• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් “දේශගුණික යුක්ති සංසද” යෝජනාව COP 28 සමුළුවට ඉදිරිපත් කරයි! I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් “දේශගුණික යුක්ති සංසද” යෝජනාව COP 28 සමුළුවට ඉදිරිපත් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව අද (02) සිදු කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් මහත්මිය (Inger Andersen) සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇසිං ජේන් රූත් යන මහත්ම මහත්මීන් ද (Dr. Aceng Jane Ruth) ද එක්ව සිටියහ.

“දේශගුණික යුක්ති සංසදය” දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමුහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකරාශි කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවීමේ ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව ඉටු කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අලාභ හා පාඩු අරමුදලට වෙන් කර ඇති මුදලට වඩා වැඩි මුදලක් යුක්‍රේනය යුද්ධයටත්, ගාසා තීරයට බෝම්බ හෙළීමටත් වැයකර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණය පිළිබඳ ගැටලුවලට මුදල් වෙන් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස ඉහළ යාමේ තර්ජනයට ස්ථීර විසඳුමක් ලෙස “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඒ සමඟ එක්වන ලෙස තමා සියලු රටවලට ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට පාර්ශ්වකාර රටවල් සමඟ සහයෝගයෙන් එක්වන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉල්ලීමක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් මහත්මිය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයත්නයන් අතර පවතින විෂමතාව අවධාරණය කළාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු අවම කර ගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම “දේශගුණික යුක්ති සංසදය” කටයුතු කරනු ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂවරිය “දේශගුණික යුක්ති සංසදය” සාදරයෙන් පිළිගත්තාය.

පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමේදී දේශගුණික යුක්ති සංසදය වැනි මුලපිරීම් ඉතා වැදගත් බවයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද මෙහිදී අදහස් දැක්වීය. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව ඉන් ඔබ්බට ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. තිරසර අනාගතයක් සඳහා ගෝලීය වේදිකාවකට බලපෑම් කිරීම ඉලක්ක කර ගනිමින් දේශගුණික යුක්තිය සංසදය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ඇතුළත් කරන බවද විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ඇසිං ජේන් රූත් (Aceng Jane Ruth) මහත්මිය ද දේශගුණික යුක්තිය සංසදය සාදරයෙන් පිළිගත් අතර දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට ප්‍රබල නායකත්වයක් ලබාදීමට එයට හැකිවනු ඇති බව සඳහන් කළාය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, මධුර විතානගේ, අජිත් මාන්නප්පෙරුම, එම්.රමේෂ්වරන් යන මහත්වරුන් ද දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රී, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඉදිරි පැය 36ත් හොඳටම වහිනවා! Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ගැන කතා කරපු එකට නාමල්ට හොඳටම තදවෙලා! කාලෙ කෑවලු! දැන් ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේ සජිත්ගෙ කට වහන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.