• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ඉදිරිපත් කළේ ඓතිහාසික-රැඩිකල් විප්ලවීය අයවැයක් I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

IMF දෙවන වාරිකය ලැබුණු ගමන් නැවතී ඇති සියලු ව්‍යාපාර යළි අරඹනවා…

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රතිඵලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.(Sri Lanka Latest News)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් පසුගිය 15 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‍මෙසේද පැවසීය.

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවීය අයවැයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසරේ මෙරට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ පසු ඉදිරිපත් වන පළමු අයවැය ලෙසද මෙය හැඳින්විය හැකියි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය සහ අන්තර්ජාතික ගෙවීම් තුලාවේ ජංගම ගිණුමේ හිඟය නිසා රට බංකොලොත් තත්ත්වයට ඇදවැටුණා. ඒ නිසා අන්තර් ජාතික ආර්ථික විශ්ලේෂකයන් ‘ඵල දැරීමට පෙර ඵල භුක්ති විඳි රටක්’ ලෙස මෙරට හැඳින්වූවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති නිර්ණායක ඒ ඒ කාල වකවානු තුළ නියමිත ආකාරයට සම්පූර්ණ නොකිරීමද රට පවතින අර්බුදකාරී තත්ත්වයට ඇදවැටීමට හේතුවුණා.

මෙම අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් අප කරුණු හතරක් අනුගමනය කළ යුතුයි. පළමු වැන්න නම් රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. දෙවැනි කරුණ ආණ්ඩුව දරන පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් අඩුකර ගැනීමයි. තෙවැනි කරුණ ලෙස රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගන්නා අතර රටින් ඉවතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරගත යුතුයි. සිවුවැනි කරුණ වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගැනීමයි. මෙවර අයවැය ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ, මෙම කරුණුවලට අදාළවයි.

ඒ වගේම අප මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වනවා. එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාලය තුළ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණයි. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදීයි. ඒ වගේම තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුවයි. කවුරුන් විසින් ආණ්ඩු කළද 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අප රට බැඳී සිටිනවා. එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශ්වයට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වනුයේ සති දෙකක් පමණයි.

අප ලෝකයේ රටවලින් ණය ගෙන නොගෙවා සිටිය හොත් පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ ණයවර ලිපියක් හෝ නිකුත් කිරීමට හැකියාවක් නෑ. ඒ වගේම ලංකාව නිකුත් කරන ණයවර ලිපි අනෙක් රටවල් භාර නොගන්නේ නම්, ඛණිජ තෙල්, ගෑස්, ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වයෙන් මිදීමට දේශපාලන විසඳුම්වලින් ප්‍රතිඵලයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථික විසඳුමක් පමණයි.

මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පැවැති පාලනය අසමත් වූ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාරගනු ලැබුවා. ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු මෙරට ණය හිමි රාජ්‍යයන්හි නායකයන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා විසඳුමක් ලබාගැනීමට ප්‍රවේශ වුණා.

අයවැයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි ණය වාරිකය නිකුත් කළ යුතු වනවා. ණය ප්‍රතිව්‍යුගත කිරීමට හැකි වුවහොත් අයවැයේ ඇති සියලු යෝජනා ඉෂ්ට කළ හැකි සම්පත් ප්‍රමාණයක් අපට ලැබෙනවා. ඉන් අනතුරුව නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමටද හැකි වනවා.

අයවැය මගින් වැඩිකිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවක වැටුප ගෙවීමට සිදුව ඇත්තේද රජය ජනතාවගෙන් එකතු කරන බදු ආදායම්වලින් පමණක් බවද සියලු දෙනාම විශේෂයෙන්ම මතක තබාගත යුතු වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය 2023.11.15

SendShareShare
Previous Post

හෙට හවස ඉඳන් අනිද්දා උදේ වෙනකම්ම කොළඹට වතුර නෑ! I Sri Lanka Latest News

Next Post

අයවැයෙන් මිනිස්සුන්ට වදින බදු මොනවද? I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.