• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුවරේ කිටි කිටියේ තදියමේ වදින ජැක්… බස් එකක යන්නෙ නැති ලොකු ලොකු තැන්වල ඉන්න කාන්තාවනි මේක තමයි ලොකුම කාන්තා හිංසනය පුළුවන්නම් කතා කරලා විසඳලා දෙන්න I Sri Lanka Latest News

November 11, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිනිස්සුන්ගේ තදියමට බස්වල යන අහිංසක කාන්තාවන් පලිද?

කාන්තා අපි හැමෝම දවසේ වැඩ ඉවර කරලා බස් එකකට නඟින්නේ කොහොම හරි ඉක්මනට ගෙදර යන්න හිතාගෙන. එහෙම ගොඩවෙච්ච බස් එකේ සීට් එකක් ලැබෙන්නෙ කලාතුරකින්. ඒ, හවස 4-5 අතර වෙනකොට සේවය නිමා කරපු දහස් ගණනක් දෙනා පොදු ප්‍රවාහන බස් රථවලට නගින්න පාර බලාගෙන ඉන්න නිසා. ඒත් කොහොම හරි බස් එකේ සීට් එකක් ලැබිලා නිවෙස බලා යන අතරමඟදී මහන්සියටත් එක්ක ටිකක් ඇහැ පියවෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ නින්ද ගිය වෙලාවක මගේ මිතුරියක් මුහුණදීපු සිදුවීමක් ඇය පහුගිය දිනෙක මට කිව්වා.(Sri Lanka Latest News)

‘ළඟදී දවසක මට එහෙම බස් එක ඇතුළේ නින්ද ගියා. ටික වේලාවකින් මට තේරුණා මගේ සීට් එකේ අනෙක් පැත්තේ හිටපු කෙනා ඇඟිලි තුඩුවලින් මගේ ශරීරය ස්පර්ශ කරනවා. මට ඒක දරාගන්න බැරිවුණා. මම දැඩි මානසික පීඩනයට පත්වුණා….’ ඇය පවසා සිටියා.

මේ කාන්තා අපි හැමෝටම පොදු ප්‍රවාහන සේවාවලදී මුහුණ දෙන්න සිදුවන සුලබ සිදුවීමක්. මේ වගේ අත්දැකීමක් පොදු ප්‍රවාහන බස් රථ, දුම්රිය තුළදී විඳපු නැති කාන්තාවක් අපේ රටේ හොයාගන්නත් නැති තරම්. කාන්තාවන් මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක් බවට මේ ලිංගික හිංසනයන් පත්ව තිබෙනවා.

බස් රථවලදී, දුම්රියේදී සිදුවන මේ ලිංගික හිංසනයට කටවහරේ කියන්නේ ‘ජැක් ගහනවා’ කියලා. මේ ජැක් ගහන්නේ බස් රථවල සෙනඟවැඩිපුර ඉන්න වෙලාවට. ඒ වෙලාවට කාන්තාවක් සිටගෙන සිටියොත් ජැක් වදින එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. අපි මේ ජැක්වලින් පරිස්සම් වුණේ නැත්නම් අහක යන නයි කනවා වගේ අපේ ඇඟට තමයි මේ හිරිහැරයට මුහුණ දෙන්න වෙන්නේ. මෙවැනි අවස්ථාවල කාන්තා අපට දැනෙන්නේ හරිම පිළිකුලක්. මේ පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා පිරිමි සියලු දෙනා මෙම අශීලාචාර ක්‍රියාව සිදුකරන්නේ නැහැ. වැදගත්ව, සංවරව තමන්ගේ ගමන යන එන මහත්වරු ඕනෑ තරම් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරනවා.

කෙසේ වෙතත් මේ ලිංගික හිංසනයන් ගැන කිසිදු බලධාරියෙක් හඬ නගන්නේ නැහැ. ඒ නිසාම දෛනිකව, සෑම පැයකම පාහේ කොතැන හෝ පොදු ප්‍රවාහන සේවාවක් භාවිත කරන කාන්තාවක් එවැනි හිංසනයකට ලක්වෙනවා වන්නට පුළුවන්. නමුත් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව තුළ සිදුවන අපහාස ගැන නම් බොහෝ දෙනා කතා කරනවා. වාචික ලිංගික අතවරයන් මගින් තම මන්ත්‍රී වරප්‍රසාදණු බවට චෝදනා කරන්නටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කටයුතු කරනවා අප පසුගිය දිනවල දුටුවා.

පොදු ප්‍රවාහන සේවා වන බස් රථ දුම්රිය තුළ සිදුවන ලිංගික අතවර, හිරිහැර, කාන්තාවන්ට සිදුකරන අපහාස වැඩිවී ඇති බව දිනපතා අහන්නට දකින්නට ලැබෙන විවිධ සිදුවීම්වලින් තහවුරු වෙනවා. මේ පිළිබඳ සමාජ මාධ්‍යයේද බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණා. ඒ අතර, ඇල්පිටියේ නිෂාදි රණවීර තමන් මුහුණ දුන් ලිංගික හිංසනයන් පිළිබඳ අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි.

‘මීට අවුරුදු කිහිපයකට කලින් මගේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක කොළඹ ඇවිත් ආපසු ඇල්පිටියට යමින් සිටියා. දුර බස්වල යනකොට මට වමනය යන නිසා ඒ සඳහා ලබාගන්නා බෙහෙත් මම බීලා හිටියේ. ඒ බෙහෙත බීපුවාම නින්ද යනවා. මටත් එදා නින්ද ගියා. ටික දුරක් යද්දී මට නින්දෙන් දැනුණා කවුරු හරි මගේ ඇඳුම ඇතුළට අත දානවා කියලා. මම එක පාරට කෑ ගහගෙන ඇහැරුණා.

ඒත් එක්කම ඒ පුද්ගලයා බස් එකෙන් බැහැලා ගිහින් තිබුණා. කොන්දොස්තර ඇවිත් මොකද වුණේ කියලා අහද්දී මට එකපාරටම කතා කරගන්නත් බැරිවුණා. මට පුදුම කම්පනයක් දැනුණේ. මේ සිද්ධිය නිසා මම බස්වල ගමන් යන එක අතහැරියා. මම තීරණය කළා මේවා හෙළිකරන්න ඕනේ කියලා. තමන්ටත් අම්මා කෙනෙක් සහෝදරියක් ඉන්නවා කියලා හිතන්නේ නැතුවයි මේ වගේ පුද්ගලයන් අපට හිරිහැර කරන්නේ. මේ සිදුවීම වෙලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. ඒත් ඒ සිද්ධියෙන් මගේ මානසිකත්වයට ඇතිවෙච්ච පීඩනය තවමත් දැනෙනවා…’

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන සෑම කාන්තාවක්ම ජීවිතයේ එක මොහොතකදී හෝ ලිංගික හිංසනයකට ලක්වෙලා තිබෙන්නට පුළුවන්. සවස් කාලයට බස් රථ මගීන්ගෙන් පිරී ඉතිරී යනවා. හැමෝම බලන්නේ රෑ බෝවෙන්න කලින් ගෙදරට යාගන්න. එහෙම හිතාගෙන බස් එකට ගොඩවුණත් ඒ තුළ සිටින ඇතැම් අසහනකාරී පුද්ගලයන්ගේ විවිධ ක්‍රියාවන් නිසා කාන්තා අපි පත්වන්නේ දැඩි අපහසුතාවකට. ඇතැම් පුද්ගලයන් තම රහස් ප්‍රදේශය කාන්තාවන්ගේ සිරුරුවල ස්පර්ශ කරනවා. තවත් පුද්ගලයන් නින්දේ සිටින බව අඟවා අසල සිටින කාන්තාවගේ සිරුර ස්පර්ශ කරනවා. මේ සියල්ල ඔවුන් කරන්නේ බස් රථය කිටි කිටියේ මගීන්ගෙන් පිරී ඇති අවස්ථාවලයි.

මේ හිංසන අතර පුරුෂ ලිංගය කාන්තාවන්ගේ ශරීරයේ ස්පර්ශ කිරීම, කකුල පෑගීම, අතින් ඇල්ලීම, අසභ්‍ය ලෙස සිරුර දෙස බලාසිටීම, අසභ්‍ය වචන කීම, දුරකතන අංකය ඉල්ලා කරදර කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම සහ දුරකතනයෙන් කාන්තාවන්ට අසභ්‍ය දර්ශන පෙනෙන්නට සැලැස්වීම වැනි ක්‍රියා නිතරම වාර්තා වන සිදුවීම් බවට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැමුන් ප්‍රකාශ කරන්නේ ශරීරයේ හැඩය වැඩිපුර ඉස්මතුවන ඇඳුම්වලින් සැරසී පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙම ලිංගික හිංසනවලට මඟ පාදන බවයි. නමුත් එය පිළිගන්න බැරි අදහසක්. මොකද සාරිය ඔසරිය ඇඳලා ඉතා සංවරව ගමන් කරන කාන්තාවන් පවා ඕනෑ තරම් අවස්ථාවල ලිංගික හිංසනයන්ට ලක්වී තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිදුවන මෙවැනි හිංසනවලට එරෙහිව නැගී සිටීමට බොහෝ කාන්තාවන් මැළි වන්නේ එසේ කළහොත් තමන්ට තවත් ලැජ්ජාවට පත්වීමට සිදුවෙතැයි යන හැඟීම නිසයි. කුඩා කාලයේ පටන්ම ගැහැනු දරුවන්ට මවුපියන් උගන්වන්නේ දරාගැනීම, ඉවසීම ගැන. ඒ විදියට ඉවසන්න පුරුදු වුණත් මෙවැනි අශීලාචාර ලිංගික අතවරයන් සිදුවන විට නම් කිසිසේත් ඉවසා සිටිය යුතු නැහැ. එවැනි අවස්ථාවක ඊට එරෙහිව අනිවාර්යයෙන්ම නැගී සිටිය යුතුමයි. ඕනෑම කාන්තාවකට අයිතියක් තියෙනවා මේ වගේ අසාධාරණ තැන්වලදී ඊට එරෙහිව නැගී සිටින්න. හඬ නගන්න.

‘මම සෙරෙප්පුව අතට ගන්නද? නම්බු ඇතුව ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා යනවද? තමුසෙට මොනවද ඕනේ…?’

‘මේකා මහ තිරිසනෙක්….’

මෙවැනි වචන බස් රථවලදී, දුම්රියේදී හිංසනයට පත්වූ කාන්තාවන්ගේ මුවින් පිටවෙන අයුරු අපි ඕනෑ තරම් අසා දැක තිබෙනවා.

නමුත් මේ හඬනැගීම්වලට සහාය දක්වමින්, එම කාන්තාව වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන පිරිස ඉතා අල්පයි. ඒ, වර්තමානයේ මිනිසුන් තුළ තිබෙන ආත්මාර්ථකාමී බව නිසයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබුණේ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන කාන්තාවන්ගෙන් 90%ක්ම ලිංගික හිංසනයට පත්වන බවයි. ඒ අතරිනුත් වැඩිපුරම පීඩාවට පත්ව තිබුණේ පාසල් ළමුන් සහ රැකියා සඳහා බස් රථවලින් ගමන්කරන කාන්තා පාර්ශ්වයයි. මෙවැනි සිදුවීමකට ඔබ මුහුණ දෙනවා නම්, අදාළ පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වීමට අප රටේ පිළිගත් නීති පද්ධතියක් ඇති බව සිහියට නගාගත යුතුයි. ඔබ මෙවැනි අවස්ථාවක වහාම 119 සහ 1938 යන දුරකතන අංකය අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් සහ ළමා කාර්යාංශය නිවේදනය කර තිබෙනවා. ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී බස් රථයේ අංකය සහ අදාළ මාර්ගයේ අංකයද සඳහන් කිරීමට වගබලා ගත යුතුයි. ඒ පිළිබඳ කඩිනමින් විමර්ශන කිරීමට එම අංක ඉවහල් වනු ඇත.

දවසේ පැය ගානක් දුක් විඳලා රැකියාව කරලා දහසක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන ජීවන අරගලයක යෙදෙන අහිංසක කාන්තාවන් ගැන සොයා බලන්න, ඔවුන් ගැන අවධානයෙන් ඉන්න මීටත් වඩා ශක්තිමත් නීතිමය රාමුවක් අපේ රටට අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒ වගේම මෙවැනි තත්ත්වයකදී අප හැසිරිය යුතු ආකාරය ගැනත් මීට වඩා අපි දැනුවත් විය යුතුයි. අතවර වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි.

එවැනි මොහොතක වහාම ක්‍රියාත්මක වෙන්න, ඊට විරුද්ධ වෙන්න, හඬ නගන්න මවුපියන් විසින් දරුවන්ට කුඩා කල සිටම කියා දිය යුතුයි. ඒ සඳහා පාසල තුළින්ද යම් දැනුවත් කිරීමක් දරුවන්ට සිදුවිය යුතුයි. ඒ හරහා තරුණියන්, පාසල් සිසුවියන් තමන්ගේ ආරක්ෂාව සලසාගත යුතු ආකාරය පිළිබඳ මීට වඩා අවබෝධයක් ලබාගනු ඇත. නිරවුල් මනසකින්, වඩාත් ආරක්ෂාකාරී හැඟීමකින් දෛනික කටයුතුවල නිරත වීමටත්, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමටත් කාන්තාවන් වන අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ක්‍රිකට් තහනම් කරවීමේ සිනමන් ග්‍රෑන්ඩ් කුමන්ත්‍රණය අද උදේම විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකළා! ක්‍රීඩා ඇමැති රොෂානුත් ඒක තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් බෝඩ් එකෙන් වැටුප් ගන්නා 15 දෙනෙක් පාර්ලිමේන්තුවේ? I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.