ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී විමසුමකදී ඔහු පැවසුවේ රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව දැනටමත් වැඩි කර ඇති බවයි.
තමාට විවිධ තර්ජන ඇති බව රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා පැවසීය.
ඔහුගේ ගමන් බෑගයට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය පාර්සලක් දැමීමට දරු උත්සාහයක් ගැනද ඔහු එහිදී හෙළි කළේය. ලංකාදීප










