• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරෙන්න කලින් දවසේ පුංචි සෙහන්සා තමන්ගේ මරණය හීනෙන් දැකලා! උපන්දිනේ දවසෙදිම ඉස්කෝලෙ තාප්පෙට යටවෙලා මැරුණු සෙහන්සා ගැන දුක හිතෙන කතාවක් එළියට එයි!  I Sri Lanka Latest News‍

November 18, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
මැරෙන්න කලින් දවසේ පුංචි සෙහන්සා තමන්ගේ මරණය හීනෙන් දැකලා! උපන්දිනේ දවසෙදිම ඉස්කෝලෙ තාප්පෙට යටවෙලා මැරුණු සෙහන්සා ගැන දුක හිතෙන කතාවක් එළියට එයි!  I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ඔරුගොඩවත්තේ සිට හංවැල්ල තෙක් දිවෙන පාරට කියන්නේ පරණ පාර කියාය. ඔරුගොඩවත්ත හන්දියේ මේ පාර ආරම්භයේ බෝ ගසක් ඇති අතර මෙම පාර අවසන් වන්නේ හයිලෙවල් පාරත් මේ කියන ලෝලෙවල් පාරත් එක්වන පහත්ගම වයි හන්දියේ ඇති බෝගසකිනි. ඔරුගොඩවත්ත දෙස සිට වැල්ලම්පිටිය දෙසට යන විට මුලින්ම හමුවන්නේ ගුවන් පාලමකි. මේ පාලමට ගොඩ නොවී ප්‍රධාන මාර්ගයේ යන විට රේල්පාර හමු වේ. රේල්පාරට සමාන්තරව වම් පැත්තට ඇත්තේ ගුරු පාරකි. එහි සෑහෙන දුරක් ගියවිට රේල් පීලි ගණනාවකට පසු ඇත්තේ කඳුගැට පේළියකි.Sri Lanka Latest News‍

අප මෙහි යන විට මේ කඳුගැට පේළියේ සුදු කොඩි දමා තිබුණි. කන්ද නැග ඇවිද කන්ද බැස ගියේ අවමංගල්‍යයකට සූදානම් වන කුඩා නිවෙසකට. අප මේ ආවේ වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ අනතුරකින් මියගිය ෂෙහන්සා නෙත්සරනි නමැති හය හැවිරිදි දැරියගේ නිවෙසටය.

අප නිවෙසට යන විටත් ෂෙහන්සාගේ මව පැමිණ සිටියේ නැත. ඇය මීට මාස 14කට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගියේ තම දරු තිදෙනාගේ අනාගතය යහපත් කිරීමට විය යුතුය. ෂෙහන්සාගේ ලොකු අයියා සවිඳු සුවහස්ය. පොඩි අයියා, සදෙව් සුලක්කන ය. මේ තිදෙනා බලා ගත්තේ මොවුන්ගේ ආච්චි අම්මා විසිනි. සති කීපයක් ආච්චි අම්මාට අසනීප නිසා ෂෙහන්සා ජීවත් වූයේ තම අම්මාගේ නැගණිය නොහොත් පුංචි අම්මාගේ ගෙදරය. ඒ තම නිවෙසට ගෙවල් කීපයක් එහාය.

ෂෙහන්සාගේ පුංචි අම්මාගේ සැමියා සම්පත් ජයශාන්තය. ෂෙහන්සාගේ ජීවිතයේ අවසන් රාත්‍රිය වූ පසුගිය නොවැම්බර් 14 වැනිදා ගැන මතකය අප සමඟ අලුත් කර ගත්තේය.

“අඟහරුවාදා පන්ති ඉවර වෙලා එනකොට රෑ හතට විතර ඇති. පුංචි අම්මේ බඩ රිදෙනවා කියාගෙන ආවා. ගෙදර නූඩ්ල්ස් හදල තිබුණා. බඩ රිදෙන නිසා දුන්නේ නෑ. බිස්කට් එකක් කාලා තේ බිව්වා.”

සම්පත් කියන්නේ ෂෙහන්සා දියණිය උදේ හයට නැඟිට සම්පත්ගේ දරුවන් තිදෙනා ද නැඟිට්ටවන බවය.

“නොවැම්බර් 15 වැනිදා ෂෙහන්සාගේ හයවැනි උපන් දිනේ. එයාගේ අම්මා ෂෙහන්සා මොන්ටිසෝරි යන කාලේවත් උපන් දිනේ දවසට මොන්ටිසෝරි යවන්නේ නෑ. අම්මා ලංකාවේ නැති නිසා ආච්චි භාරකාරයා හැටියට ඔය වේරගොඩ ඉස්කෝලෙට ඇතුළු කළේ.”

සම්පත් කියන්නේ ෂෙහන්සා ආච්චි අම්මා සමඟ සිටියා නම් කීයටවත් උපන් දිනය දවසේ ඉස්කෝලෙ යවන්නේ නැති බවය.

“මගේ නෝනා ඒ කියන්නෙ ෂෙහන්සාගේ පුංචි අම්මට ඉස්කෝලෙට යන්න ඉස්සෙල්ල කිව්වා පුංචි මට උපන්දිනේට තෑග්ගක් අරන් තියන්න කියලා. මට කිව්වා සම්පත් බාප්පේ හවසට ඇවිල්ල ඔයාට මම බර්ත්ඩේ කේක් කවනවා කියලා. කලින් දවසේ බඩේ අමාරුවට අසමෝදගම් දුන්න හින්ද නූඩ්ල්ස් දුන්නෑ. ඒකට කෙල්ල හිත හොඳ නැතුව හිටියේ. ඉස්කෝලේ යන්න ඉස්සෙල්ල කිව්වා රෑට ෆ්‍රිජ් එකේ දාපු බත් එක දවල්ට ඇවිල්ල කනවා කියලා.”

ෂෙහන්සා බදාදා එළිවැටීමටත් පෙර නැඟිට නිවෙසේ ඉදිරියේ ඇති ගස්වල වසා ඇති කුරුල්ලන් දෙස ආසාවෙන් බලා සිට ඇත.

“මං ඊයේ හීනෙන් දැක්කා මං කුරුල්ලෙක් වෙලා ඉස්කෝලෙ උඩින් පියාඹ ගෙන යනවා” ෂෙහන්සා පවසා ඇත්තේ කුරුල්ලෙක් දෙස බලාගෙනය.

ෂෙහන්සා අවසන් වතාවට ද ඉස්කෝලෙ ගියේ තම පොඩි අයියා වූ සදෙව් සුලක්කනගේ අතින් අල්ලාගෙනය. ඒ අයියා ඉගෙන ගන්නේත් ෂෙහන්සාට ඉහළ පන්තියේ එම පාසලේමය.

ෂෙහන්සාගේ ලොකු අයියා සවිඳු සුවහස්ය. ඔහු ඉගෙන ගන්නේත් වෙහෙරගොඩ විද්‍යාලයේමය.

“ආච්චි තමයි අපිව බලා ගත්තේ. පසුගිය සති දෙකේ ආච්චි හිටියේ ඉස්පිරිතාලේ. ඒකයි නංගි පුංචිලාගේ ගෙදර හිටියේ. පුංචිට ඉන්නේත් දුවල දෙන්නෙක්. කලින් දවසේ නංගිව ඉස්කෝලෙන් එක්කං ආවේ මම. ටීචර්ට කිව්වා මිස්ට මම හෙට කේක් ගේනවා කියලා. නංගිට දෙන්න ආච්චි ගවුමක් උපන්දිනේට තියන් හිටියා.”

“අපේ නංගි හරි පැහිච්ච ආච්චි කෙනෙක්. ඕන කෙනෙක් එක්ක කතා කරනවා.”

සවිඳු කියන්නේ තමන් ඩාන්සින් ක්ලාස් ගොස් ගෙදරදි නැටුම් රියසල් කරන විට නංගි ඒවා හොරෙන් බලා සිට තමන්ට වැඩිය හොඳට නැටූ බවය.

“මම නායකත්ව පුහුණුවකට ගිහින් හිටිය. මම එනකම්ම මගේ කලිසමක් ඇඳගෙන අයියා එනකම් කියලා හිටියා. නංගිට වගේ පිරිත් කියන්න කාටවත් බෑ. හැමදාම පන්සල් යනවා. නංගි පිරිත් කියන හැටි බලන් ඉඳල නායක හාමුදුරුවොත් පුදුම වුණ. අන්තිම දවසේ පුංචිගේ ගෙදරට බැස්සුවාම පරිස්සමින් ඉන්න – බායි – බායි කියල ඔය පැහිච්ච ආච්චි මට දණගහල වැන්දා.”

වැලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ විදුහල්පතිවරයා වන්නේ සුසන්ත කරුණාරත්නය. ෂෙහන්සාගේ මෙන්ම විදුහල්පතිතුමාගේත් උපන්දිනය යෙදී තිබුණේ එකම දවසකය. අප විදුහල්පතිතුමාට කතා කරන විට ඔහු සිටියේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ගනිමිනි. ඒත් අපි එහි යන විට හදිසි අනතුරු වාට්ටුවෙන් ඔහුව අක්ෂි රෝහල වෙත මාරුකොට තිබුණේ මේ සිදුවීමෙන් පසු පාසලට කිසිදු සම්බන්ධයක් නැති මැර පිරිසක් පහරදීම නිසාය. සුසන්ත කරුණාරත්න විදුහල්පතිතුමා අප සමඟ කතාබහට එක්වූයේ ඉතා සුහදවය.

“ෂෙහන්සා දුවගෙයි ප්‍රින්සිපල් මහත්තයගෙයි උපන්දිනේ එකම දවසේ නිසා කේක් කපල ඒ දුවට කේක් කෑල්ලකුත් කවපු හින්ද දැන් ඉතින් මේ වෙච්ච දේ ගැන ලොකු දුකක් ඇති නේද?”

මොන කේක් ද… මං නං උපන්දිනේට කේක් කපන්නෙත් නෑ. ඔය මැරිච්ච දරුවගේ අයියල දෙන්නත් මගේ ඉස්කෝලේ තමයි. ඒ දරුවගේ උපන්දිනේ කියල මං දන්නෙත් නැහැ.

“එතකොට මොකක්ද මෙතැන වුණේ.”

“මං කවදාවත් උපන්දිනේට කේක් කපන්නේ නෑ. උදේ ඉස්කෝලේ බුදු මැඳුරට කිරි ආහාර පූජාවක් තිබ්බා. ඉස්කෝලේ උගන්වන ස්වාමීන් වහන්සේලා දෙනමට හීල් දානයක් දුන්නා. ඊට පස්සේ ගුරු මණ්ඩලයට කිරිබත් දුන්නා.”

“එතකොට උපන් දිනේට ළමයින්ට ටොපි, චොක්ලට්, ලොලිපොප් එහෙමත් දුන්නද?”

“අනේ නැහැ. ඔය අපේ ඉස්කෝලේ උයන්න එන කාන්තාවක් සමහර වෙලාවට ඔව්වා පන්තිවලට ගිහින් විකුණනවා. ඒක පටලවාගෙන.”

“එතකොට ෂෙහන්සාගේ උපන්දිනේ කියලා දැන ගත්තේ කොහොමද?”

“මේ සිද්ධිය වුණේ උදේ දහයහමාරට ඉන්ටවල් එකේ. මේ සිද්ධියෙන් පස්සේ මට අමානුෂික විදිහට පහර දුන්නා, ඉස්කෝලෙට සම්බන්ධයක් නැති පිරිසක්. මම ආරක්ෂාවට උඩ තට්ටුවේ පන්තියට පැන ගත්තා. එතැන්ට ආපු ගුරුවරියො අඬන්න පටන් ගත්තා අද ෂෙහන්සාගේ උපන් දිනේ කියලා. එතකොටයි මම ඒ ළමයාගේ උපන්දිනේ කියලා දැන ගත්තේ.”

විදුහල්පතිවරයා කියන්නේ මේ සිද්ධියෙන් පසු පිරිසක් තාප්පෙන් පැන ළමයින්ව ඔසවා ගේට්ටුවෙන් එළියට බලහත්කාරයෙන් ගත් බවය. පසුව ඔවුන් ගේට්ටුවේ ඉබ්බා කඩා පාසල් භූමියට ඇතුළු වී ඇත.

“අපි කියල තියෙන්නේ වතුර බෝතල්වලට අරන් බොන්න කියලා. මේ ෂෙහන්සා ගිහිල්ල තියෙන්නේ කන්න අත හෝදා ගන්න.”

මම එම පාසලට ගිය මොහොත මතක් විය. පෙරළුණු කොන්ක්‍රීට් පදාසය සහිත ටැම් පෙළත් ඇගේ පන්තියත් අතර මීටර් තුනක්වත් දුරක් නැත. පන්තියේ දැලෙන් බැලූ විට ෂෙහන්සාගේ මේසය මට දැකගත හැකි විය. ඇය අත සෝදාගෙන ඒමට ගොස් තිබුණේ කෑම පෙට්ටිය ඇරීමෙන් පසුවය. එහි තිබූ පාන් පෙති අප යන විටත් කූඹින්ගෙන් පිරී තිබුණි. ඇගේ පොත් බෑගය කුඩා පුටුවේ එල්ලා තිබූ අතර, ඇය අකුරු කෙරූ අභ්‍යාස පොත් අසරණ ලෙස අප දෙස බලා සිටියේ ෂෙහන්සා නැවත කවදා ඒදැයි බලාපොරොත්තු සහිතව බලා සිටින්නාක් මෙනි.

විදුහල්පතිවරයා කියා සිටින්නේ මේ ටැප් සහිත දැවැන්ත කොන්ක්‍රීට් බැම්මට නැඟ එය පද්දමින් සිටින සිසු සිසුවියන් කිසිවකු දැක නැති බවය.

“ඕකේ වැනි වැනි සෙල්ලම් කරන කවුරුත් දැකල නෑ. මේක 2012දි හදල තියෙන්නේ.”

“ඕවගේම තව එකක් ඉස්කෝලෙ මං දැක්කා. ඇයි ඒක කඩන් නැත්තේ?” මම අසා සිටියෙමි.

“මම සෝදිසි කරල බැලුවා. මේ පළාතේ ඉස්කෝල කීපයකම ඔය වගේම සමාන ඉදිකිරීම් තියෙනවා කියලා විදුල්පතිවරු මාව බලන්න ඉස්පිරිතාලෙට ආපු වෙලේ කිව්වා. අනික පාසලක විශේෂ වෙලාවක දරුවන්ව මාපියන්ට දෙන විදිය ගැන චක්‍රලේඛයක් තියෙනවා. එහෙම බලහත්කාරයෙන් ළමයි ගෙනියන්න දෙන්න බෑ.”

ෂෙහන්සාගේ පන්තියේ ඈ ළඟින්ම ඉන්න මිතුරිය පහන්දි ආලෝකාය. අපි කුඩා ඇගෙන් මේ ගැන විමසුවෙමු.

“ෂෙහන්සා මට කලින් කෑවා. මම එතකොටත් කනවා. මම අත හෝදන්න එන්නම් කිව්වාම ෂෙහන්සා ගියා අත හෝදන්න. එකපාරටම එතන ලොකු කොන්ක්‍රීට් කෑල්ල කැඩිල ෂෙහන්සා එක්ක කට්ටියක් යට වුණා. ෂෙහන්සා එක්ක ගියා නම් මාවත් යට වෙනවා.”

එහෙත් ෂෙහන්සාගේ පොඩි අයියා වන සදෙව් සුලක්කන කියන්නේ ෂෙහන්සා අත හෝදන්න යන විටත් දෙදෙනකු එම වතුර ටැප් තිබූ තැනට නැඟ පද්දමින් සිටි බවය.

“නංගියි තව තුන්හතර දෙනෙකුයි අත හෝදනකොටම මේක කැඩිල ඇඟ උඩට වැටුණා.” ඊට පස්සේ ඉස්කෝලේ හිටපු ලොකු අය මැදි වෙලා පාරෙනුත් කට්ටිය ඇවිල්ල තමයි නංගිව බේර ගත්තේ. නංගිට සිහිය තිබ්බා. එක ඇහැක් නම් පේන්න තිබුණේ නෑ.!”

අප ඒ කඩා වැටුණ කොන්ක්‍රීට් පදාසය දෙස බැලූවිට පෙනී ගියේ එය කිසිම අත්තිවාරමක් නැතිව ගොඩනඟා තිබූ බවය. ෂෙහන්සාගේ සපත්තු ජෝඩුව ඒ වන විටත් කොන්ක්‍රීට් පදාසයේ කොටසකට අඩක් යටවී තිබුණි. මෙය සෑහෙන කලක් භාවිතයට නොගෙන අතහැර තිබූ අතර, කොරෝනාවෙන් පසු ළමයින්ට අත සේදීමට මෙය නැවත භාවිතයට ගෙන ඇත.

“අධ්‍යාපන අමාත්‍යාංශයේ ටැප් එවන්න ප්‍රමාද නිසා මං තමයි සල්ලි එකතු කරල ටැප් 4ක් දැම්මේ.” අසල සිටි පියෙක් මා සමඟ පැවසීය.

අප ෂෙහන්සාගේ නිවෙසේ සිටින විට හවස තුනට පමණ ඇගේ මව වන නිරෝෂා සමන්මලී කටුනායක ගුවන තොටුපළේ සිට එයාර්පෝට් ටැක්සියක පැමිණියේය.

නිවෙසට ඇතුළු වූ ඇය තම එකම දියණියගේ වියෝව දරාගත නොහැකිව වේදනාවෙන් හඬා වැටුණාය.

“අනේ මගේ කෙලි පැටික්කි කෝ

දෙයියනේ

චූටි මැණික කොහෙද ගියේ

රට ඉන්නකොටත් මට චූටි මැණික මතක් වෙනවා.

ඇයි මටත් නොකියා මාව දාල ගියේ චූටි මැණික”

අප ෂෙහන්සාගේ පියා සමඟ කතා කිරීමට කිහිපවරක් උත්සාහ කළත් ඔහු සිටියේ දරාගත නොහැකි වේදනාවකින් සහ සිහිමඳ ගතියෙනි. අපට මේ බොහෝ තොරතුරු දැනගැනීමට උදව් කළ චමින්ද ජයසූරිය අපට කිව්වේ ඉස්කෝලයේදී ෂෙහන්සාගේ මළ සිරුර පවා හඳුනා ගැනීමට නොහැකි තරමට මානසික තත්ත්වයක පියා සිටි බවය. ෂෙහන්සාගේ අම්මාගේ නංගි තමයි අන්තිමට මිනිය අඳුර ගත්තේ.”

තාත්තා ෂෙහන්සාගේ උපන්දිනේට කේක් එකක් ගේන්න කොලොන්නාවේ ගිහින් ඉන්න කොට ආරංචියට කේක් එක්ක අරන් ආවේ කෙළින්ම ඉස්පිරිතාලෙට. කේක් එක ගේනකොට ෂෙහන්සා මළවුන් අතර.

වෙහෙරගොඩ විදුහලේ කාර්ය මණ්ඩල සහායකයකු වන්නේ චතුරංගය.

“මේ කොන්ක්‍රීට් එක වැටිල ළමයි හයදෙනෙක් යට වුණා. එක ළමයෙක් ළමා රෝහලට ඇතුළු කළා. පස්දෙනෙක් ජාතික රෝහලේ ඇක්සිඩන්ට් වෝඩ් එකට ඇතුළු කළා. ෂෙහන්සා දුව වාහනේට නග්ගගන්න කොට හොඳට පණ තිබුණා. මොළයට හානි වුණ හින්ද වෙන්නැති මෙහෙම දෙයක් වුණේ.”

අප අසල්වැසියන් සමඟ කළ කතාවලින් දැනගත්තේ මේ මිය ගිය ෂෙහන්සා දැරිය දහමට ඉතා ලැදිකමක් දැක්වූ බවය. ඇය හැම දිනකම හවසට තම ආච්චි සමඟ පන්සල් ගොස් බෝමළුව ඇමදීම කොට ඇත. මෙවර කඨින පෙරහරට යාමට ඇය කල්තියා ළමා සාරියක් පවා මසාගෙන සිටියාය. අන්තිමට එම ළමා සාරිය ඇගේ දේහයට ඇන්දවීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේ ද?

අප වෙහෙරගොඩ විද්‍යාලයට යන විට එහි ගස්වල අනතුරුදායක සියලු අතු කපා බිම හෙළා තිබුණා. මම මේ ගැන අප සමඟ ගිය චමින්ද ජයසූරියගෙන් අසා සිටියෙමි.

‍”ළමයින්ට අනතුරුදායක ඔක්කොම ගස් අතු කැපුවා. ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් විද්‍යා, ඉංග්‍රීසි, ගණිතය ඉස්කෝලෙන් පස්සේ උගන්නන්න වැඩපිළිවෙළක් විදුහල්පතිතුමා සැලසුම් කරල තිබුණේ”

“එතකොට ඔච්චර අනතුරුදායක කොන්ක්‍රීට් වලින් හදපු වතුර බොන තැන අයින් කළේ නැත්තේ ඇයි?”

“ඒක නම් අපිටත් ප්‍රශ්නයක්.”

අප නැවතත් ෂෙහන්සාගේ නිවෙසට යන විට ඇගේ අම්මාගේ දුක ටිකක් තුනී වී තිබුණි. ඇය පැවසුවේ මෙවැන්නකි.

“මම රට ගියේ මගේ දරුවො තුන්දෙනාගේ අනාගතය හදා ගන්න. ඉන්න ගෙයක් හදා ගන්න. දුවගෙ උපන්දිනේට කලින් දවසේ මම කතා කරල ඇහුවා මොනවාද ඕනෙ කියලා. එයා කිව්වා කේක් ඕන කියල. මම කිව්වා තව මාස අටකින් එනවා. ඒ එනකොට කේක් අරන් එන්නම් කියලා. ඒත් මට කේක් අරන් එන්න බැරි වුණා. ඉස්කෝලෙ බිත්තිය කඩා වැටිලා අන්තිමේදී මගේ චූටි දෝනි නැති වුණා. දැන් ඉන්නෙ මගේ පුතාලා දෙන්න විතරයි. අනේ අපිට ගෙයක් හදා ගන්න උදවු කරන්න. ගෙයක් තිබ්බා නම් කීයටවත් මම රට යන්නේ නෑ.” අපේ රටේ අනතුරුදායක ගස් ඉවත් කරන්නට බස් එකකට ගසක් කඩා වැටී පිරිසක් බිලි ගන්නාතුරු සිටින්නට විය. මීට පෙර ද පාසල් මායිමේ බිත්තියක් කඩා වැටී සිසුවකුට වූ අනතුරු ගැන අප අසා ඇත. ෂෙහන්සාගේ මරණය සමඟ පාසල්වල ඇති අනවසර ඉදිකිරීම් ගැන විමසිලිමත් වීම මවුපියන්ට කළ හැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශය පිට වරද පටවන විට තම දරුවන් මෙලොව හැරගොස් තිබීමට හැකිවීම නිසාය.

නමුත් අවසානයේ සය හැවිරිදි මල් කැකුළියක් උපන්දිනය දවසේම දිවි අහිමි කර ගත්තේ විදුහල්පතිවරයාගේත්, මවුපියන්ගේත් හෝ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නොසැලකිල්ල නිසා දැයි සෙවීම වෙනම කරුණකි. ෂෙහන්සා දැරිය ජීවිතයෙන් සමු ගන්නා අවසන් දිනයේ සිහිනෙන් දුටුවේ තමන් කුරුලු ආත්මයක් ලබා අහස්කුසේ පාසලට ඉහළින් පියාඹන දසුනකි. ඇගේ නිසල දේහය නිවෙසට ගෙන එන විට අහසේ සිට නොනවත්වා රෑන් පිටින් කුරුලු නාද නැඟීම අපේ මතකයට ආවේ ෂෙහන්සා අවසන් දිනයේ දුටු කුරුලු සිහිනයයි.

වජිර ලියනගේ, ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න -සිළුමිණ

SendShareShare
Previous Post

කෝප් සභාපති රංජිත් බණ්ඩාර සජිත්ට ලියුමක් ලියයි! පුතා කෝප් එකට ඇවිත් වාඩිවුණු හැටි කියයි! I Sri Lanka Latest News‍

Next Post

කෝප් කමිටුව කැඳවන්නේ සභාපතිට ඕන විදිහටයි! අසූචි පොහොර නැවේ ප්‍රශ්නය කැඳවන්න කියලා දෙපාරක් ලිඛිතව ඉල්ලුවා! කැඳෙව්වේ නෑ! ලිට්රෝ ගෑස් වංචාව වෙන්න කලින් කැඳවන්න කිව්වා! කැඳෙව්වේ නෑ! වහාම මේ සභාපතිට එරෙහිව පියවර ගන්න! මරික්කාරුත් කතානායකවරයාගෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.