• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්‍රේන සටන් බිමේදී රුසියානු ප්‍රහාරයකින් කැප්ටන් රනිෂ් හේවගේ ඇතුළු ලංකා හමුදාවේ හිටපු තිදෙනක් මියයයි! 2022 සිට යුක්‍රේන යුද පෙරමුණේ සටන් කරලා! සෙලෙන්ස්කිගෙන් සම්මාන 5ක් දිනලා! ලංකාවේ තව 20ක් ඉදිරි සටන් බිමේ ඉන්නවා! I Sri Lanka Latest News

December 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
යුක්‍රේන සටන් බිමේදී රුසියානු ප්‍රහාරයකින් කැප්ටන් රනිෂ් හේවගේ ඇතුළු ලංකා හමුදාවේ හිටපු තිදෙනක් මියයයි! 2022 සිට යුක්‍රේන යුද පෙරමුණේ සටන් කරලා! සෙලෙන්ස්කිගෙන් සම්මාන 5ක් දිනලා! ලංකාවේ තව 20ක් ඉදිරි සටන් බිමේ ඉන්නවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුක්‍රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය ලබාදුන් යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. Sri Lanka Latest News

රුසියානු රජයේ හමුදාවන් විසින් “කළු හතුරා” ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ මහතා නම්කර තිබී ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී ඒ මහතා සේවයට බැඳී තිබේ.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඒ මහතා පෙරමුණේ දැක්වූ වීරත්වය හේතුවෙන් එරට ජනාධිපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත.

සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්‍රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ මහතා එරට හමුදාවෙන් “කපිතාන් ඩෙන්ටිස්ට්” යන නාමයෙන් හඳුන්වා තිබේ.

යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ මෙහෙයුමකට එක් වූ රනිෂ් හේවගේ මහතා යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයෙකු වූ ප්‍රියන්ත සටන් පෙරමුණේ දී පසුගිය 04 වෙනිදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

සටන් පෙරමුණට රුසියානු ප්‍රහාර දිගින් දිගටම එල්ලවීම හේතුවෙන් මියගිය සෙබළාගේ සිරුර රැගෙන යෑමට යුක්‍රේන හමුදා භට පිරිස් ඉදිරිපත් වී නොමැත.

එවිට ශ්‍රී ලාංකික සෙබළාගේ සිරුර රැගෙන යෑමට කපිතාන් රනිෂ් හේවගේ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඇති අතර, ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනෙකු එක්ව තිබේ.

“අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මඟදිම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 4 වෙනිදා උදේ 9ට විතර කාලතුවක්කු එකක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමෙන්ට් එකේ එක්කෙනා එකේදි මැරුණා. සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝමීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමඟ දි ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා. සර් අපිට හැමදාම කිව්වේ යුද්දේදි මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ, සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දි මට තනිවම පසුබහින්න වුණා…” යැයි මෙම මෙහෙයුමෙන් තුවාල ලබා යුක්‍රේන හමුදා රෝහලක ප්‍රතිකාර ලබන යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව ගොස් යුක්‍රේන හමුදාවට එක්වූ හතුරුසිංහ මහතා පැවසීය.

තමා කමාන්ඩෝ පුහුණුව ලබා ප්‍රගුණ කර ඇති අත්දැකීම් උපයෝගී කරගෙන තම අණදෙන නිලධාරියාගේ සිරුර කොසේ හෝ රැගෙන ඒමට යන බවද ඔහු කියා සිටියේය.

යුක්‍රේන රජයේ හමුදාවට මෙරටින් නිත්‍යානුකූල සේවයෙන් ඉවත්ව ගිය 70 දෙනෙකු පමණ සේවය සඳහා අයදුම් කර ඇති අතර, කපිතාන් රනිෂ් සමග ශ්‍රී ලාංකික භටපිරිස්වල 20කට ආසන්න පිරිසක් එහි සේවය කර ඇත.

ඔහු යටතේ කැනඩා හමුදා භට කණ්ඩායම් ද සේවය කර ඇත.

එක් සටනකදී ඔහු සමග සිටි කැනඩා භටයින් 21දෙනෙකු මියගොස් ඇත. කපිතාන් රනිෂ් හේවගේ එම සටනින් තුවාල ලබා දිවිබේරා ගෙන තිබුණි.

රනිෂ් මියදෙන්නට දින තුනකට පමණ පෙර ඔහුගේ මව, සහෝදිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද යුක්‍රේනයට පැමිණ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කපිතාන් රනිෂ් හේවගේ අණදෙන භට කණ්ඩායමට එක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකික නිලධාරීන් හා සෙසු නිලයන්වල 70 පමණ අසර්බයිජාන්, ඩුබායි හා ඉන්දියාවට ගොස් පෝලන්තය ඔස්සේ එරටට යෑමට නියමිතව සිට ඇත.

මසකට රු ලක්ෂ 10 – 12ක් අතර වැටුපක් ශ්‍රී ලාංකික හමුදාවල සිටි භට කණ්ඩායම්වලට යුක්‍රේන රජයෙන් හිමිවන බව ද අප කළ විමසීමකදී අනාවරණය වුණි.

සටන් බිමේ මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් තිදෙනා සම්බන්ධයෙන් තානාපති අංශ මඟින් ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට ඊයේ (05) කටයුතු යොදා ඇති බව ද යුක්‍රේනයෙන් වාර්තා වුණි. -අරුණ

SendShareShare
Previous Post

මත්තල ගුවන්තොටුපොළත් පිටරට සමාගමකට දෙන්න තීන්දු කරලා ඉවරයි! I Sri Lanka Latest News

Next Post

කිලෝ 22ක් බර මිල කළ නොහැකි පළිඟු මැණිකක් අවිස්සාවේල්ලෙන් මතුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.