කියපු බොරු අතේ පත්තු වුණාට පස්සේ සජිත්ට එරෙහිව ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණනයක් ආණ්ඩුවෙන් ඇදලා ගනී! මහින්දානන්ද වාර්තාවක් කියවයි! කිසිම සුදුසුකමක් නොමැති පොහොට්ටු යූනියන්කාරයෙක් විගණන තනතුරකට පත් කර බොරු වාර්තා හදලා මඩ ගහනවා! සජිත් අදත් සියලු ලේඛන සභාගත කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චියර්ස්….! බොන්න ගන්න පුලුවන් වෙලාව රනිල් දික් කරයි! දැන් රෑ 10 වෙනකන් බෝතල් ගන්න පුලුවන්! I Sri Lanka Latest News

MORE NEWS

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

Load More
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

පියකරු මුහුණකට කවුරුත් ප්‍රිය කරති. එවැනි අයකු දකින හැම විටෙකම කෙනකු අව්‍යාජයෙන් සිනාසෙයි. එවැන්නකු තමන් පියමංකර යනෙන විට ආපසු හැරී...

Read more
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.