• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවෙන් මව්රට මුදා‌ගෙන ජන්දෙට යන්නද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 29, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
කොරෝනාවෙන් මව්රට මුදා‌ගෙන ජන්දෙට යන්නද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1983 ජූලි කලබල මැද රට පුරා ඇඳිරි නීතිය පනවන්න තීරණය කළ විගස එවකට ආහාර සහ සමුපකාර අමාත්‍යංශ ලේකම් එම්.ඩී.ඩී. පීරිස් මහ රෑ 11ට පමණ නවලෝක මුදලාලිගේ ගෙදරට ගියේය. ඔහු එලෙස ගියේ එවකට ආහාර සහ සමුපකාර ඇමැති ගාමිණී ජයසුන්දරගේ උපදෙස් මතය. ඇඳිරි නීතිය පනවන්න පෙර මිනිසුන්ට කන්න ඇති තරම් ආහාර තියේදැයි එවකට ජනාධිපති ජේ.ආර්. වෙළෙඳ, නාවික ඇමැති ලලිත් ඇතුළත්මුදලිගෙන්ද ආහාර සමුපකාර ඇමැති ගාමිණී ජයසුන්දරගෙන්ද විමසා සිටියේය. ලලිත් කීවේ දවස් කිහිපයකට තොග ඇති බවත්, මිනිස්සු බඩගින්නේ නොතියන වගකීම තමා භාර ගන්නා බවත්ය. ඒත් කොළඹ තොග වෙළෙඳාම කරන්නේ දමිළ ව්‍යාපාරිකයන් බවත්, ඔවුන්ගේ වෙළෙඳසල්වලට ගිනි තබා ඇති බවත්, ඇතැම් වෙළෙන්දෝ උතුරට පැන ගොස් ඇති බවත්, සමහරු අනාථ කඳවුරුවල සිටිනා බවත් ලලිත් කීවේය. දැනට මෙම වෙළෙඳාම සිංහල හෝ මුස්ලිම් ව්‍යාපාරිකයන් ලවා කරවා ගැනීමේ වගකීම තමන් භාර ගන්නා බවත් ගාමිණී ජයසූරිය කීවේය. ඔහු සිය ලේකම්ට වැඬේ භාර දුන්නේය. ලේකම් නවලෝක මුදලාලි ඇතුළු සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් හමුවී ණය සහන යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ඔවුන්ට භාර දුන්නේය. ලලිත් සහ ගාමිණී එකතු වී සතොස, සමුපකාරය, මාක්ෆෙඞ් එක්කොට ජනතාවට ආහාර සපයන ජාලයක් හැදූහ. දුප්පත් මිනිසුන්ට ඇඳිරි නීතිය හේතුකොට එදිනෙදා ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් දින කිහිපයකට සරිලන සේ නොමිලේ ලබා දෙන ක්‍රමයක්ද නිර්මාණය කරනු ලැබීය. මේ වැඩපිළිවෙළ සකස් කළේ රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පමණක් නොව ලංකා වාණිජ මණ්ඩලය හරහා පුද්ගලික අංශයද එකට එකතු කරගෙනය. අමාත්‍යාංශ නිලධාරීන් ජනතාවට හිඟයකින් තොරව ආහාර ලබාදීම සඳහා දිවා රෑ නොබලා වැඩ කරද්දී ගාමිණී ජයසූරිය ඔවුන් ධෛර්යමත් කරන්න ඔවුන්ව නිරීක්ෂණය කරන්න ගියේය.
“අද හිඟ එක දෙයක් තියෙනවා. ඒ රජයේ සේවයේ රෙගුලාසි”
ගාමිණී ජයසූරිය කීවේ කොක් හඬලා සිනාසෙමිනි. ඔහු නොකියා කීවේ රජයේ නිලධාරීන් පැය 24ම නීති රීති රෙගුලාලි ඉවත දමා වැඩ කරනවා කියාය. අවසානයේ ගාමිණීටත් වඩා ලලිත් ප්‍රකට වූයේ ඇඳිරි නීතිය අවස්ථාවේ ජනතාව බඩගින්නේ නොතිබූ වීරයා ලෙසය. ඔහු එතැනදී බඩු මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිමේ තැබීම හෝ වැඩි මිලට භාණ්ඩ විකිණීම තහනම් කළේය. ඔහු ජනතාවට ආහාර සපයන සේවා අත්‍යවශ්‍ය සේවා කළේය. වෙනකක් තබා සිගරට් සපයන දුම්කොළ සමාගම පවා අත්‍යවශ්‍ය සේවයක් කළේය. ඒ දුම්බීම සෞඛ්‍යයට අහිතකර වුවත් නිවෙස්වලට වී සිටින මිනිසුන්ගේ ආතතිය නැති කිරීමටය.
මේ කිව්වේ වසර තිස් ගණනකට එහා කතාවකි. අද ලංකාව පුරාම ෆුඞ්සිටි චේන් ඇත. දුරකතනයෙන් ආහාර ගෙදරටම ගෙන්වා ගත හැකි ක්‍රම ඇත. ආර්ථික මධ්‍යස්ථාන ඇත. ඒ කාලයේ මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන තිබුණෙත් නැත.
“ඉතින් ඇයි රාජපක්ෂ ආණ්ඩුව මේ ඇඳිරි නීතිය වේලාවේ ආහාර සැපයුම අසමත් වුණේ…?”
හැමෝම අහන්නේ ඒකය. ගෝඨාභය වෛරසය පාලනය කිරීමට සමත්කම් පෙන්වමින් සිටියත් ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇඳිරි නීතිය පනවා ඉවත් කළ විටත් ආහාර සැපයුම මුළුමනින්ම අඩාල වී තිබිණි. ඒ ප්‍රමාණවත් ආහාර තොග නැතුවා නොවේ. ඒවා බෙදා හැරීමට ආණ්ඩුව කිසිදු ක්‍රමයක් සකස් කර තිබුණේ නැත. එයින් පීඩාවට පත්වුණේ මිනිස්සුය. හැම මිනිහාටම සතියකට සරිලන ආහාර ගබඩා කිරීම සඳහා වත්කම් නැත. දවසේ ආදායමෙන් එදා වේල පිරිහ ගන්නා මිනිස්සු අන්ත අසරණ වූහ.
කොරෝනා වෛරසය ගෝඨාභය හඳුනා ගත්තේ ත්‍රස්තවාදයක් ලෙසය. ඔහු යුද්ධය ජයගත් හිටපු ආරක්ෂක ලේකම්ය. ඔහු වෛරසය එලෙස දැකීම අරුමයක් නොවේ. ඔහු වෛරසය හැදුන ලෙඩුන් සොයා ගියේ ත්‍රස්තවාදීන් සොයාගන්නා ආකාරයටය. වෛරසයේ අවදානම අවම කර ගැනීම ඔහුගේ ඉලක්කය බව පෙනෙන්න තිබේ. හැබැයි එදා ඔහු යුද්ධ කරද්දී රටේ ආණ්ඩුවක් දිව්වේය. යුද්ධය අතරමැද රටේ ජනතාවට ආහාරපාන ප්‍රශ්නයක් නොවීය. ඒ වේලාවේ ඒ වැඬේ කළේ බැසිල් රාජපක්ෂය. ගෝඨාභය පළමු වැරැද්දෙන් පාඩම් ඉගෙන ගෙන ආහාර බෙදාහැරීමට බැසිල්ව පත් කළේ ඇඳිරි නීතිය ඉවත් කළ පළමු දිනයේ ජනතාව වින්ද දුක ගැන ඔහුට බුද්ධි අංශ වාර්තා ලැබුණ නිසා විය හැකිය.
හැබැයි එදින ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර ජනතාවට ආහාර සැපයීම නිසි ලෙස සංවිධානය කළා නම් ඒ ලකුණුත් වැටෙන්නේ ගෝඨාභයටමය. ආහාර ප්‍රශ්නයේදී පෙනුණේ ගෝඨාභය සහ ආණ්ඩුව අතර සම්බන්ධීකරණ ප්‍රශ්නයක් තිබෙන බවය.
කොහොම වුණත් ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු මහ මැතිවරණයට යෑමට බිල්ලෙක් සොයමින් සිටි ආණ්ඩුවට දැන් බිල්ලෙක් හමුවී තිබේ. ඒ කොරෝනා වෛරසයය. ආණ්ඩුවට මේ බිල්ලා චීන බිල්ලෙක් බව මිනිසුන්ට තේරුම් ගියොත් ආණ්ඩුවේ චීන සම්බන්ධතාවලට අවුලක් වේ යැයි බියෙන් බිල්ලා ඉතාලි බිල්ලෙක් බවට පත්කර තිබේ. දැන් රටේ මිනිස්සු හිතන්නේ කොරෝනා බෝ කරන්නේ ඉතාලියෙන් රැකියා කොට ලංකාවට ආ ලාංකිකයන් කියාය. ඒත් ආණ්ඩුව මුලින්ම චීනයෙන් ආ සංචාරකයන් පාලනය කළා නම් කොරෝනා වෛරසයෙන් ලංකාව ආරක්ෂිත වීමට ඉඩ තිබිණි. ඉතාලියට රැකියා සඳහා ගිය ලාංකිකයන් බහුතරය ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේය. පුත්තලමෙන් හමුවී ඇති ආසාදිතයන් ගණන 9ක් පමණි. ඒ කියන්නේ ආසාදිතයන් වැඩි වී ඇත්තේ චීන සංචාරකයන් හෝ චීනයේ සිට මෙරටට පැමිණි ලාංකිකයන්ගෙන්ද කියන්න දන්නේ නැත. ආණ්ඩුවේ ප්‍රචාරක මාධ්‍ය එය වසන් කරමින් බිල්ලා ඉතාලියෙන් මවන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව විය යුතුය.
හැබැයි මේ බිල්ලා රාජපක්ෂවරුන් මවපු අනෙක් බිල්ලන් මෙන් නොවේ. මේ බිල්ලා රාජපක්ෂ ආණ්ඩුවටද පාලනයක් නැත. බිල්ලා මර්දනය කර ආණ්ඩුව මහ ඡන්දයට ගන්න හදන්නේ 2010 ප්‍රභාකරන් ඝාතනය කොට මහ ඡන්දයට ගියා වගේය. හැබැයි කොරෝනා බිල්ලා එන්න පෙර රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයත්, කොරෝනා බිල්ලා ආපසු රට මුහුණ දෙන ආර්ථික අර්බුදයත් යන දෙකම ඡන්දයට කලින් එළියට පැන්නොත් ආණ්ඩුවට සොරි ඩොට් කොම්ය. මොකද අපේ රටේ මිනිස්සුන්ට බඩගින්න කොරෝනාව තරමටම මාරාන්තිකය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පළමු මරණය වාර්තා ‌වෙයි: කොරෝනා මරණ ‌ලයිස්තුවට ලංකාවත් එකතු ‌වෙයි

Next Post

චීන ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳවැටේ

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.