හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් වාහන අංගනයක තිබූ බව කියන ලෑන්ඩ් කෲෂර් ජිප් රථයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා එකිනෙකට පරස්පර ප්‍රකාශ දෙකක් පාර්ලිමේන්තුව හමුවේදී සිදු කළේය.Sri Lanka Latest News
එහිදී පෙරේදා දිනයේදී නිමල් පියතිස්ස මහතා කියා සිටියේ අදාළ ජිප් රථය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් බවකි.
නමුත් ඊයේ දිනයේදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා නැවත වතාවක් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එම ජිප් රථය අමාත්‍යවරයාගේ කළමනාකරුවකු වන ඉන්දික නැමැත්තකුට අයත් එකක් බවකි.
ඒ අනුව මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශ දෙක සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් සමාජයේ මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇත.










